Date: 05/11/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

16/04/2016 නිබ්බාන භාවනාවේ දී, අට වෙනි ධ්‍යාන ඵල ලාභියාට, දුක්ඛ table එක මොන ආකාරයට ද බලපාන්නේ කියන එක සාකච්ඡා කරලා තියෙනවා. ඒක නැවතත් මතක් කරගන්නවා නම්, එයා දක්ෂ වෙලා තියෙන්නේ, අර පළවෙනි row එකේ ඕලාරික සුඛ වේදනාව මගේ යැයි කියලා ගන්නේ නෑ. සැකයක් නෑ. දෙවෙනි row එකේ ඕලාරික සුඛ වේදනාව නිසා වන නිත්‍යභාවයක් නෑ, සැක නෑ. තුන් වෙනි row එකේ ඕලාරික සුඛ වේදනාව නිසා අත්තභාවය නෑ. එම අත්තභාවය නිසා වන නන්දිය නෑ. හතර වෙනි row එකේ අහංකාරය සඤ්ඤාවක් ලෙස නොපවතිනවා, එම අහංකාර සඤ්ඤාව ගැන සැක නැතෙයි කියලා තියෙනවා.

එතකොට අට වෙනි ධ්‍යානය නිසා සංස්කාර නිසා හටගන්නා වූ, සූක්ෂම වූ නිත්‍යභාවය, ඒ පුද්ගලයාට බලපානවා. ඒ නිසා ඇති වෙන්නා වූ නන්දිය ඇත කියලා අපි ඒකෙ ඉගෙන ගත්තා. එතකොට මේ අවස්ථාවේ දී අපිට පේනවා ඔය හතර වෙනි row එකේ අපි ලියලත් තියෙනවා, නමුත් ඒ පුද්ගලයත් ඔය රූපයට සුඛ යන අදහස එකතු කරලා අවසානයි. අර වට අටක් ගියායින් පස්සේ, reverse වෙලා ඇවිල්ලා ඕක සිද්ධ වෙලා තියෙනවා.

එතකොට දැන් අපිට පේනවා, මේ 08/07/2016 නිබ්බාන භාවනාවත් එක්ක අපි විමසලා බැලුවොත්, ජූලි මාසේ කරපු එකේ, ඒ සඤ්ඤාවට තැන දීමක් නැති වුවත්, අගයක් දීමක් නැති වුවත්, මිය ගියා වූ විඤ්ඤාණය මගින් ම එපා කියන ලද්දා වූ රූප, වේදනා, සඤ්ඤා ඔස්සේ ම, ඒ පථය රූප පතන බව වැටහෙනවා. Reverse වී පැමිණි විඤ්ඤාණ ධාරාව මෙසේ දක්ෂ වී, රූප ම සොයනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා, රූපයේ අනිත්‍ය බව දන්නේ යම් ප්‍රමාණයකටයි. වඩු බාස්ගේ කතාව වගේ, අර ලී තුනක් ගැන අපි කිව්වේ. ඒ ගැන දැන ගැනීමට කැමැත්තක් නැත.

එම රූපය නිසා හටගත් වේදනාවෝ ද troublesome, ප්‍රශ්න තියෙනවා. ඒවා සඤ්ඤාවෙන් දැන ගැනීමට අකමැති ය. මේක හරියට යම්කිසි පුද්ගලයෙක් කර්මාන්තය නිසා ඇති වන සුඛය, කර්මාන්ත ශාලාව ගැන මේක හොඳයි කියලා මේ විදිහට, ඒකේ ලාභයට කැමතියි. එම ආයතනයේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දැනගන්න කැමති වෙන්නේ නෑ. ඒ අයට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා, strike අරවා මේවා ඒ අය හරියට වැඩ කරන්නේ නැහැ. අන්න ඒ ආකාරයට තමයි මේකත් කල්පනා කරන්න තියෙන්නේ.

ඉතින් මේ භාවනාව මෙහෙම කළා ම, ප්‍රඥා විමුක්තිය මනා කොට පවතිනවා. ඒ වගේ ම සිත හරි සාමකාමී. ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg