ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවෙදි මතක ඇති, අපි පෙන්නුවා අර, ඒකට ආවේ අර ආස්වාදය කියන එක එහෙම බලලා නේ. එතකොට begging the feeling කියන එක, මතකයි අපි ඊයේ පෙන්නුවා, නැවතත් මතක් කරගන්නවා නම්, මෝහ අගතියේ ඉඳන් ඒ සංස්කාර දක්වා එන එක, එතැන ඒ රේඛාවට වැටෙන්නේ මිච්ඡා දිට්ඨිය line 6 එක. ඉතින් එතන තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යා පච්චයෙන් සංස්කාර, සංස්කාර නිත්‍යයි කියන එක. එතකොට සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඊළඟට පරාමාසයේ තියෙන එක පහළට එනවා, අත්තා කියලා භය අගතිය දක්වා. එතනින් ආපහු භය අගතියෙන් අපි එනවා සෝකයට දිට්ඨි අනුසය පාරේ. ඉතින් ඒකෙ තියෙනවා, වේදනාව සුඛයි කියලා පරාමාස වීම. සෝකයෙන් පල්ලෙහාට ගියා ම, පියෙහි විප්පයොගය. ඉතින් අපි ඕක දන්නවා, ඒකෙන් තමයි ජාතිය වෙන්නේ කියලා. එතකොට ඒ අවිද්‍යා පච්චයෙන් සඞ්‌ඛාර කියන එක දැන් අපිට ආවා.
ඒ වේලාවේ අපි ඉගෙන ගත්තා, අර bell shaped curve එකේ A, B, C කියන points තුන. ඒ Aයි Cයි අතර gap එකක් තියෙනවා කියලා. A කිව්වම සංස්කාර පච්චයා විඤ්ඤාණං. B කිව්වම විඤ්ඤාණ පච්චයා නාමරූපං. C කිව්වම නාමරූප පච්චයා සළායතනං. එතකොට දැන් අපි කිව්වා Aයි සහ Cයි අතර වෙනස තමයි සෝකය කියලා අපි ඊයේ සාකච්ඡා කළා.
එතකොට මේක අපි කොහොම ද දන්නේ, මේ විදිහට මේ bell shaped curve එකේ කතාව? යම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් පරාමාසගත වන්නේ, විඤ්ඤාණයෙන් මෙය දැනගන්නේ මේක තමයි A කියලා කියන්නේ. බල්ලා මස් කට්ට දාපු ගමන් අර පරාමාසය ඇතුළේ ඉඳලා නේ ඒක ඇදිලා එන්නේ. එතකොට පළමු වෙනි රවුම නේ අපි ඔය A කියලා කියන්නේ. එම සංස්කාරයන් ම පරිදේව වන්නේ, භය අගතිය දක්වා එන්නේ, මේක B ලෙස සලකන්න ඕනෑ. කුමක් නිසා ද? දොමනස්සය සිතේ, චිත්තයේ හටගැනීමක්, දැනගැනීමක් වේ ද, මේක නාමකායේ සටහන් වෙනවා. ඉතින් ඒක නේ අර මෙතන පෙන්නන්නේ විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා B කියන point එක.
ඉතින් ඔතන කෙනෙක් බලන්න ඕනෑ, දුක්ඛය හා සමාන වූ බයක් නෑ. ඒ කියන්නේ අපි දන්නවා මරණයේ දී මනුස්සයෝ භය වෙනවා. ලෙඩ වුණා ම භය වෙනවා. ජරාවට පත් වුණා ම භය වෙනවා. ආපහු මැරිච්ච මනුස්සයෙක් ආපහු ජාතියකට යනවා කිව්වා ම එතනත්, භය වීම තියෙනවා පුදුමාකාර විදිහට. ඇහැක් හම්බවෙයි ද, කණක් හම්බවෙයි ද, ඔය විදිහට බලන්න දුක්ඛ දොළහ ම. එතකොට අන්න ඒ විදිහට කල්පනා කරලා, දැන් ඊට පස්සේ අපි අනිත් කෑල්ල බැලුවොත්, ඒ කියන්නේ දිට්ඨි අනුසය හරහා සෝකය ඇති තැනට පැමිණෙන්නේ, මේක C ලෙස සලකන්න ඕන.
එවන් වූ දොමනස්ස සහගත වූ නාමරූපයන් මගින් යමක් පවතින බවක් නොදන්නා වූවත්, පෙර පැවති ආයතන මගින් එය පැවතිය හැකි යැයි සිතයි. නමුත් මෙය එසේ නොවන්නේ ය. දිරීම ඇත. ඒ කියන්නේ ඔතන පෙන්නන්නේ, නාමරූප පච්චයා සළායතනං කියන කෑල්ල නේ නේ ද? එතකොට ඒක තමයි භාවනාවේ තියෙන්නේ.
ඉතින් ඔතන ඔය C point එකට එනකොට, තමන්ගේ සිත නතර වෙනවා. ඒ විමුක්තීන් ඇති වෙනවා. ඔය කාරණා තුනේ දී A, B, C ඒ තුන බැලුවහම තමන්ට පේනවා, මේ සති, ප්‍රඥා, ඒ වගේ ම මෙතන නිකට හරියෙන් ඒ විදිහට සමාධි, කියන එක. ඒ තුන හොඳට පවතිනවා. ඉතින් අපි ඕක දන්නවා advanced program එකේ, A කියන එක නවත්වනවා නේ සතියෙන්, හදන්නේ නැතිව. B කියන එක නවත්වන්වා ප්‍රඥාවෙන්, එතකොට C කියන එක එතැන සමාධියට ඒක වැටෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්