ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම කළේ කලින් මම 20 වෙනිදා කරපු භාවනාවක් තමයි මම කළේ. ඒ 20 වෙනිදා භාවනාවේ තියෙන්නේ ඔය අපි ධම්මානුපස්සනාවේ සාකච්ඡා කරපු කාරණය. ඒ කියන්නේ රූපයේ ආදීනවය, අසුභයි කියන එක. වේදනාවේ ආදීනවය කියන එක, අනිත්‍යභාවය. ඒ වගේ ම චිත්තයේ ආදීනවය, පරියුට්ඨානය, ඒ මැඩ ගැනීම නිසා ඇති වන උවදුර. සංස්කාර, විඤ්ඤාණවල ඒ ධර්මයන්ගේ ආදීනවය, අනත්තභාවය කියන එක, අපි ඕක සාකච්ඡා කළා.
එතකොට අපි ඉගෙන ගත්තා, ඔහොම වුණත්, ඔය මැරිලා වැටිලා පරිදේව වන විඤ්ඤාණය මගින් එයා පවරනවා, රූපයට සුභයි කියලා කියනවා, වේදනාවට නිත්‍යයි කියලා කියනවා, සඤ්ඤාවට සුඛයි කියලා කියනවා. ඊළඟට චිත්තයට අත්තා කියලා කියනවා. ඔන්න ඔය අවස්ථාව හුඟක්, චිත්තයට අත්තා කියන අවස්ථාව හොඳට විමසලා බැලුවා.
අපි ඕක සාකච්ඡා කරලා තියෙනවා, හරියට තාත්තා කෙනෙක් වයසට ගිහිල්ලා, දරුවන්ට මිල මුදල් දීලා කියනවා, මෙන්න මේ business එක කරගෙන යන්න කියලා. මේ business එක කරගෙන යන්න කිව්වහම, ඉතින් ඒ දරුවෝ විසින් ඒ business එක කරගෙන යනවා. එක දරුවෙක් මළා වුණත්, අනිත් දරුවෝ හරි කරනවා. ඒ කියන්නේ සඤ්ඤාව මළාට වේදනාව හරි, වේදනාව මළාට සඤ්ඤාව හරි මේක කරනවා කියන එක තියෙනවා. ඉතින් මම මේකෙ මම වැඩියෙන්, විශේෂයෙන්, විමසලා බැලුවේ, ඔය චිත්තයට අත්තා කියන එක. දැන් බලන්න මේක මැරිලා වැටිලා. පරිදේව වෙච්ච චිත්තය දැන් කියනවා, අත්තා කියලා. එතකොට ඒකෙන් අත්තා කියන එක ගත්තහම, දැන් අපි දන්නවා චිත්තය අර්ථ දැක්වෙනකොට සඤ්ඤාවයි, චේතනාවයි, විඤ්ඤාණයයි. එතකොට බලන්න දැන් සඤ්ඤාව සුඛයි කියලා නේ කියන්නේ.
එතකොට ඒ අර්ථයෙන් ගත්තහම දැන් මෙයා කියනවා, මැරෙන එක මට හොඳයි. පෙළක් මනුස්සයෝ වයසට ගිහින්, අපිට පේනවා, මේ ජරාවේ නම් ඉන්න බෑ තවදුරටත්, මැරෙනවා නම් හොඳයි කියලා. ඒක සුඛයි, ඔන්න ඔය අර්ථය තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා පෙළක් මනුස්සයෝ ජීවත් වෙලා ඉන්නකොට මේ තමන්ගේ ශරීරය damage කරගන්නවා, හූරා ගන්නවා. එයාට හිතෙනවා අර එහෙම කරන එක සුඛයි කියලා. එතකොට ඒක අර සඤ්ඤාවේ සුඛයි කියන අර්ථය. ඒ කියන්නේ දැන් මම මෙහෙම කරලා මැරෙනවා නම් සුඛයි. අර වයසට ගිය මනුස්සයාට තියෙනවා නේ අර්ථයක්, අන්තිම කාලේ හුස්ම ඇද ගන්නත් බෑ, කන්නත් බෑ මැරෙනවා නම් හොඳයි කියන එක. එතකොට ඔන්න ඔය අර්ථය තියෙන්නෙ. එයාට හිතෙනවා මේක මේ, ජීවත් වෙලා ඉන්නකොටත් හිතෙනවා අන්න ඒක තමයි අර රෝගය, ඒ රෝගය හුඟක් ම තදට ගිය එක්කෙනා. ඒ කියන්නේ අර, දැන් චිත්තය ගත්තහම අපි කිව්වා මැඩ ගැනීම, එතකොට චේතනාව කියන තැනට කෙනෙක් කල්පනා කළොත් එහෙම, අර උවදුර කියන එක, ඒ උවදුරට කැමතියි. ඒක සුඛයි.
ඉතින් දැන් ඔය තත්වයට ආවට පස්සේ, දැන් ඔය දෙපැත්ත ම බලලා, ජීවත් වෙලා ඉන්නකොටත් මනුස්සයෝ එහෙමයි, අවසාන මොහොතේත් එහෙමයි. අන්න ඒ තත්වෙට ඇවිල්ලා, ඊට පස්සේ කල්පනා කරලා බලන්න ඕනේ, අපි අර ආයතන භාවනාවේ කළේ. දැන් ඉතින් මේක අත්තා කියලා ගත්තා නම්, ඉතින් චිත්තය. ඉතින් මේක මැරිලා වැටෙනවා නේ එහෙම නම්, අපි මේක, “අජ්ඣොසාය තිට්ඨති,” අපි අල්ලගෙන ඉන්නවා. මතක ද, සඤ්ඤා භාවනාවේ පළවෙනි එක, special එකේ, ගත්තෙ අර සංස්කාර මැරෙනවා, “අභිනන්දති,” ඊට පස්සේ මෝහය “අභිවදති,” මෙතන මේ පරිදේවය, “අජොසාය තිට්ඨති.” ඉතින් ඕකට ඇවිල්ලා තියෙනවා කියන එක. එතකොට එහෙම නම් ජීවත් වෙලා ඉන්න මනුස්සයා, මේ හොඳට ඉන්නවා කියන මනුස්සයාත්, අර මරණ මොහොතේ හිතන මනුස්සයාත්, දෙගොල්ලොම එක ම ආකාරයකට තමයි ඒ විදිහට අල්ලගෙන ඉන්නවා කියන එක තියෙන්නෙ. “අජ්ඣොසාය තිට්ඨති” අල්ලගෙන ඉඳීම කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්