Date: 14/11/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඒකෙ ඔයගොල්ලෝ දන්නවා අර, අපි අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන එක, අර මිච්ඡා දිට්ඨිය නිසා, ඒ ප්‍රත්‍යයෙන් තමයි, ඒ අවිද්‍යාව ඒකෙන් තමයි ඒ ප්‍රත්‍යය හැටියට ඇවිල්ලා සංස්කාරය නිත්‍යයි කියලා ගන්නේ. ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන්, ඒ සංස්කාර දක්වා එන එක. ඊළඟට සංස්කාර පච්චයා විඤ්ඤාණං කිව්වහම, එතන අපි ගන්න ඕන, අර පරාමාසයට එන එක. ඊළඟට විඤ්ඤාණ පච්චයෙන් නාමරූප කියලා කිව්වහම, පරාමාසයේ ඉඳන් අපි භය අගතියට එන එක. ඊළඟට ඒ නාමරූප පච්චයෙන් සළායතන කිව්වහම එතන අපි එනවා, දිට්ඨි අනුසය පාරේ, ඒ සෝකය තියෙන තැනට. එතකොට දැන් ඉතින් මේක අර අපි bell shaped curve එකේ ම ලියාගත්තා මතක ද? A, B, C කියලා. A කියන්නේ අර සංස්කාර පච්චයා විඤ්ඤාණං, B කියන්නේ විඤ්ඤාණ පච්චයා නාමරූපං, C කියන්නේ නාමරූප පච්චයා සළායතනං කියන එක. සෝකය තියෙන තැනට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ.

එතකොට අපි බැලුවොත් ඔය A කියන එක. සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන එක. ඒක මේ සංස්කාර නිත්‍ය වශයෙන් පරාමාසගත වීමත්, වේදනාව සුඛ වශයෙන් විඤ්ඤාණගත වීමත් යන කාරණා දෙක, විඤ්ඤාණයෙන් දැනගැනීම ලෙස සැලකිය යුතුයි. ඒක තමයි සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන්නේ. ඊළඟට B කියන එක ගත්තොත්, විඤ්ඤාණ පච්චයා නාමරූපං. මෙය එසේ පරාමාස වූ වේදනීය වූ ධර්මයන් සඳහා හදන සංස්කාරයන් බිඳීම නිසා එම වේදනීය ධර්මයන් භය අගතිය දක්වා ගමන් කිරීම ලෙස සැලකිය යුතුයි. ඒක තමයි පරාමාස භය අගතිය කොටස.

ඊළඟට C, නාමරූප පච්චයා සළායතනං. භය අගතියේ සිට සෝකය දක්වා පැමිණීම. මේක දෙයාකාර වශයෙන් අපි පළමුව බලන්න ඕන. පළවෙනි කාරණය හැටියට පෙන්නනවා, මරණය දන්නේ සෝක කරයි. මරණය දක්නේ සෝක කරයි. අර අපි ඕක පැහැදිලි කරන්නෙ බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේ එක කාන්තාවකගේ මව මිය ගියා. ඊට පස්සේ හන්දියක් හන්දියක් ගානේ ගිහින් අහනවා, මගේ මව දැක්ක ද කියලා. අන්න ඒ අර්ථයෙන් මෙතන පේනවා. දෙවෙනි කාරණයට පෙන්නනවා දුක්ඛය, දොමනස්ස, සෝක. දුක්ඛයෙන් දොමනස්සය, දොමනස්සයෙන් සෝකය. කය පෙළීම කියන එක, සිත පෙළීම සෝකයට පදට්ඨානය වෙනවා. ඕක අපි අර පළවෙනි දවසේ ම පෙන්වා දෙනවා නේ, දුක්ඛ භාවනාවෙදි.

එතකොට සළායතනයෝ ම තමයි පෙළෙන්නේ. වරක කය නිසා පෙළෙනවා. තවත් වරක සිත නිසා පෙළෙනවා. මගේ ඇස මෙසේ වී යැයි පෙළෙනවා. මගේ වේදනාව පෙර මෙසේ වී යැයි පෙළෙනවා. මෙසේ සෝකයට භජනය වෙනවා. Subject වෙනවා. එතකොට සිත පෙළෙනවා කියන අවස්ථාව, දැන් අපි දන්නවා මනෝමය කායකින් ඉන්නවා, කාලා නෑ වගේ දුකයි. එතකොට ඒ නිසා දොමනස්සයට පදට්ඨානය වෙනවා. දොමනස්සයෙන් සිත පෙළෙනවා. ඒකෙන් සෝක වෙනවා. ඔය සිත පෙළෙන එක ටිකක් කෙනෙක් කල්පනා කරලා බැලුවොත්, ඒකෙ පේනවා දැන් ඉතින් සිත කියලා කිව්වහම, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ.

එතකොට අපිට පේනවා, මේ විඤ්ඤාණ පරාමාස රේඛාව කෙළින් ම සෝකයට. එතකොට විඤ්ඤාණයෙන් දැනගත්තේ ඉතින් අරවා බිඳිලා ගිහිල්ලා ඒ සෝක වන ස්වභාවය ඒක තියෙනවා. ඊළඟට චේතනාව පරාමාසය දක්වා ආවා. පරාමාසයෙන් ආපහු ඒ සෝකයට එනවා කෙළින් ම. එතකොට ඒකත් වැටහෙනවා. ඊළඟට සඤ්ඤාව කියන එක බලනකොට, තමන්ට පේනවා, සඤ්ඤාව භය අගතිය දක්වා ඇවිල්ලා තමයි, සෝකයට එන්නේ. මොකද අර චිත්ත සංස්කාර එහෙම බිඳිලා, භය අගතියෙන් සෝකයට. එයා එන්නේ දිට්ඨි අනුසය පාරේ. ඕක සම්බන්ධ වෙනවා නේ අපි දැන්, ඔය Cවලට පෙන්වපු පළවෙනි කාරණය. මරණය දක්නේ සෝක කරයි. අර සංස්කාර පරිදේව වුණා, එහෙනම් එයා පරිදේව, අර මාන පාරේ අපි එනවා, භය අගතියට. භය අගතියෙන් සෝකයට එනවා. එතකොට අර පළවෙනි එකේ තියෙන එකයි, ඔය දෙවෙනි එකට නාමරූප පච්චයා සළායතනවල, දෙවෙනි එකට කියපු දුක්ඛ, දොමනස්ස, සෝකයයි, සඤ්ඤාව මගින් join වෙලා තියෙනවා කියන එක පේනවා. එතකොට එතන double. එතකොට ඔන්න ඕක දකිනකොට අර සිත සම්පූර්ණයෙන් ම, ඒක නතර වීම කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.