Date: 24/11/2016 Name: උපෙක්ඛා නිමිත්ත

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම අදෝස කුසල මූල භාවනාවෙන් පටන් ගත්තා. ඕගොල්ලන්ට මතක ඇති අදෝස කුසල මූල භාවනාවේ තියෙන්නේ චින්තාමය ප්‍රඥාව. ඒකේ ඒ කියන්නේ සමුදය අස්තංගමය. නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියලා ගන්න එක.

ඊළඟට අවිතක්ක විචාරමාත්‍ර සමාධිය. ඒ කියන්නේ අවිතක්ක කියන්නේ භවයේ යෑමේ විතක්කයක් නෑ. විචාරමාත්‍රය කියලා කියන්නේ නිර්වාණය ම සොයනවා, ඒක ම පතනවා කියන එක. එතකොට ඔතන අපි දන්නවා ඔය සවිතක්ක සවිචාර සමාධිය මගින් ඇති වුණ මෙත්තාව මේකට උදව් උපකාර වෙනවා කියන එක. එතැනින් අපි එනවා අධිශීල ශික්ෂාව. පාණාතිපාතා වැනි ධර්මයන්ට ඉඩ නොදීම සඳහා විරියක්. එතැනින් අපි එනවා උපෙක්ඛා නිමිත්ත. පාණාතිපාතා වැනි අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වීමෙන් වන සුඛය නිසා පෙර කළා වූ දේ, දුක වශයෙන් ගැනීම කියන එක. එතකොට මේකේ දැන් අපි දන්නවා චින්තාමය ප්‍රඥාවේ සමුදය අස්තංගමය කියන එක තියෙනවා.

එතකොට එහෙම නම් මං කළේ මොකද්ද? ඒ චින්තාමය ප්‍රඥාව සඳහා ධම්මානුපස්සනාව කියන එක ගත්තා. එතැන චිත්තයේ ආස්වාදය, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. එතකොට අපි මේක අභිනන්දනා නොකරමි, කියලා ඒක ගත්තා. ගත්තහම, සිත විශාල වෙලා එතැන විමුක්තිය කියන එක ඇති වෙනවා. ධර්මය නිසා වන ප්‍රීතිය ඇති වෙලා, එතනින් අපි අවිතක්ක විචාරමාත්‍ර සමාධිය සිහි කරනකොට, විමුක්තිය නිසා හෝ භවයේ යෑමක් නැත. නිර්වාණය ම සොයයි. එතකොට භවයේ නොයන්නේ නම්, ඒක ම සීලයට තුඩු දෙනවා. එනමුදු අධිශීල ශික්ෂාව සඳහා පදනම වන දෝසය ඉවත් කරන පාණාතිපාත වැනි ධර්මයන් විරියෙන් යුතුව පහ කළ යුතුයි. අපි දන්නවා අදෝස කුසල මූලයෙන් තමයි අරි අට මඟේ සීල කොටස කියන එක ඇති වෙන්නේ. එතකොට උපෙක්ඛා නිමිත්තට පැමිණෙනකොට, විමුක්තිය නිසා හෝ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය කියන එක ඉවත් කරනවා.

ඉතින් ඒ හරියේ භාවනාව බොහොම හොඳයි, ඉතින් සිත නතර වෙනවා. ඒවා ඔක්කෝම ටික ඕකේ තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonHate/NonHate-02.jpg