පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ පෙරේදා දිගට ම කරපු භාවනාවන්. ඊයේ භාවනාවෙන් මම පටන් ගත්තා. ඊයේ භාවනාව නැවතත් කියාගෙන යනවා නම්. එකේ තියෙන්නේ, මම වාඩි වුණේ නම්, 7 වෙනිදා භාවනාව කරනවා කියලා. හැබැයි ඊයේ භාවනාවේ දී, ඒ කොහේහරි ගෙදරක music එකක් නිසා ශබ්දයක් ඇහුණා. ඉතින් ඒ වෙලාවේ, මට ඇහුණා අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියලා. මං ඒක මෙනෙහි කළා. එතකොට ඒක නැවතත් මතක් කරනවා නම් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට එන එක.
එතන අපි කාරණා හතරක් බලලා තියෙනවා. යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදවීම පිණිස වෑයම් කළ යුතුයි, උපෙක්ඛා නිමිත්ත. යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතු ය, අව්‍යාපාද විතක්කය. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතු ය, අධිචිත්ත ශික්ෂාව. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතු ය, පග්ගහ නිමිත්ත.
එතකොට දැන් උපෙක්ඛා නිමිත්ත කියන එක, මේකේ මෙනෙහි කරනකොට, මේ වගේ ශබ්දයක් නිසා ආශ්‍රවයන් හටගන්නා බව දන්නේ, දක්නේ, කිසිවෙකුටත් නොබනිමි. පරුෂා වාචා නොකරමි යැයි සිතන්නේ සිත උපෙක්ඛා අප්‍රමාණයට පත් වුණා. අව්‍යාපාදය විතක්කය සිහි කරන්නේ, දෝසය බැස යනවා. සිත සතුටින් භාවනා කළ හැකි යැයි පෙර සිතුවා ද, එය එසේ නොවන බව දැන ගත යුතු ය. “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසංහරණං අයං අදොසො.” පෙර භාවනා නිසා ඇති වූ සතුටින්, යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතු ය.
ඊළඟට අධිචිත්ත ශික්ෂාව සිහි කරන්නේ, මගඵල චිත්තයෝ නැංවිය යුතුයි. සමුදය අස්තංගමය ඇති බව දත යුතුයි. මේ වෙලාවේ දී ඔය 7යි, 8යි, නොවැම්බර් මාසේ 2016, ඒ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා, විමුක්තිය ඇති වුණා. මේක උපෙක්ඛා චෙතො විමුක්තිය. කුමක් නිසා ද? පග්ගහ නිමිත්ත මනා කොට වැඩී ඇති නිසා ය. 8 වෙනිදා භාවනාවේ දී අපි ආස්වාදය කියන එක බලලා තිබුණා, එතකොට ඒකෙ අපි අවසානයට පෙන්නුවේ මේ සංස්කාරවල ආස්වාදය. ඒ කියන්නේ විමුක්ති සහගත වූ රජනීය ධර්මයන්ගේ නිරෝධය බව අපි වටහා ගත්තා.
එතකොට මේක චූළසුඤ්ඤත සූත්‍රයේ ආශ්‍රව නසන අවස්ථාවේ තථාගතයන් වහන්සේ පවසා ඇති ආකාරයෙන් තමයි, අපි ඒක තේරුම් ගන්න ඕන. අර ප්‍රඥා විමුක්තියට ගිහිල්ලා, එතැන දී එයා ඒ කල්පනා කරනවා, මේ ප්‍රඥා විමුක්තියත් අභිසන්කෘතයි, අභිසන්චේතසිකයි, කියලා. ඒක තමයි මේ පෙන්නන්නේ. එතකොට මේ සංස්කාරයන් නිරෝධ වන්න නම්, අවිද්‍යා නිරෝධයෙන් පමණක් බව තමන්ට වැටහෙනවා. “අවිද්‍යා නිරොධො, සංස්කාර නිරොධො” කියන එක. එතකොට ඒක තමයි, මගේ ඊයේ භාවනාව.
ඉතින් ඔය භාවනාව අද සම්බන්ධ වුණා, දැන් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා නේ, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන භාවනාව. ඒකත් එක්ක විමසලා බැලුවහම, ඒකෙ අපි පෙන්නනවා ඔය පියෙහි විප්පයොගය තුළ තියෙනවා මිච්ඡා දිට්ඨිය. එතකොට පියෙහි විප්පයොගයෙන් තමයි අපි ජාතියට එන්නේ, ජාති දුක්ඛ පියෙහි විප්පයොග. අපි යන්නේ එතනට. එතකොට දැන් අපි කල්පනා කළා, පියෙහි විප්පයොගය තුළ මිච්ඡා දිට්ඨිය තියෙනවා. මිච්ඡා දිට්ඨිය තුළ තියෙනවා සුඛයි කියන එක.
මතක ද අපි පෙන්නුවා නන්දිරාගය පැහැදිලි කරනකොට පෙන්නුවා, සක්කාය දිට්ඨිය තුළ සුඛයි කියන එක තියෙනවා. අන්න ඒ සුඛයි කියන කතාවට තමයි, අපි රාගය වෙලා නන්දිරාගය කියන එක ඇති වෙන්නේ. දැන් ඒ පාර අපිට තව පොඩ්ඩක් පේනවා. එතෙන්දි අපිට පේනවා, මේක එන්නේ පරාමාසය හරහා. පරාමාස, සෝක එතනින් පියෙහි විප්පයොගයට එන්නේ. එතකොට එහෙනම් මතක ද? ඉතින් සෝකය තියෙන තැනට ඉද්ධිපාදවලින් අපි පෙන්නුවේ එන්නේ නැතුව ඉන්න හදනවා කියලා.
දැන් එතකොට පරාමාසයට එන්නේ මොකක් ද? එක පැත්තකින් සුඛයි, අනෙක් පැත්තෙන් සංස්කාර නිත්‍යයි කියලා. Begging the feeling ඕක තමයි එන්නේ. ඒක ආවයින් පස්සේ, ඉතින් පියෙහි විප්පයොගයට ආවා. ඉතින් ඒක නිසා අපි ආපහු, ජාතිය කරා ගමන් කරනවා. එතකොට අවිද්‍යා පච්චයෙන් ඒ විදිහට සංස්කාර. ඉතින් එහෙනම් අපිට පේනවා අර පෝතලිය සූත්‍රයේ 4.4. ඒකේ present moment එකේ වෙන්නා වූ එකේ දරුණුකම කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.