Date: 13/10/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම 10/10/2016 නිබ්බාන භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතැන්දි අර අහංකාරය ඇති වීම කියන එක සිහි කළා, භවය, භෝගය, වෝකාරය නිසා. එතකොට සංස්කාරයන් අත්තා යැයි, කියලා වටහා ගත් අවස්ථාවේ ධර්මයට නැවතත් මනස යොමු කළා. ඒකේ මතක ඇති අර අහංකාරය කියන එක, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ තියන තැන. සඤ්ඤාව තියන තැන අපි බැලුවා, a1, දැන් අත්තා සඤ්ඤාව. ඊළඟට චේතනාව තියන තැන b1, දැන් අත්තා චිත්තය, විඤ්ඤාණය තියන තැන c2 පෙර නිත්‍ය දිට්ඨිය කියන එක. එතකොට මේකත් එක්ක විමසලා බලනකොට, අපිට පේනවා, පෙර නිත්‍ය දිට්ඨි, ඒ කියන්නේ c2 නොවූයේ නම්, දැන් අත්තා සඤ්ඤා, අත්තා චිත්ත නොවේ.

ඊළඟට දැන් අත්තා චිත්ත, අත්තා සඤ්ඤා නොවූයේ නම්, පෙර නිත්‍ය දිට්ඨිය නොවේ යැයි කියලා වැටහෙනවා. දැන් මෙතෙන්දි, ඔය පෙර අහංකාර අගය නිසා, පසු අහංකාරය වෙන බවත්, පසු අහංකාරය නිසා නැවතත් අහංකාර වන බවත්, bridge එක බැලුවහම වැටහෙනවා. Bridge එකේ තියෙනවා ඕගොල්ලන්ට මතකයි භවය, භෝගය, වෝකාරය. එතැන්දි පෙන්නනවා මේ රූප, වේදනා, චේතනා කියන එක.

MM_09_09_2016_D1.jpg

ඊළඟට ආපහු අපිට එනවා, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ. එතකොට එතැන පරාමාසය ළඟ අපි, I making, අහංකාරය කියන එක අපි ලකුණු කරනවා. එතකොට ඕකෙ කැපෙන තැන මොකද්ද තියෙන්නේ, ඔය bridge එක cross වෙන තැන. නාමරූප point එකේ තියෙන්නේ සුභය. ඒ සුභය කියන එක අපි නිත්‍ය මගින් සනාථ කිරීම. ඉතින් මේක වැටහෙන්න ඕන. දැන් අපි මේ කතා කරන්නේ අර මේ පැත්තට ගිය වතුර පාර බිත්තියේ වැදිලා, අනෙක් පැත්තට එනවා, 6.4 වෙලා. මතක ද තුෂ්ණිම්භූතයි කියන එක කිව්වේ. අන්න ඒ භූත වෙන්න නේ යන්න තියෙන්නේ නේ ද? ඉතින් ඒ භූත වෙන්නෙ යන්නේ ඇයි? අර සුභය කියන එක නිත්‍ය මගින් සනාථ කරලායි ඒක වෙන්නේ කියන එක තමන්ට පේනවා. එහෙනම් තමන්ට අර මැද්දේ ඒ කොටස පේනවා. ඒ වාගේ ම ඕගොල්ලන්ට පේනවා ඒ සෝකය කියලා ලකුණු කරන තැන. ඒක එනවා විඤ්ඤාණ, පරාමාස, සෝකය. මේ පැත්තෙන් සෝක, වේදනා, රූප. එතකොට උඩ සුභය යට සෝකය කියන එක.

එතකොට අපි දෙවෙනි 4 සලකුණට අපි අවධානය කියන එක යොමු කරලා බැලුවොතින්, ඒකේ අපි දන්නවා දෙවනි 4 සලකුණ. ඒකේ තියෙනවා අපේ, ආපහු නැවතත් මතක් කරගන්නවා නම්, අර ඉදංසච්චය, ඊළඟට පරාමාසය, වේදනා, චේතනා, පල්ලෙහා භය අගතිය කියන එක. එතකොට ඔතන මතක ද, ඉදංසච්චය තියන තැනට අපි ලකුණු කරගත්තා විරිය. එතකොට ඔය 11/07/2016 භාවනාවේ, අපි ඉද්ධිපාද භාවනාව, ඒකේ පෙන්නුවා නේ ඔය විරිය තියන තැන, සමාපත්ති ධර්මයන් පහ කිරීම. විරිය ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා කියලා. විරියෙන් දැන් එන්නේ ඡන්දයට. වේදනාව තියන තැන. එතකොට එතැන තමයි ඡන්ද ඉද්ධිපාදය. අර භාවනාවේ අපි පෙන්නුවා, රූපයට සුඛ යැයි නොපැවරීම. සංස්කාර ඉවතලීම මගින්, ඡන්ද ඉද්ධිපාදය මනා කොට පවත්වනවා.

