Date: 08/11/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස, වැඩ වාසය කරනවා යැයි, කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා, අපි ඊයේ භාවනාවේ දී බැලුවේ, මේ අභිනන්දනා කිරීම. ඉතින් එතන අපිට පෙනුණා මේ රූපය, අර ආස්වාදය, ඒක සුභයි කියන එක, හැබැයි ඉතින් අපිට පේනවා, තථාගතයන් වහන්සේ පෙන්නුවේ, ඒ රූපය නිසා සුඛයක් සොම්නසක් ඇති වෙනවා. සුභ වෙච්ච පලියට හරියන්නේ නෑ, ඒක නිසා සුඛයක් සොම්නසක් තියෙන්න ඕන.

එහෙම නම් රූපය ගැන බලනකොට අපි වේදනාව ගැන තමයි, කතා කරන්නේ යම්කිසි ආකාරයකට. ඊළඟට වේදනාවේ ආස්වාදය කියන එක අපි කතා කරනකොට පේනවා, අර තමන් ගිහිල්ලා ඔය ධ්‍යානයන්ට ගිහිල්ලා කාටවත් හානි කරන්නේ නෑ. එහෙම නම් ඒ කියන්නේ හදන්නා වූ වේදනාව සඳහා චිත්ත සංස්කාර. ඒ හදන්නා වූ සංස්කාරයකින් කාටවත් හානි වෙන්නේ නැත්නම් තමයි, එතන ඒකේ ආස්වාදය.

ඊළඟට ආපහු පේනවා, චිත්තයේ ආස්වාදය පාරිසුද්ධිපධානියඞ්ග. එතකොට ඒ කියන්නේ මේ විදිහට සංස්කාරයන් හදලා, ඒ සංස්කාරයන් නිසා යම්කිසි විමුක්ති ස්වභාවයක් තියෙනවා නම් තමයි එතන තියෙන්නේ.

ඊළඟට ආපහු පේනවා, සංස්කාරවල ආස්වාදය කියනකොට, මේ රජනීය ධර්මයන්ගෙන්, දැන් ඉස්සෙල්ලා කිව්වා විමුක්ති සහගත ධර්මයන්ගෙන් ඒවායින් නිරෝධය කියන එක. ඒ කියන්නේ එක step එකක් ඉස්සරහට යනවා. රූපය ගැන කතා කරනකොට වේදනාව. වේදනාව ගැන කතා කරනකොට චිත්ත සංස්කාර. ඔය විදිහට ගිහිල්ලා, බලලා දැන් ඊයේ භාවනාවත් එක්ක, අර භූත වීම පෙන්නුවා නේ. ඒ භූත වීම කියන එකේ තියෙනවා, අර රූපයයි, වේදනාවයි, ජාතියයි. එතකොට ඒ වේදනාවයි, ජාතියයි අතර රාග අනුසය. අපි එහෙනම් මේක අභිනන්දනා කරනවා. මේක අභිනන්දනා කරොත්, ඉතින් අපිට නන්දිරාගය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මේක නිසා මම මැරිලා ඉපදෙන්න තියෙනවා. අන්න ඒ වෙලාව වෙනකොට ඉතින්, විමුක්තිය කියන එක බොහොම strong වෙලා, තමන් නිරෝධයට යන ස්වභාවය කියන එක, ඒක ඇති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.