Date: 15/11/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඉතින් ඒ ඊයේ භාවනාවට, අර මුල ඉඳන් තමයි මම ආවේ. මෝහය ඉඳන් ඒ පරිදේවය දක්වා, අපි පෙන්නුවා අර අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා. එතකොට එතන පරිදේවය තැන ඉඳන් ඒ පරාමාසය දක්වා, එතන සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං. ඉතින් එතැන්දි අපි තේරුම් ගන්නෙත් අර, සුඛයි කියන සඤ්ඤාව, සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වීම. ඒ කාරණාවෙන් කාරණාවට ඔය විදිහට මං බලාගෙන ආවා. ඒ පරාමාසයෙන් ඊට පස්සේ භය අගතියට එන එක. ඊට පස්සේ භය අගතිය ඉඳන් සෝකයට නාමරූප පච්චයා සළායතනං කියලා.

ඉතින් එතකොට දැන් අපි ඊයේ බැලුවා නේ, අර සෝකයට අපි දැන් පැති දෙකකින් එනවා. අර තමන්ගේ අම්මා මැරිලා පුද්ගලයෙක්, ඒ මගේ මව දැක්කා ද කියලා අහනවා වගේ. ඒ පැත්තෙන් සෝකයට ඒමක් තියෙනවා. අනෙක් අතට ආපහු පේනවා, අපි අර දුක්ඛය, මනෝමය කායෙන් ඉන්නවා කාලා නෑ වාගෙ දුකයි. එතකොට ඒ ඊට පස්සේ දෝමනස්සයට එනවා කියලා, අපි කයත් පෙළනවා, සිත පෙළනවා.

ඉතින් ඔය සිත පෙළෙන අවස්ථාව අපි බැලුවා නේ. ඒ කියන්නේ සඤ්ඤා, චේතනා, ඒ වගේ ම විඤ්ඤාණය. එතකොට ඒකේ, දැන් ඒ දැනගන්නවා කියන එක අපිට පේනවා, ඒ විඤ්ඤාණය. විඤ්ඤාණ, පරාමාස, සෝක. ඊළඟට චේතනාවෙන් අපිට පේනවා චේතනා, පරාමාස, සෝක. එතන තියෙන්නෙ ඔය අත්තා කියන එක තමයි, එයාට දැන් තේරෙන්නේ. අර විඤ්ඤාණ, පරාමාස, සෝක කියනකොට අර තමන් ගත්තා සුඛයි කියන කතාව සංස්කාර නිත්‍ය කතාව, ඒ බොරුකම නේ ද? මෙතෙන්දි තියෙන්නේ අර අත්තා කියන එක ගත්ත එකට, එතන සෝකය තමයි තියෙන්නේ.

එතකොට ඊළඟට, ඒ කියන්නේ අර දෙක පරාමාස වුණායින් පස්සේ වුණා වූ ක්‍රියාවලිය. ඊට පස්සේ තියෙන්නෙ ඉතින් සඤ්ඤාව. ඒකෙදි අපි බැලුවා සඤ්ඤා, චේතනා, පරාමාසය හරහා භය අගතියට. එතකොට ඒ සඤ්ඤාවෙන් භය අගතිය දක්වා ගොස් සෝක වන කාරණා දෙකක්, අපිට එතන පෙන්නනවා නේ. එකක් තමයි, මරණය වුණාට පස්සේ සෝකයට එන එක. ඒ කියන්නේ, පරිදේවය පැත්තෙන් භය අගතියට ඇවිල්ලා එන්නා වූ එක. අර මගේ අම්මා දැක්කා ද කියලා කියන්නා වූ අර්ථය. අනෙක් පැත්තට අර භය අගතිය දක්වා ඇවිල්ලා, සෝකයට වෙන කාරණාව. මේ දෙක ම එකට blend වෙලා ඒ සිත පෙළීම කියන එක මෙතෙන්දි සිද්ධ වෙනවා.

ඉතින් අන්න ඒ අවස්ථාවේ දී “සඤ්ඤානිදානා හි පපඤ්ච සඞ්‌ඛා” කියන එක තේරුම් ගන්න පුළුවන්. යම් ධර්මයකින් චිත්ත සංස්කාරයක් හැදුවද, එම දෙයාකාර වූ පථයන් මගින් ම, ඇති වන්නේ සෝකය බව නොදන්නේ, පෘථග්ජන පුද්ගල තෙමේ, එම සඤ්ඤා අගයට ප්‍රතිචාර දක්වයි. මෙහි දී විමංසා ඉද්ධිපාදයෝ මනා කොට පවතී නම්, පළවෙනියට, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවේ. දිට්ඨි පපඤ්චය නොවීම, සඤ්ඤා අගයෝ බැස යාම නිසා තණ්හා නොවීම මගින් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්.

ඉතින් ඒ භාවනාවේ ඔය තත්වයට ඇවිල්ලා හිටියහම, ඒ අතීත භවයන්වල, මේ ස්ථානයේ එහෙම තිබිච්ච දේවල් එහෙම ඒ sequence එකක් හැටියට පේනවා. මෙතන අනෝමදස්සී බුදුහාමුදුරුවෝ මේ වැඩලා තියෙනවා. අර බණ කියලා තියෙන්නේ ඔයා ඔය බුද්ධ මේක හදන්න යන, ඒ එතන ඉඳන් තමයි බණ කියලා තියෙන්නේ මේ පැත්ත බලාගෙන.

ඒක තමයි මං කරපු භාවනාව.