Date: 16/11/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මං ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති, අර සඤ්ඤාවෙන් චේතනාවට ඇවිල්ලා, චේතනාවෙන් පරාමාසය පල්ලෙහා භය අගතියට ඇවිල්ලා, භය අගතියෙන් සෝකයට එනවා. එතකොට අනෙක් පැත්තෙන් අපි බැලුවා, අර අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, මෝහය ඉඳන් සංස්කාරයට එන තැන. එතනින් සංස්කාර පච්චයා විඤ්ඤාණං, චේතනාව දක්වා එන්නා වූ එක. ඊට පස්සේ, චේතනාවේ ඉඳන් භය අගතිය දක්වා එනවා. එතැන්දි විඤ්ඤාණ පච්චයා නාමරූපං, භය අගතිය ඉඳන් සෝකයට, නාමරූප පච්චයා සළායතනං කියලා අපි බැලුවා.

එතකොට දැන් අපි ඕකෙන් තේරුම් ගත්තා, දකුණු අත පැත්ත බැලුවොත්, ඒ කියන්නේ මරණය වුණාට පස්සේ සෝකය එනවා diagram එකේ, භය අගතියන් දකුණ. ඊළඟට ඒ සඤ්ඤා අගයෝත් භය අගතිය දක්වා ගිහිල්ලා, සෝක වෙලා ඒ දෙක ම blend වෙනවා. මරණය ඉඳන් එන්නා වූ එකයි, මෙතන තමන්ගේ සුඛයි කියලා ගත්ත සඤ්ඤා වන්නේ මේ අනෙක් පැත්තට එන්නේ.

එතකොට, ඒ අවස්ථාවෙදි අපි ඉගෙන ගත්තා මේ “සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා” කියන එක අපි සාකච්ඡා කළා. එතකොට විමංසා ඉද්ධිපාදයෝ, ඒ මනා කොට පවතිනවා නම්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා නොවෙනවා කියන එකත්, ඒ වගේ ම මේ සඤ්ඤා අගයෝ බැස යාම නිසා තණ්හා නොවෙනවා කියන එක අපි සාකච්ඡා කළා. එතකොට ඒකෙදි අපි අර චිත්තය පෙළීම කියන එක අපි සිහි කළා. ඒකේ මතක ද අපි බැලුවා ඒ චේතනාවේ ඉඳන් පරාමාසයට අපි අත්තා කියලා ලකුණු කරගත්තා. ඒ අත්තා යැයි ගැනීම ම සෝකයට භජනය වන බව අපි සාකච්ඡා කළා.

එතකොට සඤ්ඤාව අපි විමසන්නේ, පෙර මව මිය ගියා වූ දේ ද, මනෝමය කායකින් ඉඳලා ඒ දුක්ඛ දෝමනස්ස සෝක වීම ද, අපි විමසනවා. පෙර හදන දේ සෝකයට එළඹිය, දැන් හදන දේත් සෝකයට එළඹේ, අනාගතයේත් හදන දේ ද සෝකයට එළඹේ ය කියලා, අපි මෙනෙහි කළහම, අර නාමරූප පච්චයෙන් වන සළායතන, පෙරත්, දැනුත්, අනාගතයෙත් සෝක කරන්නේ යන වැටහීම ඇති වේ යැයි අපි සාකච්ඡා කරගත්තා.

ඉතින් මං කිව්වා ඔතනදි, “නිරාසත්ති අනාගතෙ, අතීතං නානුසොචති,” කියන ගාථාව මතක් වුණා කියලා. ඉතින් ඒ ගාථාවේ කොටස තමා මං අද බැලුවේ. එතකොට ඒකෙ ඕගොල්ලන්ට මතක ඇති, “නිරාසත්ති අනාගතෙ,” කිව්වම අපි අර area A වල ඉඳන් area B වලට යන්නේ නැහැ කියලා. ඒකේ තියෙන්නේ මොකද්ද, Area A වල තියෙන්නේ කබලිංකාර ආහාරය, සඤ්ඤා, වේදනා. එතකොට ඒ පැත්තේ තමයි ස්පර්ශය තියෙන්නේ. එතකොට area B වල අර සඤ්ඤා, වේදනා, ඒ මනොසඤ්‌චෙතනාව කියන එක. ඉතින් A ඉඳන් B වලට යන්නේ නැහැයි කියලා කියන්නේ මේ ස්පර්ශය නිසා සළායතනයන් කියන ඒවා අපි ඇති කරගන්නේ නැහැයි කියන එකයි.

ඊළඟට ආපහු පෙන්නනවා, මේ “අතීතං නානුසොචති,” කියලා. එතකොට ඒ පසුගිය දේට දුක් නොවෙයි, ඒ යනුවෙන් වෙනසට පැමිණි වස්තුවේ සෝක නොකරයි. වෙනසට පැමිණි වස්තුව, ඒ කියන්නේ අර දෝමනස්ස සහගත ස්වභාවය නේ. එතකොට එතැන්දි කල්පනා කරනවා මගේ ඇස මෙහෙම වෙනස් වුණා කියලා, සෝක නොකරනවා කියලා. ඒ කියන්නේ දෝමනස්සය නිසා සෝකයට අපි එන්නේ නැහැයි කියන එකයි, ඒකේ පෙන්නන්නේ නේ ද? එතකොට අර ඉස්සෙල්ලා කිව්ව කොටසත් එක්ක තමන් සම්බන්ධ කරලා බලන්න ඕනෑ. ඒ කියන්නේ වම් අත පැත්තෙන් දුක්ඛ දෝමනස්ස සෝක. දෝමනස්සය ඉඳන් සෝකයට එන්නේ නැහැ කියන එක.

