Date: 31/10/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

10/10/2016 නිබ්බාන භාවනාවට සිත යොමු කළා. ඉද්ධිපාද හතර භාවනාව, ඊයේ වගේ භාවනාව. නැවතත් මතක් කරනවා නම්, ඒ විරිය ඉද්ධිපාදය අර ඉදංසච්ච තැන ලකුණු කරන එක, සමාපත්ති ධර්මයන් පහ කිරීම, එතකොට විරිය ඉද්ධිපාදය නොසැල්වී පවතිනවා. ඊළඟට වේදනාව තියෙන තැනට අපි එනවා, අර ඡන්ද ඉද්ධිපාදය. රූපයට සුඛ යැයි නොපැවරීම, සංස්කාර ඉවතලීම මගින් ඡන්ද ඉද්ධිපාදය මනා කොට පවතිනවා.

ඊළඟට පල්ලෙහා, භය අගති තැන, චිත්ත ඉද්ධිපාදය. රූපය නිසා මම වෙමි යන්න පහ කරනවා. චිත්ත ඉද්ධිපාදය නොසැල්වී පවතිනවා. උඩ චේතනා තැන, විමංසා ඉද්ධිපාදය. සෑම සංස්කාරයක් ම පරිදේව වන බව දන්නේ, විමංසා ඉද්ධිපාදය නොසැල්වී පවතිනවා. එතකොට ඊයේ භාවනාව වගේ ම, සෝකය දක්වා පැමිණීම නතර වන කාරණා දෙකක් අපි ඊයේ බැලුවා.

පළවෙනි එක විරිය ඉද්ධිපාදය. සමාපත්ති ධර්මයන් පහ කිරීම. දෙවැනි කාරණය සෑම සංස්කාරයක් ම පරිදේව වන බව දන්නේ දක්නේ විමංසා ඉද්ධිපාදය මගින් පරාමාසය හරහා සෝක නොවීමත්, යන දෙයාකාර ධර්මයන්ට චිත්ත ඉද්ධිපාදය ධර්මයෝ එකතු වුණා. රූපය නිසා මම වෙමි, අන්න ඒක පහවන්නේ නම්, අධිචිත්ත ශික්ෂාව මගින් වටහා ගන්නා ලද අනිත්‍යභාවය එසේ ම නොසැල්වී පවතී. එනම් නිත්‍ය වූවා නම්, සඤ්ඤාව සනාථ කරමින් අර දිට්ඨි සල්ලය හරහා නැවතත් රූපය නිසා මම වීම සිදු වෙනවා. මෙසේ වීම චිත්ත ඉද්ධිපාදය මගින් වළක්වයි. පියා දරුවන්ට ධනය බෙදා දී, business පැවැත්වීම ලෙස අපි මේක පෙර සාකච්ඡා කරලා තියෙනවා.

මේ අවස්ථාවේ දී, විරිය ඉද්ධිපාදය මගින් සමාපත්ති ධර්මයන් පවා පහ කරන බැවින්, පලාස කළ හැකි සංස්කාරයක් නොමැති වීම නිසා පලාසය ඉවත් වීම ද මනා කොට වැටහුණා. එනම් විරිය ඉද්ධිපාදයේ සතුරන් දෙදෙනාගෙන් එක් අයෙකු පහ වුණා. කුලමච්ඡරිය නැමැති අනෙක් හතුරා ඉවත් කිරීම ඉහත සඳහන් කළ අයුරින් චිත්ත ඉද්ධිපාදය මගින් සිදු කරනවා. මෙය සඤ්ඤාව සනාථ නොකිරීම මගින් සිදු කරනු ලබනවා. ඉතින් අර චෙතො විමුක්තිය මනා කොට ඇති වෙලා තියෙනවා. හොඳ පිරිසිදු සිතක් ඇති වෙනවා, ඒ අවස්ථාවේ දී.

ඒක තමයි මං කරපු භාවනාව.