ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මම බැලුවේ, ඒ කලින් කරපු ධම්මානුපස්සනාවේ කොටසක් කළේ. ඒකේ තියෙනවා මේ ආදීනවය කියන එක අපි බැලුවා, ධම්මානුපස්සනාවේ. එතකොට ඒකේ රූපයේ ආදීනවය කියන එක අපි බලන්න ඕන. අපි දන්නවා ජරාවට පත් වෙනවා කියන එක. එතකොට ඒක අපිට පේනවා මේ අසුභයි. සුභයක් නැහැ, ජරාවට පත් වෙනවා කියන අර්ථයෙන් තමන්ට පේනවා අසුභයි කියන එක.
ඊළඟට අපිට පේනවා, මේ වේදනාව කියන එකේ ආදීනවය. ඒක ඇවිල්ලා අනිත්‍යභාවය. ඊළඟට චිත්තය කියන එකේ ආදීනවයක් තියෙනවා. ඒකෙදි අපි බැලුවා අර මැඩගැනීම නිසා ඇති වෙන්නා වූ උවදුර කියලා. දැන් සංස්කාරවල ආදීනවය වශයෙන් අපි ගත්තා ඒක අනත්තා කියන එක. විඤ්ඤාණයත් අනත්තා කියන එක.
එතකොට දැන් එහෙම නම් මෙතන, මේ ඊයේ භාවනාවත් එක්ක ඕක මං සම්බන්ධ කරගත්තා. ඊයේ භාවනාවේ තියෙන්නේ මොකක් ද, අර නාමරූප කියන තැනට, අපි සුභය කියලා ලකුණු කරගන්නවා නේ. එතකොට ඕක අපි පෙන්නුවා පල්ලෙහා තියෙනවා සෝකය. එතන අපි පෙන්නුවා අර ගාථාවක් එක්ක. මොකක් ද, “නිරාසත්ති අනාගතෙ,” ඊළඟට “අතීතං නානුසොචති, විවේකදස්සී ඵස්සෙසූ,” කියන ගාථාව.
එතකොට ඒ, “නිරාසත්ති අනාගතෙ” කිව්වා ම එතන පෙන්නන්නේ, අර ස්පර්ශය තියන තැන ඉඳන් සුභය කියන තැනට එනවා කියන එක. දැන් බලන්න ඔය ආදීනවයත් එක්ක මේ කියන කතාව. එතකොට රූපයේ ජරාවට පත් වෙනවා කියන ඒ ආදීනවය ස්වභාවය අපි දන්නවා නම්, අසුභයි කියලා දන්නවා නම්, අපි එහෙනම් රූපය නිසා සුභයි කියලා කියන්න යන්නේ නැහැ. එහෙම නම් ඒ නාමරූප ලකුණු කරන point එකට අපි එන්නේ නැහැයි කියන එක තියෙනවා.
ඊළඟට වේදනාවේ ආදීනවය දන්නවා නම්, වේදනාව නිසා මම ඔතනට එනවා කියන කතාවත් නැහැ.
ඊළඟට චිත්තයේ ආදීනවය දන්නවා නම්, ඒකේ උවදුරයි කියලා දන්නවා නම්, සඤ්ඤාව නිසා තමයි මේ චිත්තය සකස් වෙන්නේ. සඤ්ඤාවෙන් චේතනා වෙලා විඤ්ඤාණය. එහෙම නම් මං එතෙන්ට එන්නෙත් නැහැ. මේ තුන් ධර්මයන්ගෙන් අයින් කරාට පස්සේ තියෙන්නේ මොකද්ද, අහංකාරය, ඉතුරු වෙන්නේ. එහෙම නම් අහංකාරය නිසා, අපි දන්නවා අහංකාරය ලකුණු කරන්නේ පරාමාසය ඉඳන් පල්ලෙහා, භය අගතිය තියෙන තැන. ඊට පස්සේ අපි ඕක ඉගෙනගෙන තියෙනවා අර නටන මනුස්සයා නටන්න සිංදුව සොයනවා වාගේ. අන්න ඒක එනවා සඤ්ඤාවයි වේදනාවයි අතරට.
එතකොට දැන් එහෙම නම් මං ඒක නිසා මේ මැද්දට එන්නේ නැහැයි කියන එක තියෙනවා. නාමරූප කියන තැනට, මව සහ පුතා කියන කතාව නැහැ. දැන් ඊළඟට පේනවා අපිට, දැන් විඤ්ඤාණය කියන එකත් අනත්තා. එතකොට ඒ විඤ්ඤාණයෙන් අපි යමක් දැනගන්නවා. එතකොට දැනගන්නේ මොකද්ද අන්තිමට? විඤ්ඤාණය පරිදේව වෙලා අපි දැනගන්නේ සෝකයයි. සෝක වූ ස්වභාවය. එහෙම නම් විමංසාවට එනවා හැම සංස්කාරයක් ම පරිදේව වෙනවා කියලා. අන්න පල්ලෙහා සෝකය කියන තැනට එන්නෙත් නැහැ. එහෙම නම් ඊයේ භාවනාව ලස්සනට සම්බන්ධ වෙලා, තමන්ට පේනවා මේ ආදීනවය ම කොයි තරම් දුරට නිර්වාණය කරා ගමන් කිරීම එතන සිද්ධ කරගන්න පුළුවන් ද කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.