ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි, වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ මතක ඇති අවසානයට අපි සඳහන් කළා. අර පරාමාසය හරහායි මේ මිච්ඡා දිට්ඨිය පැමිණෙන්නේ කියලා begging the feeling කියන එක අපි සාකච්ඡා කළා.
එතකොට ඒක මම පොඩ්ඩක් diagram එකක් වශයෙන් ලකුණු කර ගත්තොතින් දැන් අපිට පේනවා මුලින් ම ගත්තහම මෝහ අගතියේ ඉඳන් සංස්කාර දක්වා එතන එන්නා වූ රේඛාව, ඒක තමයි මිච්ඡා දිට්ඨිය, Line 6. එතකොට ඕක තමයි පරාමාසයට ආවේ. එතකොට ඒ පාර අපිට පේනවා ඉතින් සංස්කාර නිත්‍යයි කියලා පරාමාස වෙනවා, වේදනාව සුඛයි කියලා පරාමාස වෙනවා. එතකොට සුඛයි කියලා පරාමාස වුණා නම් පල්ලෙහාට යනවා අත්තා, ඒ කියන්නේ පරාමාස ඉඳන් භය අගතියට. භය අගතියෙන් එනවා සෝකයට. දිට්ඨි අනුසය පාර. එතකොට ඒ සෝකයට ඇවිල්ලා තමයි පියෙහි විප්පයොගය කියන එක තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මිච්ඡා දිට්ඨිය කියන එක අපිට මේ පරාමාසය හරහා පියෙහි විප්පයොගයට එනවා කියන අර්ථය තියෙන්නේ, සෝකය හරහා එන එක. ඉතින් 4.4 ජාතිය.
එතකොට දැන් මම අද භාවනාවේ දී කළේ, ඔය අපි කල්පනා කළා නේ සමුදය අස්තංගමය නේ අපි බැලුවේ. එතකොට ආස්වාදය කියන එක බලනකොට තමයි අපි කිව්වේ රූපයේ ආස්වාදය කියන එක, රූපය නිසා ඇති වන සුඛය සොම්නස කියන එක. එතකොට එකක් ඉස්සරහට යනවා. වේදනාවේ ආස්වාදය බලනකොට චිත්ත සංස්කාරයන් හදලා කාටවත් හානි කරන්නෙයි කියලා හිතන්නේ නැති එක. ඒ සංස්කාරවලින් හානියක් නොකරනවා කියන එක.
ඊළඟට චිත්තයේ ආස්වාදය කියන එක බලනකොට, අපි පෙන්නුවා පාරිසුද්ධිපධානියඞ්ග හතර. එතකොට ඒකෙ, විමුක්ති ස්වභාවයට ඇති වෙලා. ඊට පස්සේ ඉතින් සංස්කාරවල ආස්වාදය කිව්වහම අපි කිව්වා, මේ රජනීය ධර්මයන්ගෙන් තියෙනවා, මේ විමුක්තීන් ඇති වෙලා තියෙනවා, අර චූල සුඤ්ඤතයේ අවසානය ඒක වගේ ඒකත් සකස් කළා කියන අර්ථය, තේරුම් ගැනීම එතන තිබුණේ, එතකොට ඒ සංස්කාරයන්ගේ නිරෝධය.
එතකොට ඉතින් අපි ඕක සාකච්ඡා කළේ, අවිද්‍යා පච්චයෙන් සංස්කාර කියලා. ඉතින් දැන් ඉස්සෙල්ලා කිව්ව diagram එකේ හොඳට තමන්ට පේනවා අර මෝහ අගතියෙන් ඉඳන් මිච්ඡා දිට්ඨිය, අන්න අවිද්‍යාව. අවිද්‍යා පච්චයෙන් සංස්කාර. සංස්කාරයන් නිත්‍යයි කියන එක.
එතකොට දැන් ඉතින් ඔය සංස්කාරයෙන් තමයි ඉතින් විඤ්ඤාණය හැදෙන්නේ. එතකොට එහෙනම් අපි අර bell shaped curve එකේ මතක ද? A, B, C කියලා තුනක් ගත්තා. එතකොට A point එකේ අර වේදනාව, එතන සංස්කාර පච්චයෙන් විඤ්ඤාණය කියන එක. උඩ B point එක විඤ්ඤාණ පච්චයෙන් නාමරූප. ඉතින් පල්ලෙහා C එකේ සළායතන කියන එක. එතකොට ඔය A, B, C කියන point තුනේ ගත්තහම, ඔය A ඉඳන් B එක අපි ජාතිය කිව්වා, B ඉඳන් C එතන ඒ ජරාව නේ ද.
එතකොට දැන් අපිට පේනවා මෙතන A point එකයි C point එකයි දෙක ම එක line එකේ නෙමෙයි තියෙන්නේ. Horizontal line එකක නෙමෙයි. C එක පොඩ්ඩක් පල්ලෙහාට බැහැලා. ආන්න ඒක නිසා තමයි සෝකය. Aයි Cයි අතර තියෙන්නා වූ වෙනස තියෙනවා නේ ඒ gap එක. දැන් A වල line එකයි C වල තියෙන තැන ඉඳන් තියෙන gap එක, ආන්න ඒක තමයි ඒ සෝකය කියන එක. ඉතින් එක නිසා තමයි අපි මේ ජාතියක් හදන්න යන්නේ. අර දෙක ම එකක් වුණා නම් ඉතින් සෝකයක් නැහැ නේ එහෙම නම්.
ඒක තමයි ඉතින් මං කරපු භාවනාව. ඉතින් ඔය හරියට එනකොට ඉතින් හරි ම පුදුමාකාර විදිහට විමුක්ති ස්වභාවය ඒක ඒ විදිහට ම පවතිනවා.