Date: 24/10/2016 Name: Karuna Appamana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට, පූජාවෙන් පස්සේ, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද මං භාවනාවට ගත්තේ 16/07/2016 වෙනිදා කරුණා අප්‍රමාණ භාවනාව. ඉතින් මේ කරුණා අප්‍රමාණ භාවනාවේ, ඒකෙ පෙන්නන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනෙක්, ඒ මෙත්තා චෙතො විමුක්තිය තියෙනවා නම් ඉතා පහසුවෙන් කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියන එක. ඉතින් ඒකේ බලාගෙන ගියහම, ඕකේ අපි සඳහන් කරලා තියෙනවා මේ, සුඛ වන රූප සොයන සංස්කාර කිරීම පහ කරනවා කියලා. දුක තමයි ඇති වන්නේ කියලා දැනගෙන, නැවත නැවතත් දුක්ඛය ඇති වෙනවා කියලා දැනගෙන, සුඛ වන රූප සොයන සංස්කාර පහ කරනවා.

මම ඔන්න ඕක තමයි ටිකක් මෙනෙහි කරලා බැලුවේ. ඒ කියන්නේ අපි දන්නවා දැන්, මතක ද මෙත්තාවෙන් අප්‍රමාණයට යනකොට, අපි පෙන්නුවා අර කූඹියයි අලියායි. අලියා දුකේ ඉන්නවා නම්, අපි කූඹිය ගැන සතුටු වෙනවා. එතකොට අන්න ඒ වගේ ධර්මයක්, කරුණා අප්‍රමාණය සඳහා මොකක් ද ගන්න ඕන කියන එකයි මම මේ කල්පනා කළේ.

එතකොට ඒක බලාගෙන ගියා ම මෙන්න මේ වාක්‍යය රහතන් වහන්සේ දීලා තියෙනවා. “සුඛ වන රූප සොයන සංස්කාර පහ කිරීම.” ඔන්න ඕකයි තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු, මුලින් ම අපිට පේනවා, මේ සංස්කාර නිසා අපි සුඛ වන රූප සොයනවා කියලා.

දැන් උදාහරණයකට ගන්න, කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයෙක් ඒක සඳහා හොඳ වූ, රූපයන් සොයනවා. මෙන්න මේ පුද්ගලයෝ මේ පුද්ගලයෝ කියලා නේ ද? එතකොට අන්න ඒ අර්ථයෙන් කල්පනා කරන්න. ඕගොල්ලො සම්බෝලයක් හදනකොට, කෙනෙක් කියනවා ඔන්න ඔය සම්බෝලය මෙන්න මෙහෙම හදන්න. අමු මිරිස් ටිකක් කපලා දාන්න. පේනවද? මොකක් ද මේ අපි කරන්නේ? සුඛ වන රූපය. ඒකයි අපි මේ කරන්නේ. ඒක සොයන සංස්කාරයත්. මේක කළා ම, මේකෙන් මේක ඇති වෙනවා කියන එක. අන්න ඒක අයින් කරනවා නම්, අපිට මේ කරුණා අප්‍රමාණය කියන එකට යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ හරියට ම ඒ කරුණා අප්‍රමාණය ඒ විදිහට ඇති වෙනවා.

ඉතින් දැන් ඒක අපිට දැන් මේ රහතන් වහන්සේ මේක මුල ඉඳන් ම දීලා තියෙනවා. Special එකේ පෙන්නනවා. කරුණා අප්‍රමාණයට යනකොට, මේ සුඛය තමයි විචාරන්නේ කියලා. ආපහු පෙන්නනවා, අර බාහුව කපනවා කියන එක. බාහුවේ තියෙන්නේ මොකක් ද? වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභයට. මතක ද? ගිද්ධිලෝභයේ ඉඳන් රූපයට අත දික් කරන එක කැපුවහම, අන්න සුභ කියන විමුක්තිය. මෙතන දැන්, අපිට කෙනෙකුට එකපාරට ම තේරෙන්නේ නෑ මොකක් ද මේ වේදනාවයි ගිද්ධිලෝභයයි, මේ දෙක අතර. මොකද මේ ගිද්ධිලෝභය තුළ තියෙනවා අර රූපය සුඛයි කියන කතාව. දැන් අපි ඒක කපලා දානවා.

එතකොට දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ, දැන් ආපහු ඔයගොල්ලන්ට පේනවා, මේ special වැඩසටහනේ අපි බොජ්ඣඞ්ග භාවනාවෙදි පෙන්නුවා, භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන පාර කපනවා, කරුණා අප්‍රමාණය වෙනකොට. එතකොට ඒක කපනවා කියන්නේ මොකක් ද? මේ සංස්කාර නිසා භය අගතියට ආවොත්, භය අගතිය නිසා වේදනාවට එනවා. එතකොට මෙන්න මේ, ඒ කියන්නේ සංස්කාර නිසා අපි වේදනාවන් අපි හදනවා නේ මේ පැත්තෙන්. ඒ වේදනාව මගින් අපිව දුවවනවා. ඔය අර්ථය නේ තියෙන්නේ. එතකොට මේ භය අගතියට ඇවිල්ලා, භය අගතියෙන් වේදනාවට එන එක තමයි අපි මේ කපාගෙන යනවා කියන එක, අපි මුලින් ඉගෙන ගත්තා, කරුණාවෙන් අප්‍රමාණයට එහෙම යනවා කියන එක.

ඒ කියන්නේ ආකාසානඤ්චායතන එහෙම යනවා නම් ඔය විදිහට නේ යැවෙන්නේ. එතකොට දැන් ඔක්කොම එකට connect වෙලා පේනවා. මොකක් ද මේ ගිද්ධිලෝභයයි වේදනාවයි අතර මේක කපනවා කියන්නේ. මොකද අර belt එක කැරකුණා නම්, කබලිංකාර ආහාර, ස්පර්ශ, වේදනා, ගිද්ධිලෝභ කියන එක. මේකේ තැන්පත් වෙනවා අර රූපය මෙන්න මේක සුඛයි කියන කතාව. එතකොට අන්න ඒ සංස්කාර පහ කිරීම තමයි ඒ කරුණා අප්‍රමාණය කියන එකට හේතු වෙන්නේ. ඒ කියන්නේ අර කූඹියයි, අලියායි එතනදි අපි බැලුවා වාගේ. එතකොට එහෙනම් අර සුඛයි කියන කතාව තමයි යන්න ඕන.

ඒක තමයි මං කරපු භාවනාව.