ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම කළේ ඊයේ භාවනාව ම නැවතත් මං කරගෙන ගියා. ඒකේ මතකයි ඕගොල්ලන්ට, අපි ආදීනවය කියන එක තමයි මෙනෙහි කළේ. සංස්කාර අනත්තා කියන එක. එතකොට ඒක බලන්න ගිහිල්ලා රූප, වේදනා, ඒ වගේ ම සඤ්ඤාවෙන් ඒ කියන්නේ චිත්තයෙන් ඇති වෙන්නා වූ රූපයේ ආදීනවය අපි දන්නවා, ඒක අපි සුභයි කියලා ගත්තා. ඒකෙ තියෙන්නේ අසුභය කියන එක. වේදනාවේ ආදීනවය අනිත්‍ය යැයි කියන එක. චිත්තයේ ආදීනවය පරියුට්ඨානය නිසා ඇති වෙන මැඩ ගැනීම නිසා ඇති වන උවදුර. එතකොට ඊළඟට අපි දැක්කා සංස්කාරයේ ආදීනවය අනත්තා කියන එක.
ඉතින් ඕකේ අපි තේරුම් ගත්තා අපි අර නාමරූප තියෙන තැන සුභ කියන තැනට ඇවිල්ලා ඒක සනාථ කිරීම තමයි මේ හැම එකේ ම සිද්ධ වෙන්නේ කියලා. රූපය බැලුවත් අපිට පෙනුණා ඒක සුභයි කියන එක එනවා නාමරූප තියෙන තැනට. ඊළඟට ආපහු වේදනාව මගිනුත් අපි එතනට එනවා. සුභය සනාථ කරනවා අපිට ඇති වන්නා වූ වේදනාවක් නිසා. එතකොට ඔය විදිහට බලාගෙන ගියා ම අපිට පේනවා, මේ අපි පෙලක් වෙලාවට ඔය රූපයක් ජරාවට පත් වෙලා තියෙන්න පුළුවන්, නමුත් ඒ රූපයක් නිසා ඇති වෙන වේදනාවෙන්, අපි අර ජරාවට පත් වෙච්ච රූපය සුභයි කියලා සනාථ කරනවා. ඔන්න ඕක තේරෙනවා අපිට.
ඊළඟට ඔය විදිහට ම අපිට පේනවා, එතකොට සඤ්ඤාවෙනුත් ඔය විදිහට ම ඕක කෙරෙනවා. අර චිත්තය විදිහට බැලුවා ම, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ නේ එතකොට. සඤ්ඤාවෙනුත්, අපි ඕක රූපය ජරා වෙලා තිබුණට සනාථ කරනවා කියලා පේනවා. එතකොට මේ විදිහට බලාගෙන ගියහම දැන්, විඤ්ඤාණයෙන් ගත්තහම, දැන් සඤ්ඤාව කිව්වා ම එතන අත්තා, විඤ්ඤාණයෙන් අපි ඕක දැනගන්නවා. දැන් ජරා වෙච්ච රූපයක් නිසා ඇති වුණු වේදනාවක්, ඒක සනාථ කරන අර්ථයෙන් ම අපිට පේනවා, විඤ්ඤාණයෙන් දැන ගත්තහම එතන තියෙන්නේ, නිත්‍යභාවයක් කියන කතාවක්. ඒක නිසා, පේනවා ද අර රතු පථය ඔස්සේ ආවා, අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රව, සඤ්ඤාව සනාථ කළා, එහෙනම් අත්ත කතාව. මේක අනිත් පැත්තට ඔය විදිහට ම යනවා කියන එක පේනවා. එතකොට අන්න එතෙන්ට එනවා අර, “විවෙක දස්සී ඵස්සෙසූ,” කියන වාක්‍යය. ඒ කියන්නේ ඔය “නිරාසත්ති අනාගතෙ, අතීතං නානුසොචති, විවෙක දස්සී ඵස්සෙසූ, දිට්ඨිසු ච න නීයති,” කියලා, ඒ පුරාභෙද සූත්‍රයේ තියෙන ගාථාවක්.
දැන් එකේ බලන්න පුරාභෙද සූත්‍රයේ, ඕක “විවෙක දස්සී ඵස්සෙසූ,” කියන එක මහා නිද්දේසයේ පැහැදිලි කරනවා. ඇසේ ස්පර්ශය තමා විසින් හෝ, තමා කෙරෙහි හෝ, නිත්‍ය වශයෙන් හෝ වලින් වෙන්න බලනවා කියලා. යලිදු හෝ අතීත වූ ස්පර්ශය අනාගතය හා පවත්නා කල්හි, එතන ස්පර්ශයන්ගෙන් වෙන් කොට බලනවා කියලා. අනාගත වූ ස්පර්ශය, අතීත වූ ද, පවත්නා කල්හි ද, ස්පර්ශයන්ගෙන් වෙන් කොට බලනවා. පවත්නා කල්හි ස්පර්ශය අතීත වූ ද, අනාගත වූ ද ස්පර්ශයන්ගෙන් වෙන් කොට බලනවා, කියලා කියනවා.
