ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම කළේ පෙරේදා ඒ භාවනාව අර උපෙක්ඛා නිමිත්ත, 24/11/2016 උපෙක්ඛා නිමිත්ත භාවනාව. ඒක ම මම නැවත කරගෙන ගියා. ඉතින් ඒකේ අර, චින්තාමය ප්‍රඥාව සිහි කරන්නේ, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය අභිනන්දනා නොකිරීම සිහි කරන්නේ, එතන ම සිත නතර වුණා.
අද භාවනාවේ දී, මං බැලුවා අර හරහට. ඒ කියන්නේ සවිතක්ක සවිචාර සමාධිය, ඒකෙන් අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය කියන එක. එතකොට එතැන්දි අර කාම විතක්කයක් නැහැ, විචාරයක් නැහැ. එතැන්දි ඒ කියන්නේ අමෝහය කියන එක හොඳට සිදු වෙනවා කියලා පේනවා, අර ඉද්ධිපාදයන් වැඩිලා තියෙනවා. ඉතින් මේක මෙහෙම සිද්ධ වෙන්නේ මේ භාවනාමය ප්‍රඥාව. අමෝහ පාරේ බලපෑම කියන එක.
ඒකේ මතක ද කිව්වා අපි, කුසලයාගේ දියුණු කිරීම දෙයාකාරයි. පාණාතිපාත වැනි අකුසලයන්ගේ වෙන් වීම එකක්. නූපන් කුසලායාගේ ඉපදීම, උපන් කුසලයාගේ වැඩි දියුණුවක් ඇත්ද, ඒක තව එකක් කියලා අපි බැලුවා නේ ද? එතකොට එතන ඒ කුසලයාගේ දියුණු වීම නිකම් නෙවෙයි නේ අර. “නිබ්බානං රතනංති ආශ්චර්ය භාවෙන අතුලං.” ඔන්න ඔය අර්ථයෙන් නේ අපි ඕක බැලුවේ භාවනාමය ප්‍රඥාව කියන එක. දැන් වෙන්නේ මොකක් ද මේ බලාගෙන ගියා ම. අපිට පේනවා ඔය චින්තාමය ප්‍රඥාවේ ඉතින් සමුදය අස්තංගමයක්, එතන නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති, කියලා කිව්වා ම අපි ගන්නේ නැහැ. ඒ කියන්නේ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගයවත්, අභිනන්දනා කරන්නේ නැහැයි කියන එක.
එතකොට එතෙන්ට දැන් බලන්න, භාවනාමය ප්‍රඥාවෙන් ඇති වෙන එක ඒකට feedback කරනවා. නිවන විතරයි, ආශ්චර්ය භාවෙන අතුල තියන දේ. විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය නෙවේ. එතකොට එයා භාවනාමය ප්‍රඥාව චින්තාමය ප්‍රඥාවට ඔය විදිහට උදව් උපකාර කරනවා.
ඊළඟට ආපහු දැන් පේනවා භාවනාමය ප්‍රඥාවෙන් අපි පල්ලෙහාට එනවා අවිතක්ක අවිචාර සමාධියට. ඒ කියන්නේ කාම විතක්කයක් නැහැ විචාරයක් නැහැ. ව්‍යාපාද විතක්කයක් නැහැ විචාරයක් නැහැ. විහිංසා විතක්කයක් නැහැ විචාරයක් නැහැ. එහෙනම් ඒ කියන්නේ මොකක් ද? සුඛ වන රූප සොයන්නේ නැහැ. ඒ කියන්නේ අර පාණාතිපාතය, දැන් භාවනාමය ප්‍රඥාවේ එක කෑල්ලක් තියෙනවා නේ, පාණාතිපාතා වාගේ ඒවා අත්හරිනවා කියලා. එතකොට අර සුඛ වන රූප, අර පෝතලිය සූත්‍රය අර්ථයෙන්, ඒවා හොයන්න යන්නේ නැහැ. එහෙම නම් එයා feedback කරනවා ආපහු අර අවිතක්ක විචාරමාත්‍ර සමාධියට. එතකොට අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ දී අපි කියනවා අපිට මේ භවයේ යන විතක්කයක් නෑ. අන්න විචාරයකුත් නෑ දැන්. විතක්කයකුත් නෑ විචාරයකුත් නෑ. නිර්වාණය ම සොයනවා. ඉතින් ඒකෙදි වෙන්නේ මොකක් ද මේ. දැන් එහෙනම් ඕගොල්ලන්ට පේනවා දකුණු අත පැත්තේ ධර්මයන්ගෙන්, අමෝහ පැත්තේ ධර්මයන්ගෙන් වම් පැත්තට. වම් පැත්තේ ධර්මයන්ගෙන් ඒ කියන්නේ අලෝභ කුසල මූල ධර්මයන්ගෙන් දකුණු පැත්තට. එතකොට අර bell shaped curve එක flat වෙනවා. දෙපැත්තෙන් ම මේක වෙනවා නේ.
ඒක තමයි මං කරපු භාවනාව. බොහෝ ම හොඳ භාවනාවක්.