ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතෙන්දි අපි රතු පථයක් ගැන සඳහන් කළා. එතකොට ඒක නැවතත් මතක් කරනවා නම් අපි දන්නවා, අර විඤ්ඤාණය ඉඳන් නිත්‍යභාවය, එතනින් අපි ඒකෙ පසු සඤ්ඤාව හැටියට දිට්ඨි ආශ්‍රවය, එතනින් දිට්ඨි සල්ලයට ඇවිල්ලා, දිට්ඨි සල්ලයෙන් සඤ්ඤාවට ගිහිල්ලා, සඤ්ඤාවෙන් චේතනාව දක්වා එනවා කියන එක. එතකොට ඒ රතු පථය, ඒ කියන්නේ නිත්‍යභාවය මගින් සඤ්ඤාව සනාථ කරනවා නම්, ඉන් අනතුරුව භය අගතිය හරහා වේදනාව සුඛ යැයි කියලා පවසන්නේ, එතකොට “අත්තනි වා රූපං” රූපය අත්තා තුළ, කියන එකට අහංකාරය තුළ රූප සෙවීම වෙන බව පැහැදිලියි. මොකද අපි සඤ්ඤාව සනාථ කළා. භය අගතිය හරහා වේදනාවට ආවා. එහෙනම් උඩ සඤ්ඤාව, යට වේදනාව. එතකොට එහෙම නම් අර කලින් භාවනා කරපු කෙනාට හොඳට තේරෙනවා “අත්තනි වා රූපං” කතාවට අපි ආවා කියලා.
මෙසේ අහංකාරය මගින්, රූප සහ ජාති එකතු කිරීමේ ක්‍රියාවලිය වැටහෙනවා. අර භූත වීම නේ අපි මේ බලන්නේ. මේක අපි 26/09/2016 අමෘතය භාවනාවක් කළා. ඒකත් එක්ක සසඳලා බලනවා නම් අහංකාර නොවන්නේ නම් අත්තානුදිට්ඨිය හරහා දැන් නිත්‍යයි හැඟීම් ඇති නොවන්නේ නම්, විඤ්ඤාණය කිසිවක නොපිහිටයි. මෙසේ නිර්වාණය සාක්ෂාත් කළ හැකියි.
අර නිත්‍ය කතාව ආවේ, අත්තානුදිට්ඨිය හරහා අපි ඇවිල්ලා, වේදනාවෙන් චේතනා වෙලා අර හදපු එක නිසායි ඒක සිද්ධ වුණේ. අන්න ඒ කෑල්ල දෙපැත්තට පෙනෙන්න ඕනෑ. එතකොට ඒක තමයි භාවනාව.
එතකොට ඒ නිත්‍ය වුණේ නම් අපිට පේනවා දිට්ඨි ආශ්‍රවය, ඉතින් දිට්ඨි සල්ල, සඤ්ඤා, චේතනා, දිට්ඨි ආශ්‍රවය, කියන කතාවට එනවා. සඤ්ඤාව සනාථ කරනකොට, සංස්කාරවලට මාන වීම ද සිදු වී ඇත. වට 8ක් ගිහිල්ලා. දැන් සංස්කාරවලට අපි අගය දෙනවා. එතකොට එහෙම නම් අර නටන පුද්ගලයා තම සංස්කාරය මගින් නැටවේ ද එයට ගැළපෙන සිංදුව සෙවීම මෙන් වටහා ගන්නේ, නිර්වාණය නොවන බව ද පැහැදිලියි. ඒ කියන්නේ පුද්ගලයෙක් නට නටා ඉන්නවා නම්, ඒ සංගීත සංදර්ශනවල ඕගොල්ලො දැකලා තියෙනවා නේ, ඒක නවත්වපු ගමන් තව එකක් කියලා ඉල්ලනවා නේ ද. එතකොට ඒ කියන්නේ ඇඟ නැටවෙනවා. ඒ නැටවෙන්න හොඳ සිංදුවක් දෙන්නයි කියලයි කියන්නේ. ඒකට ගැළපෙන එකක්, අර වෙන එකක් දැම්මොත්, එහෙම නිකම් වැඩක් නෑ වගේ, යන්නේ පෙලක් වෙලාවට. බයිලා අහලා හිටියා නම් බයිලෙම තමයි ඕනෑ. අන්න ඒ වගේ, නටන්න ගැළපෙන සිංදුව හොයනවා. සංස්කාරයට ගැළපෙන, අර රූපය, සිංදුව වගේ එක, ඒක හොයනවා.
එතකොට දැන් ඕක ඔය තත්වයට තේරෙනවා නම්, දැන් ඒ පාර අපිට තේරෙනවා අපි මේ මොකකට ද අපි මේ වෙනස කියන එක. දැන් පේනවා ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ භවය ද, භෝගය ද, වෝකාරය ද, අහංකාරස්ස පදට්ඨානං. එතකොට අර රූපයක යම්කිසි වෙනසක් දැකලා, අන්න ඒ වෙනස නිසා තමයි අපි අර අහංකාර කතාවක් එතන ආවේ. අහංකාර වුණා නම් මමංකාරය පැත්තට යන හැටි පේනවා ද? අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර fundamental මේක, පේනවා කොයි තරම් ගැඹුරු ද කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.