ඊළඟට උඩ චේතනාව තියන තැන විමංසා ඉද්ධිපාදය. එතැනට එනවා සෑම සංස්කාරයක් ම පරිදේව වන බව දන්නේ, විමංසා ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා කියන එක. පල්ලෙහා චිත්ත ඉද්ධිපාදය තියන තැනට එනවා, රූපය නිසා මම වෙමියි යන්න පහ කරන්නේ චිත්ත ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා කියලා. දැන් ඉතින් ඔය dots ටික යා කරගන්න. අර ඉස්සෙල්ලා කියපු සුභ කතාවත් එක්ක, මේක යා කරලා බලන්න. දෙක දෙක ගන්න pair එක වශයෙන්. එතකොට අපිට පේනවා, නැවතත් පැහැදිලි කරනවා නම්, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය මගින් සමාපත්ති ධර්මයන් පහ කරන්නේ නම්, ඒ විරිය ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා. ඒක 11/07/2016 භාවනාව.

එතකොට මෙතන ඡන්ද ඉද්ධිපාදය ධර්මයන් සමඟ මේක එකතු වෙනවා නම්, සම්බන්ධ වෙනවා නම්, රූපයට සුඛ යැයි පැවරීම පහ වන්නේ, සංස්කාර ඉවතලන්නේ, මෙම ධර්මතා දෙක මගින් සුභ වීම පහ වීම වැටහෙනවා. විරියයි, ඡන්දයයි. කොහොම ද? සමාපත්ති ධර්මයන් පහ කිරීම මගින් නිත්‍යභාවය යනවා. රූපයට සුඛ යැයි පැවරීම සිදු නොකරන්නේ, ඒ සුභයත් සුභය සනාථ කිරීමත් ගිලිහිලා යනවා. දෙන්නා එක්කාහු වෙලා කරන්නේ.

ඊළඟට චිත්ත ඉද්ධිපාදය. ඊළඟ pair එක ගන්න 4 එකේ අනෙක් පැත්තට. චිත්ත ඉද්ධිපාදය මගින් රූපය නිසා මම වෙමියි යන්න මනා කොට පහ වන්නේ නම්, පවත්වන්නේ නම්, ඒ කියන්නේ අපි දන්නවා, ඕක අර සමථ නිමිත්ත මගින් තමයි සිද්ධ වුණේ. අධිචිත්ත ශික්ෂාවේ අර රූපයට නිත්‍යභාවය එකතු කිරීම පහ කළා. ඒ කියන්නේ අර instant එක. සමාපත්ති ධර්මයන්, ඒ කියන්නේ ආකාසානඤ්චායතන ඒ වාගේ ඒවා අපි අයින් කරලා නේ අපි එතෙන්ට එන්නේ. එතකොට සියයට 10 පාර වෙන්නේ නෑ. ඒක නොවෙනවා නම් සුභය කියන එක ඉතා කුඩාවට හෝ නොපවතී. එහෙනම් අල්ප මාත්‍ර ස්වභාවයක්වත් නොපවතී. එසේ නම් චිත්ත ඉද්ධිපාදය මගින් චිත්තයේ සටහන් කිරීමට පළිබෝධ ස්වභාවයක් නැත්තේ වේ. එනමුදු විමංසා ඉද්ධිපාදය මගින් සියලු සංස්කාරයන් පරිදේව වන බව නොදක්නේ නම්, පරාමාසය හරහා සෝකයට පැමිණීම මගින් නවතා ඇති ධර්මයෝ නැවත සෑදීම විය හැකියි.

ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන, අර කිව්වා නේ π අකුරේ ඒ පැත්තේ square එකෙන් මේ පැත්තෙ square එකට එනවා කියන එක. ඒ කියන්නේ වේදනා, නාමරූප, පරාමාස, සෝක. ඔය square එක තියෙනවා නේ. මේ දැන් ඔය අන්තිමට කිව්ව එක, වේදනා, නාමරූප, පරාමාස, සෝක, මේ කෑල්ලෙන් නේ ඇඟිල්ල දික් කරලා “රූපං අත්තතො සමනුපස්සති” කියලා යන්නේ රූපයට. අර තුෂ්ණිම්භූත වෙන්න යන්නෙ ඒකයි. මේකේ සියුම්භාවයක් හරි තිබුණා නම්, මෙයා ගිහිල්ලා රූපයක් අල්ලා ගැනීම කියන එක සිද්ධ වෙනවා. එහෙම නම් විමංසා ඉද්ධිපාදයෙන් කියන්නේ හදන්න එපා. කොච්චර කළත් ඕන ම සංස්කාරයක් පරිදේව වෙනවා. සෝකයට එන්න දෙන්නේ නෑ. එන්න දුන්නෙ නැත්නම් විතරයි මේක ඉවර වෙන්නේ.

ඉතින් ඒක තමයි, ඒ දැන් අපිට මෙතෙන්දි පේනවා එහෙනම් විමංසා ඉද්ධිපාදය මනා කොට පැවැත්වීම වැදගත් බව හොඳට අවබෝධය වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.