දැන් එතකොට ඕක හොඳට බැලුවා ම අපිට පේනවා, ඒ ඇසේ ස්පර්ශය තමා කියලා බලනවා නේ මේ අත්තා කියලා ගත්ත එක මගින් සනාථ කරනවා, අර සුභයි කියලා අර අපි කිව්ව කතාව. ඊළඟට නිත්‍ය කියලා ගත්තහමත් අර ජරා වෙච්ච රූපයක් සුභයි කියලා අපි සනාථ කරනවා. ඊළඟට ආපහු පෙන්නනවා මේ අතීත වූ ස්පර්ශය, අනාගතය හා පවත්නා කල්හි ස්පර්ශයන්ගෙන් වෙන් කරලා බලනවා.
එතකොට දැන් අපිට පේනවා නේ ද, ලස්සනට මේ කතාව මේ මොකක් ද කියන්නේ කියලා. අපි යම්කිසි ආකාරයකට අර නිත්‍ය කියලා එකක් එහෙම ඇති වුණා නම්, ඒක මගින් ආපහු වේදනාව නිසා හරි, සඤ්ඤාව නිසා හරි, ඒ කියන්නේ චිත්තය, එහෙම නැති නම් විඤ්ඤාණය නිසා හරි, නැවතත් අරක සනාථ කරනවා. එහෙම නම් අපි හරියට ම දන්නේ නෑ මේක අසුභය, අසුභය වශයෙන් බලාගන්න දෙන්නේ නෑ කියන එක තමන්ට හොඳට පැහැදිලිව පේනවා. ඉතින් මේක පොඩි දෙයක් නෙමෙයි නේ මේ, විවෙක දස්සී ඵස්සෙසූ.
දැන් බලන්න ඔතන විඤ්ඤාණයේ නිත්‍යභාවය කියන එක එක්ක අපිට සම්බන්ධ කරලා බැලුවායින් පස්සේ අපිට පේනවා, දැන් අපි දන්නවා නම් පරිදේව වෙනවා කියලා හැම සංස්කාරයක් ම, විමංසා ඉද්ධිපාදයෙන්. එහෙම නම් අපිට තියෙන්නේ, අර “සුඛස්‌ස ච පහානා” ඒක වැටෙනවා අර සුභය කියන තැනට. “දුක්ඛස්ස ච පහානා” කියන එක ඇති වෙනවා සෝකය කියන තැනට. විමංසාවෙන් එතන සෝකයට එන්නේ නෑ. “පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා.” පෙර තිබුණා වූ සොම්නසක් දොම්නසක් දෙකේ තියෙන්නේ අත්ථඞ්ගමයක් විතරයි. එතකොට මේක මොකක් ද මේ කියන්නේ?
ඕගොල්ලන්ට මතකයි අර a1, b1. දැන් අත්ත සඤ්ඤා, දැන් අත්ත චිත්ත, ඒක නිසා c2, පෙර නිත්‍ය දිට්ඨි, ඒකයි. අනිත් පැත්තට c2 නැති වෙනවා නම්, පෙර නිත්‍ය දිට්ඨි කතාවක් නැත්නම්, දැන් අත්ත සඤ්ඤා, දැන් අත්ත චිත්ත, කතාව නැහැයි කියන එක, ඒක පේනවා. ඒක තමයි මේ බොහොම ගැඹුරුයි ඒක බැලුවාහම. ඒක නේ අර චතුත්ථධ්‍යානයෙන් මේවා ඔක්කොම නැති කරන එක තියෙන්නේ. ඉද්ධිපාද සහගතව ආපු චතුත්ථධ්‍යානයේ, ඔය ගුණය හොඳට තියෙනවා නේ. ඔය තථාගතයන් වහන්සේගේ චතුත්ථධ්‍යානයේ අර්ථ දැක්වීම කියන එක. ඒක හරි ම ගැඹුරුයි. අතන දිට්ඨිය නිත්‍යයි කියලා ආවා නම් එහෙනම්, අපි සුභය සනාථ කරනවා. නිකන් නෙමේ සනාථ කරන්නේ, හැම එකට ම.
ඒක නිකන් හරියට, මහා ධනයක් බෙදලා දුන්නා වගේ. ඔයා මේක ගන්න මෙයා මේක ගන්න, මෙයා ගන්න. දැන් ඒ හම්බවෙච්ච කට්ටිය ඔක්කොම ගිහිල්ලා අර මේ මනුස්සයා ධනය දීලා කිව්ව වැඩය තියෙනවා නේ. ගෙයක් හදන්න හරි, පන්සලක් හදන්න හරි, මොකක් හරි හදන්න. කට්ටිය වේදනා, සඤ්ඤා, ඔක්කොම එකතු වෙලා අරක හදනවා. නිත්‍යභාවය බෙදලා දුන්නා කෑලි කෑලිවලට. ඒක තමයි පෙනෙන්නේ හොඳ ලස්සනට. ඉතින් මේක තේරුම් ගත්ත මනුස්සයා, විවෙක දස්සී ඵස්සෙසූ කියන එක එනවා. අර චතුත්ථධ්‍යානයෙන් කරන ක්‍රියාවලිය තමන්ට පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්