ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස, වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට අද භාවනාවේ දී මම මෙනෙහි කරලා බැලුවේ සමුදය අස්තංගමය කියන එක, අර ධම්මානුපස්සනාව. එතකොට ඒකෙ මම පටන් ගත්තේ ඔය ආකාසානඤ්චායතනය වගේ සඤ්ඤාවක, සමුදය අස්තංගමය කියන එක. ඉතින් ඒක බලාගෙන යනකොට විඤ්ඤාණඤ්චායතනයෙහි ආලෝකය සහගතව ඒකේ සමුදය අස්තංගමය කියන එකේ පොඩි වෙනස්කමක් එහෙම වෙනවා නම් ඒකට ප්‍රතිචාර දක්වනවා කියන අර්ථයෙන් මම බලාගෙන ආවා. ඉතින් හත් වෙනි ධ්‍යානයටත් ඇවිල්ලා ඒකෙත්, සමුදය අස්තංගමය බැලුවා, ඒ සඤ්ඤාවේ එහෙම, ආකිඤ්චඤ්ඤායතනය. ඔළුවේ වෙනස්කම් ඒ විදිහට ඇති වුණා. ඉතින් මම කල්පනා කළා, අපි මේ, සමුදය අස්තංගමය කියන එක බලන්නේ, අභිනන්දනා කරන්න නම් මොනවා හරි තමන්ට ඉතින් ඒකේ, අභිනන්දනා කළ යුතු දෙයක් තියෙන්න ඕන.
ඉතින් දැන් පේනවා මේකේ අභිනන්දනා කරන්නේ අපි එහෙම නම්, අර අපි ඉගෙන ගත්තා නේ මේකෙ ආස්වාදයයි කියලා. එහෙම නම්, රූප කොටසක නම් අපි ආස්වාදය අර සුභයි කියන එක අභිනන්දනා කරනවා. ඊළඟට ආපහු ගත්තායින් පස්සේ, ඒ වේදනාවේ අපි දන්නවා, satisfaction එක ආස්වාදය කියන එක, අර ධ්‍යානයන්ට ගිහිල්ලා කාටවත් හානි කරන්න හිතන්නේ නැත්නම් කියන එක. ඊට පස්සේ ආපහු අපිට පේනවා, ඒ චිත්තයේ ආස්වාදය කියන එක ගත්තහම, ඉතින් පාරිසුද්ධිපධානියඞ්ග කියන එක. එතකොට එතන ඒ පධානියඞ්ග ධර්මයන් හතර, ඒක අභිනන්දනා කරනවා. ඊළඟට ගත්තායින් පස්සේ, ඉතින් සංස්කාර විඤ්ඤාණය කියන ඒකෙ පෙන්නුවේ ඒ ආස්වාදය කියන එක අර රජනීය ධර්මයන්ගෙන් සිත මුදවාලන, සංස්කාරයන්ගේ නිරෝධය කියන එක. ඒවා තමයි අපි අභිනන්දනා කරන්නේ.
එහෙම නම් දැන් අපිට පේනවා තාමත්, අපි මේ සකස් කරන දෙයක, නිරෝධය තමයි අපි අභිනන්දනා කරන්නේ. හදාගත්ත දෙයක නිරෝධය. එතකොට ඒක හරි යන්නේ නෑ නේ. සමුදය අස්තංගමය කිව්වහම, තමුන් කල්පනා කරන්න ඕන, මේක අපි හදන්නේ නැති වෙන්න ඕන. හදාගෙන ඉවර වෙලා, ඒකෙ නිරෝධයක් අභිනන්දනා කරනවා වෙනුවට, හදන්නේ නැති වෙන්න ඕන කියන එක, මම මේ කල්පනා කළා. මොකද බැරි වෙලාවත් හැදුවා නම්, එහෙම නම් භූත වුණා. තුෂ්ණිම්භූත වුණා කිව්වේ.
එතකොට එතන අර රූපයයි, ජාතියයි, වේදනාවයි. එහෙම නම් එතන පේනවා අපේ ජාතියයි, වේදනාවයි අතර තියෙනවා, රාග අනුසය. එතකොට එහෙම නම් මේ කොටස්වල අභිනන්දනා කිරීමක් වෙනවා. ඒක නොකෙරෙනවා නම් විතරයි මේකේ නිර්වාණය.
ඔය වෙලාව වෙනකොට අර විමුක්තීන් විතරක් නෙමෙයි, කූඤ්ඤය එනකම් ම තදට ඇති වෙනවා. ඒක තමයි මං කරපු භාවනාව.