ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා, ඒ පූජාවෙන් පස්සේ.
මම කලින් කරපු භාවනාවක් ම තමයි ආයෙත් කළේ. 17/10/2016 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවෙදි තිබුණේ, ඒ ධම්මානුපස්සනාව. ඒකේ ආදීනවය සිහි කරන එකයි තිබුණේ. එතකොට අපි දන්නවා ඔය රූපයේ ආදීනවය, අසුභයි. වේදනාව, අනිත්‍යයි. චිත්තය ආදීනවය, පරියුට්ඨානය නිසා ඒ ඇති වන උවදුර, මැඩගැනීම නිසා ඇති වන උවදුර. සංස්කාර සහ විඤ්ඤාණයෝ, අනත්තා කියන එක.
එතකොට ඒ රූපයේ ආදීනවය අසුභයි කියන එක අපි බලලා තියෙනවා, ජරාවට පත් වෙලා අසුභ ස්වභාවය. රූපය ජරාවට පත් වෙලා තිබුණාට, ඒ වේදනාව නිසා, ජරාවට පත් වූ රූපය සුභ වශයෙන්, සනාථ කරනවා. එහෙම නම් අපිට වෙන්නේ අර රූප කෙළවරේ ඉඳන් අපි ආපහු නාමරූප තියන තැන, සුභයි කියන තැන සුභයි කියලා අපි කියනවා. එසේ වූ සුඛ සඤ්ඤාව මගින් රූපය සුභ වශයෙන් සනාථ කරනවා. විඤ්ඤාණය මගින් මේක දැනගන්නවා. බැරි වෙලාවත් නිත්‍ය වුණා නම්, ඒ රතු පථය ඔස්සේ ඒ අත්තා කියන සඤ්ඤාව සනාථ කරනවා. එතකොට මේක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා.
ඔය පුරාභෙද සූත්‍රය 2 ගාථාවක් තියෙනවා. “සාතියෙසු අනස්සාවී, අතිමානෙ ච නොයුතො, සණ්හො ච පටිභානවා, න සද්ධො න විරජ්ජති,” කියලා ගාථාවක්. එතකොට ඒ, ඒක සඳහා අපි පොඩි diagram එකක් ඇඳගත්තා, වේදනාව වටා, වේදනා සඤ්ඤා ඒ රේඛාව. අපි එතන පල්ලෙහාට ආවොත්, හරහට වේදනාව ආවා, හරහා අපි තවත් රේඛාවක් ඇන්දොත්, එහෙනම් quadrant 4 කට ඕක බෙදෙනවා. ඉතින් ඒකේ වම් පැත්තේ කියන එකේ අපිට එනවා, උඩ පැත්තේ, ඒ කාමය කියන එක. ඒකට අපි K කියලා ලකුණු කරගත්තා. ඊළඟට දකුණු පැත්තේ අර නාමරූප තියෙන තැන, උඩ පැත්තේ, අන්න එතන L කියලා අපි ලකුණු කරගන්නවා. ඊළඟට වම් පැත්තේ පල්ලෙහා අපි M කියලා දාගත්තා, ඉතින් එතන කාම ආශ්‍රව මගින් පිහිට නොසොයයි කියන එක තමයි තියෙන්නේ. ඊළඟට දකුණු පැත්තේ පල්ලෙහා අපි N කියලා දාගත්තා, ඒකට අතිමාන වෙලා සෝක වීම තමයි අපිට පේන්නේ.
එතකොට ඔය “සාතියෙසු අනස්සාවී,” කියලා කියන්නේ, ඒ කාවහරි මේ තණ්හාව මගින්, දැන් අපි ඇහැ, කණ, නාසය, දිව පිනෙව්වහම ඒක මගින් දුවවනවා, එතකොට ඒකෙන්, ඒ තණ්හාව ඇති වෙන්නේ නැහැයි කියන දේ තමයි, මෙතන පෙන්නන්නේ. ඊළඟට “අතිමානෙ ච නොයුතො,” කියලා කිව්වහම, දැන් “සාතියෙසු අනස්සාවී,” කිව්වහම කල්පනා කරන්න, අර K වල ඉඳන් L වලට යන්නේ නෑ. කාමය නිසා ඒ නාමරූපයන් නැහැයි කියන එකයි.
ඊළඟට ආපහු උඩ නාමරූප නිසා පල්ලෙහා, L නිසා N නොවීම කියන එක තමයි, “අතිමානෙ ච නොයුතො,” අතිමානය මගින් නොදුවනවා කියන එක. ඊළඟට “සණ්හො ච පටිභානවා.” එතන පටිභාන කිව්වහම ඔය සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියන ඒවා භාවිතා කරනවා. ඊළඟට පෙන්නනවා, “න සද්ධො න විරජ්ජති” කියලා. එතන මේ ශ්‍රද්ධාව, කවුරු හරි කියන නිසා නෙමෙයි, මෙතන මේ තමන් අවබෝධ කරගත්ත නිසා තමයි මෙතන මේ පෙන්නන්නේ, ඒක නිසා ඒ විරජ්ජති කියන එක ඕක පෙන්නනවා. ඉතින් සාමාන්‍යයෙන් පුද්ගලයෙක්, ඒ පුද්ගලයා ඇලෙනවා. ඒ සෙඛ පුද්ගලයෙක්, එයා විරාග වෙනවා කියන එක පෙන්නනවා.
