Date: 28/10/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළාට පස්සේ, ඊයේ භාවනාව ම තමයි මම අදත් කරන්න කල්පනා කළේ.

ඉතින් ඒ කල්පනා කළා මේකෙ සමුදය, අස්තංගමය කියන එක. ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ හැටියට ඒ ආදීනවයෙන් නේ ඊයේ භාවනාව පටන් අරගෙන තිබුණේ. අද ඒ සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය ඔක්කොම බලනවා කියලා.

සමාධිභාවනා සූත්‍රය අර්ථයෙන් ඒ සඤ්ඤාවේ සමුදය, අස්තංගමය කියන එක බැලුවා. ආස්වාදය කියන එක, රූපයාගේ යම්කිසි ආස්වාදයක් වේ ද, ඒ රූපය නිසා අපිට ඇති වන සුඛය. එතකොට මේ කියන අවස්ථාවේ දී ම තමන්ට තේරෙනවා නේ ඉතින් සුඛයි කියලා කිව්වාට, සත්‍ය වශයෙන් ම අර ආදීනවය කියන එක මතු වෙනවා. එතකොට වේදනාව නිසා ආස්වාදය නිදුක් බව පරම කොට ඇති බව කියන එක, ඒ කියන්නේ ඉතින් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නුවා නේ, ඒ ධ්‍යානයන්ට ගිහිල්ලා කිසිවකුට හානියක් කරන්න හිතන්නේ නැත්නම් කියලා. ඊළඟට ආපහු චෛතසිකවල ආස්වාදය, ඒ පාරිසුද්ධිපධානියඞ්ග ලෙස දැනගන්නවා. අන්න එතනට ආපු ගමන්, සිත නතර වෙනවා. ඒ මොකද, මේ භාවනාවේ තියෙන්නේ ඊයේ භාවනාවේ අර්ථය. මෙතනට ආපු ගමන් කෙළින් ම සිත නතර වෙනවා. ආපහු මොකක්වත් කරන්න බෑ. එහෙම පුදුමාකාර විදිහකට ඒක නතර වෙලා තියෙනවා. මොකද ඒ චෛතසිකවල ආස්වාදය පාරිසුද්ධිපධානියඞ්ග. අන්න ඒ ටික touch වෙනවා.

එතකොට ඒ සංස්කාරවල ආස්වාදය තියෙන්නේ, ඉහත සඳහන් කළ රජනීය වූ ධර්මයන්ගෙන් සිත මුදවාලන සංස්කාරයන්ගේ නිරෝධය. ඉතින් ඕකේ වෙන්නේ මොකක් ද? අර අපි එනවා නේ සංස්කාර අයින් කරනවා කිව්වා ම, ඊයේ භාවනාවෙදි මතක ඇති, “න සද්ධො න විරජ්ජති,” කියන තැනදි, නාමරූප ඇති තැන සුභ වීම නිසා, යම් සංස්කාරයක් මගින් පෙර සුඛ වූ රූප සෙව්වා ද, ඒවා නැවත නොසොයයි. එතකොට ඒ සංස්කාර ඉවතලීම කියන එක තියෙනවා, ඒක නිසා ඒ චේතනාව දක්වා, එන්නා වූ ධර්මයන් සිද්ධ වෙන්නේ නෑ. ඊළඟට අර චෛතසික එක ගැන එතන සිතනකොට පාරිසුද්ධිපධානියඞ්ග ඒකෙන් ම නතර වෙනවා කියන එක.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. බොහෝ වෙලාවක් හිටියේ අර සිත නතර වෙලා තියෙන්නා වූ, ඒ තත්වය. ඊයේ භාවනාව බොහෝ ම ප්‍රබලයි.

ඒක තමයි මං කරපු භාවනාව.