Date: 30/10/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

10/10/2016 නිබ්බාන භාවනාව, ඒකට සිත යොමු කළා. ඒ ඉද්ධිපාද හතර භාවනාව එතෙන්දි මම මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒකෙ ඔයගොල්ලන්ට මතක ඇති අපි බලලා තියෙනවා, ඉද්ධිපාද හතර. එතන මුලින් ම තියෙනවා, ඒ සමාපත්ති ධර්මයන් පහ කරන, ඒ විරිය ඉද්ධිපාදය. සමාපත්ති ධර්මයන් පහ කරනවා නම්, විරිය ඉද්ධිපාදය නොසැලී පවතිනවා කියලා.

ඊළඟට අපි බලලා තියෙනවා, ඒ ඡන්ද ඉද්ධිපාදයෙන්, අර රූපයට සුඛ යැයි කියලා නොපැවරීම, සංස්කාර ඉවතලීම මගින් ඡන්ද ඉද්ධිපාදය මනා කොට පවත්වනවා කියලා. එතකොට ඒ කාරණා දෙක බලනකොට ම බොහෝ ම සතුටුයි. මොකද අර පෝතලිය සූත්‍රයේ අර්ථය. ඒ අපි සුඛ වන රූපයට, සුඛ කියන සංස්කාරයන් නේ හොයන්නේ. ඉතින් ඒක එතන පොඩ්ඩක් බැලුවහම, ඒ මනා කොට ඒක පවතිනවා. එතනින් ඊළඟට, ඔය චිත්ත ඉද්ධිපාදය කියන එක අපි දන්නවා, රූපය නිසා මම වෙමි යන්න පහ කරනවා නම්, චිත්ත ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා. ඊළඟට උඩ තියෙනවා, ඒ සෑම සංස්කාරයක් ම පරිදේව වන බව දන්නවා නම්, විමංසා ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා කියලා.

ඉතින් ඕක කළාට පස්සේ, “සණ්හො ච පටිභානවා,” කියලා ඇහුණා. එතකොට අර ඉද්ධිපාද හතර නිසා පටිභානය කියන එක තියෙනවා. මේ ධර්මයන් බෝධිපාක්ෂික ධර්මයන්. එතකොට චිත්ත ඉද්ධිපාදය ඇති නම් ඒ රෝගී සඤ්ඤාවක් මගේ යැයි නොගනී. එතකොට ඒ ගැනීමෙන් ඇති වන වෙනස චිත්ත ඉද්ධිපාදය මගින් ම දැනගන්නවා. අපි ඕක කලින් සඳහන් කරලා තියෙනවා.

එතකොට දැන් මේකෙ, ඊළඟට තියන කෑල්ල තමයි, “න සද්ධො න විරජ්ජති,” කියන එක. එතන අර විමංසා ඉද්ධිපාදය ඇති තැන, එතන අපි පෙන්නුවා, අර L නිසා M වෙන්නේ නැහැයි කියන එක. නාමරූප ඇති තැන සුභ වීම නිසා යම් සංස්කාරයක් මගින් පෙර සුඛ වූ රූප සෙව්වා ද, ඒවා නැවතත් සොයනවා. තමා විසින් ම අවබෝධ කර ගත් නිසා එබඳු කිසිදු රූපයක් සුඛ නොවන බව දන්නේ, දක්නේ, එවන් වූ කාම ආශ්‍රවයන්ගේ පිහිට සෙවීම නොකරනවා. එවැනි දහම් මගින් නොදුවනවා කියලා අපි කලින් සාකච්ඡා කළා.

එතකොට දැන් ඒක ඉතින් සම්බන්ධ කරගන්න පුළුවන් මම ඊයේ භාවනාවත් එක්ක. අපි බැලුව නේ අර මේ විඤ්ඤාණය අනත්තා කියන එක. ඉතින් ඕකෙ අන්තිමට තේරුම් ගත්ත නේ, ඉතින් මේකෙ තනිකර ම මේ විපල්ලාස දොළහ, අර ගේ හදන කතාවේ එහෙම පෙන්නුවේ නේ ද? එතකොට අන්න එහෙම කළහම ඒ මනස කැපෙනවා, මෙහෙම හරහට, ඒ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පැත්තෙන් මෙතන මේ නිකටේ මෙහෙම වම් පැත්ත. ආපහු ඒ කියන්නේ ඔළුවේ පල්ලෙහා, සතිය තියෙන පලුව නොවෙයි, අනිත් පලුවට ඒ තමන්ට එනවා කියලා බොහෝ ම හොඳට තමන්ට දැනෙනවා. ඒක නිසා මේ කිසිම ආකාරයකින් සෝක කරන්නේ නැහැ. ඒක එහෙම වෙන්න නම් විරිය ඉද්ධිපාදය මගින්, අර සංස්කාරයන් කියන ඒවා අර සමාපත්ති ධර්මයන් කියන ඒවා අයින් කරන්න ඕන.

එතකොට විමංසාව මගින්, මේ සංස්කාරයන් පරිදේවය කියලා එන්නෙ නැති වුණාට එහෙනම් පේනව නේ, අර විඤ්ඤාණයේ ඉඳන් ඒ රේඛාවෙන් බෙදෙන හැටි නේ ද? එතකොට අර ආපහු maintain කරන්න වගේ, ඒ පැත්තෙන් එන්නේ නැති තත්වය කියන එක තියෙනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_PurabhedaSutta2_Diagrams/S_PurabhedaSutta2_Diagrams-02.jpg