එතකොට මෙතන මේ පෙන්නන්නේ, අර අපි L කියන එක area එක, නාමරූප පැත්තෙ නිසා, අර M, කාම ආශ්‍රව තියෙන තැනට එන්නේ නැහැයි කියන එකයි. ඉතින් මේක ආපහු, නැවතත් කල්පනා කරලා බලනවා නම්, කාමය ඇති නම් සුභය සනාථ කර නාමරූපවලට පැමිණෙනවා. මේක නොවන්නේ නම් “සාතියෙසු අනස්සාවී.” නාමරූප ඇති තැන සුභ වුණා නම්, ඒකට ම අතිමාන වෙන බව අපි පෙර වටහා ගත්තා. අපි ඉද්ධි diagrams වල, special එකේ අපි ඉගෙන ගත්තා. සුභ වූ දෙය ම තමයි මානය මගින් හොඳයි කියලා කියන්නේ. මේක නොවෙනවා නම් “අතිමානෙ ච නොයුතො” අතිමාන වෙනවා නම් වෙන්නේ, අහංකාර හේතුවෙන්. දුස්සීලභාවය මේකට ප්‍රත්‍යය වෙනවා. අරක, අහංකාරය හේතුව වෙනවා. එසේ වන්නේ නම් අහංකාරය නිසා, අත්තනි වා රූපං. ඒ කියන්නේ අපි අර පල්ලෙහා, පරාමාසයේ ඉඳන් පල්ලෙහා තියෙන අහංකාරය නිසා, අන්න වේදනා සඤ්ඤා ළඟ අපි, අත්තනි වා රූපං. එතකොට ඒ කියන්නේ අපි මේ රූපය විසින් සනාථ කිරීමක් තියෙනවා, වේදනාව විසින් සනාථ කිරීමක් තියෙනවා, සඤ්ඤාව විසින් සනාථ කරලා, සුභයි කියන එක තියෙනවා. ඔය තුන් ධර්මයෝ අපි අයින් කළා වුණත්, අහංකාරය මගින් ආපහු සනාථ කිරීමක් කියන එක තියෙනවා. ඒක තමයි මේ පෙන්නන්නේ. එතකොට චිත්තයේ ආදීනවය මෙනෙහි කරනවා නම්, සඤ්ඤා නිසා නාමරූප නොවීම, ඒ සුභ නොවීම කියන එක තියෙනවා.
දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ අර අහංකාරය නිසා අර නටන මිනිසා එයට සිංදු සෙවීම කියන එක. මව සහ පුතා. මේකත් පහ වෙනවා නම් අර චිත්තයේ ආදීනවය මනා කොට දැනගන්නවා. පරියුට්ඨානය නිසා උවදුර. මේක දැනගන්නවා නම් අන්න, “සණ්හො ච පටිභානවා” කියන එක එනවා. ඒ කියන්නේ අර බෝධිපාක්ෂික ධර්මයන්. ඒක නිසා අපි අර K වල ඉඳන් L වලට එන්නෙ නැහැ කියන එකයි. “න සද්ධො න විරජ්ජති.” එතන පෙන්නන්නේ මේ L නිසා M වෙන්නේ නැහැයි කියන එකයි. අර නාමරූප කොටසේ ඉඳන් ආපහු M. M කියන එකේ තියෙන්නේ ඔය කාම සඤ්ඤාවන් එහෙම. එතකොට නාමරූප ඇති තැන, කාම ආශ්‍රවය, නාමරූප ඇති තැන සුභ වීම නිසා යම් සංස්කාරයක් මගින් පෙර සුඛ වූ රූප සෙව්වා ද, එය නැවතත් සොයනවා. තමා විසින් ම අවබෝධ කරගත් නිසා එබඳු කිසිදු රූපයක් සුඛ නොවන බව දන්නේ, දක්නේ, එවන් වූ කාම ආශ්‍රවයන්ගේ පිහිට සෙවීම නොකරනවා. එවැනි දහම් මගින් නොදුවනවා කියන එක තියෙනවා. එතකොට අන්න ඒ, ඒක තමයි මං කරපු භාවනාව. අර ගාථාව පුරාභෙද සූත්‍ර 2 හැටියට බලලා, ආපහු දැන් අලුතෙන් අපි හොයා ගත්ත ධර්මයන් එක්ක මේක වටේට බලන එක තමයි මේකේ තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්