ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම කලින් 13 වෙනිදා කරපු භාවනාව, නැවතත් කරගෙන ගියා. එතැනදි, අපි තේරුම් ගත්තා මේ සංස්කාරයන් කියන ඒවා. දැන් අපි දන්නවා බාහිර පුද්ගලයෙක් ක්‍රියාවලියක් එහෙම කරනවා නම්, අපිට ඒ මනුෂ්‍යයා අපි හිතන විදිහට ඒ දේ කරාවි කියලා trust කරන්න බෑ නේ. එතකොට ඒක තමන්ගේ නෙවේ කියන එක තේරෙනවා. අනත්තා කියලා. අන්න ඒ විදිහට තමන්ගේ සංස්කාරයනුත් කල්පනා කරන්න ඕන. තමන්ගේ සංස්කාරත් හරියට ම මේක හදාවි ද කියලා දෙයක් තියෙනවා. ඒ වගේ ම තමයි අපි ඔය තුෂ්ණිම්භූත වෙනවා කියලා කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒකෙ පෙන්නන්නේ, මේ අර scene එක බලාගෙන හිටපු මනුෂ්‍යයා දන්නෙම නැතිව අර මව් කුස ඇතුළට ගිහිල්ලා, මළ මූත්‍රා, අසූචි කාණුවක තමයි. ඊට පස්සේ කල්පනා කරනවා, මේ කවුද හිතුවේ මෙහෙම දෙයක් වේවි කියලා. මනෝමය කායෙන් හිටියේ, දැන් මේක අස්සට ගිහිල්ලා.
එතකොට එහෙනම් අපිට පේනවා සංස්කාර කියන ඒවා trust කරන්න බැහැ. එතකොට ඒ වගේ ම මේ සංස්කාරයෙන් හදන විඤ්ඤාණයත් trust කරන්න බැහැ. එතකොට අනත්තා කියන එක තමන්ට එනවා. එතකොට ඔය ක්‍රියාවලිය අපි ඉගෙන ගත්ත වෙලාවෙ අපි දැක්කා අර සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ, අන්න ඒ කොටසෙදි අපි බැලුවා සඤ්ඤා තියන තැන a1 දැන් අත්ත සඤ්ඤා. චේතනා තියන තැන b1 දැන් අත්තා චිත්ත. විඤ්ඤාණය තියන තැන c2 පෙර නිත්‍ය දිට්ඨිය කියලා. ඉතින් ඕක ඉගෙනගෙන තියෙනවා අපි අර පෙර නිත්‍ය දිට්ඨිය c2, පුරාණ භාණ්ඩ පැවතුණා. අලුත් ඒවා නම් කැඩෙනවා, පරණ ඒවා තිබුණා කියන හැඟීම්. පරණ අල්මාරි එහෙම පැවතුණා නේ. එතකොට අර c2 > c1. අපි එහෙම පවසන්නේ පෙර තිබුණා වූ විඤ්ඤාණය. ඒක තමයි භාණ්ඩය. එතකොට ඒ මිය ගියාට පස්සේ ඒක පැවතුණා, කියලා මුසාවක්. විඤ්ඤාණය මැරිලා ඉවරයි, කලින් එක තිබුණා කියලා මුසාවක් තියෙනවා.
එතකොට අන්න ඒක හොඳට කෙනෙක්ගෙ විමසලා ගත්තොත්, දැන් අපිට පේනවා, ඒක මගින් a1 දැන් අත්තා සඤ්ඤා, b1 දැන් අත්තා චිත්ත සිදු වෙනවා. අලුත් රූපය මගින් විඤ්ඤාණ ධාරාව පැවතීම සිහි කරන්නේ, එය එසේ කළ නොහැකි බව ද, එසේ කිරීමට උත්සාහ කරන්නේ රූපයට සුඛ යැයි පැවරීම, නිත්‍යභාවයක් නිසා නොවේ දැ යි කියලා වැටහෙනවා. වැටහුණා ම කෙනෙකුට නිරෝධය ඇති වෙනවා. මේ විදිහට විමංසා ඉද්ධිපාදය මගින් අපි ඔය c2 > c1 කියන එක අයින් කරනවා. ඒ කියන්නේ පරාමාසයට ඇතුල් වෙනවා කියන එක විඤ්ඤාණය පැත්තෙන්.
ඊළඟට සෑම සංස්කාරයක් ම, ඒ කියන්නේ පරිදේව වන බව දැන, සෝකය ඉවතලීම, චිත්ත ඉද්ධිපාදය මගින් සිදු කරන්නේ ඉතා පහසුවෙන් නිර්වාණය සාක්ෂාත් කර හැකි ය කියන එක පේනවා.
එතකොට මේ භාවනාවේ තමන්ට පේනවා මේ ඉද්ධිපාද හතර වැඩ කරන හැටි. දෙන්නා යුගලය වශයෙන් වැඩ කරන්නේ. විමංසා ඉද්ධිපාදය විසින් සංස්කාර පරිදේව වෙන නිසා, ඒවා එන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඕක ඔය ඉද්ධිපාදවලින් ආපු දේ මේ චිත්තය විසින් සමාදන් වෙලා තියෙනවා, මේ චිත්ත ඉද්ධිපාදය. එතකොට එයා ඒ සෝකය කියන එක පහ කරනවා. ඉතින් ඒ වගේ ම තමයි විරිය ඉද්ධිපාදයෙන් අපි දන්නවා, ඒ සමථ නිමිත්තෙන් එහෙම ඇවිල්ලා මෙතෙන්දි අපි සමාපත්ති ධර්මයන්ගේ පහ කිරීම කියන එක.
ඊළඟට ඡන්ද ඉද්ධිපාදය. එතෙන්ට ආවේ අපි අර රූපයට සුඛය කියන කතාව එහෙම අයින් කරලා. එතකොට එහෙනම් ඔය කෑලි හතර ම සම්බන්ධ වෙලා එන්නේ. ඉතින් ඕක ඔය ප්‍රඥාවෙන් යුතුව බලපු කෙනෙකුට පේනවා, මෙතෙන්ට එනවා කියලා, උඩ අර නාමරූප තියන තැනට අපි සුභයි කියලා කිව්වා. ඒ සුභය සනාථ කරනවා කියනවා. එතකොට ඒ කතාව නැති වෙනවා කියනකොට, “විවේකදස්සී ඵස්සෙසූ,” පල්ලෙහා සෝකය නැති කරනවා කිව්වා ම, “අතීතං නානුසොචති.” අර අපි ඉගෙනගෙන තියෙනවා නේ ගාථාවක්. එතකොට ඒ ගාථාව හොඳට සම්බන්ධ වෙනවා කෙනෙකුට පේනවා. ඉතින් මේ විදිහට අපිට පේනවා චතුත්ථධ්‍යානය. ඒ චතුත්ථධ්‍යාන ඉද්ධිපාද හතර සහගත චතුත්ථධ්‍යානය. අලුතින් එන්නා වූ රූපයක් එක්ක කතාවකුත් නැහැ, පෙර තිබුණා වූ දේත් එක්ක, සෝක කරලා ඒක නැති වෙලා ගිහිල්ලා, ඒකත් එක්කත් reaction එකකුත් නැහැ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්