ඊළඟට පෙන්නනවා, “විවෙකදස්සි ඵස්සෙසූ,” කියලා. එතකොට ඒකේ ඇසේ ස්පර්ශය තමා විසින් හෝ තමා කෙරෙහි හෝ නිත්‍ය වශයෙන් හෝ වෙන්වලින් බලනවා කියලා එතන සඳහන් කළා. එතකොට දැන් දෝමනස්සය ඉඳන් සෝකයට ඉතින් අපි ඕක ලකුණු කරලා තිබුණේ අර area C වල ඉඳන් area D වලට කියලා. දැන් මෙතන පෙන්නනවා, අපි මේ area B වලින් අපි Cවලට එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ B කියන එකේ තියෙන්නේ ආයතන නේ, චේතනා කෑල්ල. චේතනාව එහෙම අයිති වන කෑල්ල නේ. එතකොට ඒක නිසා C එකේ තියෙන්නේ දෝමනස්සය. එතකොට අපි ආයතනයන් නිසා දෝමනස්සයට පත් වෙන්නේ නැහැ. එතකොට අපි මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම්, ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන අර්ථය පේනවා.

ඊළඟට එනවා “දිට්ඨෙසු ච න නීයති,” කියලා. දිට්ඨීන්ගෙන් නොපනවනවා කියලා. ඒ කියන්නේ මොකක් ද? අර චේතනාව නිසා අත්තා වීම මගින් චිත්ත පීඩාවට පත් නොවේ ය කියන එකයි එතැනට එන්න ඕනෙ.

එතකොට මේකෙ නම් පෙන්නන්නේ මේ දිට්ඨි ප්‍රහීණ වෙලා කියන එක. ඉතින් ඕක පොඩ්ඩක් බලන්න ඕනෑ, 17/10/2016 නිබ්බාන භාවනාව. අන්න එකේ අපි පෙන්නුවා, විවේකදස්සී ඵස්සෙසූ. ඵස්සෙසූ කියන කොටසෙදි අපි සාකච්ඡා කළා, නිත්‍ය වශයෙන් වෙන්ව බලනවා. විඤ්ඤාණය නිත්‍යයි ගත්තා නම් වත්, ගන්නේ නම් අපි ඒ විදිහට වටහා ගන්නවා නම් අර අත්තා සඤ්ඤා සනාථ කරනවා. එතකොට ඒකෙන් සුභය කියන එක සනාථ කරනවා. පේනවද, මැරෙන විඤ්ඤාණය අර දරුවන්ට බෙදලා දෙනවා කිව්වේ නේ ද, නිත්‍ය කතාව. පුතා මෙන්න මේ දේ කරන්න කියලා. දුවට සල්ලි දුන්නා පුතාට සල්ලි දුන්නා වාගේ.

එතකොට අපි දැන් කල්පනා කරන්නේ මේ අතීත ස්පර්ශ වුණා කියලා, අනාගතේ සුභ වන්නේ යැයි නොසිතිය යුතුයි. ඉතින් දැන් ඔතන ඒ භාවනාවේ පෙන්නුවා විමංසා ඉද්ධිපාදය පවතිනවා නම්, අර දරුවන්ට අත්තා නිත්‍ය මුදල් බෙදා දීම නවතින්නේ, අවිද්‍යා ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රවයට එන එක නතර වෙනවා. ඒ පැත්තෙන් එන්නේ නෑ කියන එක. ඉතින් අන්න ඒ කෑල්ල අල්ල ගත්ත නම් අපි ටිකකට ඉස්සෙල්ලා පෙන්නුව නේ අර පපඤ්චයන්ගේ කතාව. ඒක නතර වෙනවා.

දැන් අවිද්‍යාව තුළ තියෙන්නේ අතන, අත්තා කියන එකේ පසු එක. මේ පැත්තෙන් එනවා කියලා කියන්නේ අපි කාම ආශ්‍රවය කියන්නේ අර සුඛයි කියන එක නේ. දැන් මෙයා දන්නවා නේ මේක තනිකර දෝමනස්සයක් කියලා. ඉතින් අන්න එතැන්දි එනවා අර “සුඛස්‌ස ච පහානා.” අර සුභය කියන එක ලකුණු කරන තැන. “දුක්ඛස්ස ච පහානාය,” සෝකය ඇති තැන. “පුබ්බෙව සෝමනස්ස දෝමනස්සානං අත්ථඞ්ගමා,” මතක ද අර a1, b1 වලින්. ඒක නිසා c2 කියන එක නැති වෙනවා. ඊළඟට ආපසු a1, b1 නැති වීම කියන එක. ඒ කියන්නේ c2 නැති වෙනවා නම්, a1, b1 නැති වෙනවා කියලා. අර පුරාණ භාණ්ඩ පවතිනවා කියලා එහෙම අපි බැලුවේ. අන්න එතැනට නැවතත් එනවා.

ඉතින් ඒක ඉතින් ආනෙඤ්ජ සප්පාය සූත්‍රයත්, කෙනෙකුට සම්බන්ධ කරන්න පුළුවන්. අර හැම, මේ දේකින් ම අපිට ඇති වන්නේ කාම සඤ්ඤාවකින් ඇති වෙන්නේ දෝමනස්සය පමණයි කියලා ගත්තා නේ. ඉතින් ඒකත් එක්ක හොඳට කෙනෙකුට සම්බන්ධ කරලා බලන්න පුළුවන්. ඉතින් එතනින් නිරෝධය. ඒ වගේ අනාශ්‍රව ස්වභාවයට පත් වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Purabheda_SuttaDiagrams/S_Purabheda_SuttaDiagrams-04.jpg


S_AnenjaDiagrams/S_AnenjaDiagrams-07.jpg