Date: 20/10/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි කළේ ඒ ධම්මානුපස්සනාවේ දී සාකච්ඡා කරපු ආකාරයට, ආදීනවය කියන එක මෙනෙහි කළා. අපි මේක කලින් සාකච්ඡා කරලා තියෙනවා. රූපයේ ආදීනවය කියන එක අසුභයයි. වේදනාවේ ආදීනවය අනිත්‍යභාවය. චිත්තයේ ආදීනවය පරියුට්ඨානය, කියන්නේ මැඩ ගැනීම නිසා ඇති වන උවදුර. සංස්කාර, විඤ්ඤාණවල ඒ ධර්මයන්ගේ ආදීනවය අනත්ත බව. මෙසේ වුව ද පරිදේව වූ විඤ්ඤාණය මගින් සුභ, සුඛ, නිත්‍ය, අත්තා. ඒ කියන්නේ අහංකාර වශයෙන් රූප, සඤ්ඤා, වේදනා, චිත්ත යන ධර්මයන්ට අනුපිළිවෙළින් බෙදා දීම අපි පෙර සාකච්ඡා කළා. එයා කියනවා රූපයට සුභයි, සඤ්ඤාවට සුඛයි, වේදනාව නිත්‍යයි, චිත්තය අත්තා.

එතකොට මේක හරියට මේ හොඳට ධනය තියෙන පියකු, තම දරුවන්ට ධනය බෙදලා දීලා යම්කිසි කාරණයක්, business එකක් කරන්නයි කියලා කියනවා. ඒ business තමයි ඉතින් අහං සහ මමං කියන business එක. එසේ තමාව පවත්වන්න කියන ආකාරයට අපි වටහා ගත්තා. ඕකේ එක දරුවෙක් මළත් කමක් නෑ, Business එක යනවා. අනිත් දරුවා නිසා හරි, ඒ ක්‍රියාවලිය, business එක පවතිනවා.

මෙසේ නාමරූප ඇති තැන සුභය සනාථ කිරීම, මිය ගිය විඤ්ඤාණය මගින් සිදු කිරීමත්, bell shaped curve එකේ වම් පැත්තේ කොටස සෑදීමත් අපිට වැටහෙනවා. මේක අපි සාකච්ඡා කරලා තියෙනවා 24/09/2016 නිබ්බාන භාවනාවේදි. ඒ bell shaped curve එකේ සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත. ඒ සමථ නිමිත්ත පැත්තෙන් තමයි අර flat වෙලා ඇවිල්ලා අර උඩට peak එක, ද්වේෂය. ඊට පස්සේ බැහැලා යනවා මේ පග්ගහ නිමිත්ත පැත්තට. එතකොට එතන තණ්හාව දක්වා එන ධර්මයෝ පහ කිරීම කියන එක තමයි අපි බලන්නේ සමථ නිමිත්තේ ඉඳන් ඇවිල්ලා. ඊට පස්සේ දකුණු අත පැත්තට යනවා, තණ්හාවෙන් පසුව වන ධර්මයන් පහ කිරීම, bell shaped curve එකේ අර මැරිලා යන්නා වූ ඉතිරි භාගය.

ඉතින් දැන් අපි දන්නවා ඔය හතර වෙනි ධ්‍යානයේ පෙන්නනවා, “සුඛස්‌ස ච පහානා, දුක්ඛස්ස ච පහානා” ඒ කියන්නේ සුභය දක්වා එන ධර්මයන් පහ කිරීම මගින්, තණ්හාව දක්වා එන ධර්මයන් පහ කිරීම කියන එක සිදු වෙනවා. ඊළඟට දෙවෙනියට පෙන්නනවා විමංසා ඉද්ධිපාදය මගින් සංස්කාරයන් පරිදේව වන බව දන්නේ දක්නේ එමගින් සෝක වීම වළක්වනවා. කොයි ආකාරයට ද? පරාමාස හරහා සෝකය දක්වා ඒම වැළකීමෙනි. මෙසේ විමංසා ඉද්ධිපාදය සහිත වූ හතර වෙනි ධ්‍යානය මගින්, සෝකය ඉවත් කරනවා. මෙය මනා කොට වටහා ගන්නේ නම් “පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා” කියන එක වැටහෙනවා. කෙසේ ද? යම් රූපයක් ඇසුරෙන් පෙර යමක් පැවතුණා ද, එය බිඳී ගිය පසු, සෝකය පමණක් සිතේ තැන්පත් වන බව දන්නවා. එය, “නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති,” කියලා මෙනෙහි කරනවා. මේ විදිහට හතර වෙනි ධ්‍යානය දක්වා ම සෑම ධර්මයක් ම බලන්න ඕන.

එතකොට දැන් ඉතින් තමන්ට හිතෙනවා නේ, ආකාසානඤ්චායතන වගේ ධර්මයන් මොකද කියලා. ඒක අපි දන්නවා අධිචිත්ත ශික්ෂාව තියෙනවා නම් ආකාසානඤ්චායතන වැනි අරූප ධ්‍යානයන් අපි පෙර ම ඉවත් කරලා තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන අපිට පේනවා ඔය කාරණා දෙක බැලුවා ම අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය වන්නේ පරිදේව වූ විඤ්ඤාණය මගින් සඤ්ඤාවට සුඛ යැයි පැවරීම කියන එක අපිට වැටහෙනවා. අර පරිදේවය මගින් සඤ්ඤාවට සුඛයි කියලා කියනවා. ඕක නේ අපි කියන්නේ, “සුඛස්‌ස ච පහානා,” කියලා. එතකොට මොකද අර වේදනාවේ අගය අතෙන්ටයි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට පෙන්නනවා, “දුක්ඛස්ස ච පහානා.” අන්න එතනට අපිට පේනවා වේදනාව අනිත්‍ය වූවත් එය නිත්‍යයි පවසනවා. එමගින් ඇති වන්නේ ව්‍යාපාදයක් පමණයි. අර මම කිව්වේ සීයාට වයසට ගිහිල්ලා taste buds ගිහිල්ලා, ජරාවට පත්වෙලා ඉතින් මේක ව්‍යාපාදයක් තමයි තියෙන්නේ. එතකොට, “දුක්ඛස්ස ච පහානා” කිව්වා ම ඔන්න ඔය අර්ථය. මෙම තුන් ධර්මයන්ගෙන් එනම් රූප, සඤ්ඤා, වේදනා මගින් ඇති වූ පුහු අහංකාරය ම අත්තා කියලා විඤ්ඤාණය පවසනවා. මෙසේ අහංකාර වී business එක කරගෙන යනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.