Date: 18/11/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

16/11/2016 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඒකේ මතකයි අපි බැලුවා, අර අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා, මෝහයෙන් ඒ පරිදේවයට. ඊට පස්සේ සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං කියලා පරිදේවය ඉඳන් මේ පරාමාසයට එන එක. ඊට පස්සේ පරාමාසය ඉඳන් භය අගතියට. භය අගතියෙන් අපි ආවා සෝකයට. එතන නාමරූප පච්චයා සළායතන.

එතකොට ඉතින් අපි ඕකේ ඉගෙන ගත්තා අර සඤ්ඤා අගයෝ, භය අගතිය දක්වා ගිහිල්ලා සෝක වීමත්, අර මරණයෙන් පස්සේ සෝකයට ඒමත් කියන කාරණා දෙක ම එකට blend වෙලා සිත පෙළීම සිද්ධ වෙනවා කියලා. ඉතින් අර විදිහට අර අවිද්‍යා පච්චයෙන් සඞ්‌ඛාර, නාමරූප පච්චයා සළායතනං දක්වා බලපුවට පස්සේ අර A, B, C කියලා අර bell shaped curve එකේ ඒ points වලට අර, නිරාසත්ති අනාගතෙ, අතීතං නානුසොචති, විවෙකදස්සි ඵස්සෙසූ, දිට්ඨිසු ච න නීයති කියන ගාථාව මෙනෙහි කරලා, map කරලා බැලුවා.

ඒකේ අපි ඉගෙන ගත්තා, අර පළවෙනියෙන් ම ඒ, “නිරාසත්ති අනාගතෙ” කිව්වා ම, ස්පර්ශය නිසා සළායතනයන් ඇති කරගන්නේ නැහැයි කියලා. ඊළඟට පෙන්නුවා “අතීතං නානුසොචති” කියලා කිව්වා ම අර area C වල ඉඳන් D වලට එන්නේ නැහැ, දෝමනස්සය නිසා සෝක නොකරනවා කියලා. ඊළඟට “විවෙකදස්සි ඵස්සෙසූ” කිව්වා ම ආයතනයන් නිසා දෝමනස්ස නොවේ. “දිට්ඨිසු ච න නීයති” කියලා කිව්වා ම චේතනා නිසා අත්තා වීම මගින් චිත්ත පීඩාවට පත් නොවේ කියලා අපි ඉගෙන ගත්තා.

එතකොට මෙතෙන්දි මේ B වල ඉඳන් Cවලට යන්නා වූ එක, අතීතං නානුසොචති කියලා මම දැකලා මගේ සිත නතර වීම කියන එක සිද්ධ වුණා. ඒ කියන්නේ bell shaped curve එකේ, අර දෝමනස්සය ඉඳන් සෝකයට එන්නා වූ, දකුණු පැත්ත කියන කොටස, අතීතං නානුසොචති.

“දිට්ඨෙසු ච න නීයති” මේකත් එක්ක ම සම්බන්ධ වෙනවා කියලා, මේ ධර්ම කාරණා දෙක forward wave එකට සම්බන්ධ වන බවත් වැටහුණා. ඉතින් මෙතෙන්දි හරි අමාරුයි භාවනා කරන්න. සිත නතර වෙනවා මේක නිසා. ඉතින් මේ දෙක මගින් සිත නතර කරනවා.

ඊළඟට “නිරාසත්ති අනාගතෙ.” මේක අයිති වෙන්නේ backward wave එකට කියලා වැටහුණා. ඒ කියන්නේ බිඳී ගියා වූ චිත්තය මගින්, නිත්‍ය සහ අත්තා තම දරුවන්ට බෙදා දෙන අවස්ථාව වෙනවා. එතකොට ඒ මව නැති වූ පුද්ගලයා මව සොයනවා. එනම් ස්පර්ශය නැති වූ පුද්ගලයා ම ස්පර්ශය සොයනවා. කුමකින් හොයනවා ද? සළායතන මගින්. එහෙම නම් කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන්, ඔය bell shaped curve එකේ A, B, C කියලා කිව්වම, A තියන තැනට අපි ස්පර්ශය කියලා දැම්මොතින්, B කියන තැනට සළායතන. එතකොට B කියන තැන තමයි අපි පල්ලෙහාට රේඛාවක්, මේ vertical රේඛාවක් ඇඳලා ඒකට දාන්න පුළුවන් අත්තා කියලා. ඉතින් අපි දන්නවා C සෝකය.

එතකොට ඔය අත්තා කියන line එකේ ඉඳන් දකුණු අත පැත්තට, forward wave එක. ඒ කියන්නේ සෝකය පැත්තට. අත්තා කියන line එකේ ඉඳන් වම් පැත්තට, A තියන පැත්තට එනවා කියන්නේ, backward wave එක.

ඉතින් ඕක ම කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන්, B තියන තැන දෝමනස්සය නේ, එතකොට දෝමනස්සය ඉඳන් අපි යන්නේ සෝකයට. අන්න forward wave එක. දෝමනස්සය ඉඳන් අනෙක් පැත්තට එන්නේ දුක්ඛයට. වේදනාව දුකයි නේ. A කියන point එක. එතකොට ඒ පැත්තට එන එක backward wave එක.

විවෙකදස්සි ඵස්සෙසූ කියලා කිව්වා ම, නැති වුණා වූ ආයතන මගින්, දෝමනස්සය පෙර යම් සේ ඇති වන්නේ ද, අනාගතයේ ම එසේ වන බව, දැන, දැක backward wave එක නොසාදනවා. නිවිලා පවතිනවා.

ඉතින් ඕක තමයි මං කරපු භාවනාව. හොඳට මෙනෙහි කරලා බලන්න පුළුවන්. සිත නතර වෙලා ඉන්න අවස්ථාවන් තියෙනවා.