Date: 27/11/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට ඊයේ භාවනාව ම මම නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවේ තියෙන්නේ අර චින්තාමය ප්‍රඥාව සිහි කරනවා. එතකොට ඒකේ අර පාරිසුද්ධිපධානියඞ්ගය අභිනන්දනා නොකිරීම කියන එක සිහි කළා. එතකොට ඒ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය ගතහොත් අපිට පේනවා ඕක කැපිල යන්නේ අර, දිට්ඨි කියන්නා වූ දිට්ඨි අනුසය පාර. එතකොට ඒ දිට්ඨි අනුසය පාරේ රූපයටයි අපි ඇඟිල්ල දික් කරන්නේ. ඔන්න ඔතනට තමන්ගේ සිහිය පත් වෙන්න ඕනෑ.

එතකොට ඊට පස්සේ සවිතක්ක සවිචාර සමාධිය ඒකෙන්, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, භවයේ යන්න විතක්කයක් නෑ. ඊළඟට ආපහු අපිට පේනවා, විචාරය කිව්වා ම නිර්වාණය ම හොයනවා. එතනින් එනවා අවිතක්ක අවිචාර සමාධියට. කාම විතක්ක කියන එක ගැන විතක්කයක් නෑ, විචාරයක් නෑ. මේ විදිහට ව්‍යාපාද විතක්කය, විහිංසා විතක්කය. ඒවා ගැන විතක්කයක් නෑ, විචාරයක් නෑ. එතකොට එහෙම නම් අපිට අමෝහය කියන එක තමන්ට හොඳට වැටහෙනවා, ඉද්ධිපාදයන් එතන තියෙනවා කියලා.

දැන් මං කළේ මොකක් ද, මම අද භාවනාවෙදි, ඊයේ කරපු දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාව ඒකට එකතු කළා. සුඛ වන රූප සොයන සංස්කාර ඉවතලන්නේ නම්, වේදනාවේ ආස්වාදය අභිනන්දනා කිරීමට යැයි යමක් ඉතුරු වන්නේ ද, යන ප්‍රශ්නයට මනස යොමු කළා. යම් ධ්‍යානයකට සමවැදුණ අයකු හානියක් කිරීමට නොසිතන්නේ නම් තම ජීවිතය පැවැත්වීම මගින් හෝ හානියක් තමාට හෝ අනුන්ට හෝ නොවිය යුතුයි. එතකොට අර ඒකේ පෙන්වූවා නේ වේදනාවේ ආස්වාදය කියන්නේ ධ්‍යානයකට ගිහිල්ලා කාටවත් හානියක් කරන්න හිතන්නේ නෑ කියලා. ඉතින් අපි කාය සංස්කාරවලින් කරන්නේ නෑ, පාණාතිපාතයෙන් කරන්නේ නෑ, අදත්තාදානයෙන් කරන්නේ නෑ, පෝතලිය සූත්‍රය වගේ මුසාවාද, පරුෂා වාචා, ඒවායින් අයින් වුණා, දැන් ඉතින් කතා කරන්නේ චිත්ත සංස්කාර.

එතකොට ඒ අර්ථයෙන් ම ධ්‍යානයකට ගිහිල්ලා හානියක් කරන්නේ නැහැයි කියන එක. ඉතින් මේක බලන්න ඕනෑ අර සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය. ඒකේ පෙන්නනවා නේ rebirth not ended කියන එක. අන්න ඒක තමයි මේකේ සිහි වෙන්න ඕනෑ. තමන් චිත්ත එකට ගිහිල්ලා හරි ආපහු තමන්ට ජීවිතයක් හදාගත්තා කියලා කියන්නේ, ඉතින් එතන අභිනන්දනා කරනවා නම් එතන තමන්ට පේනවා, මේ නොසෙවිය යුතු දෙයක් සොයලා තියෙන්නේ කියන එකයි. නිර්වාණය ම රතනයක් කියන එක අමතක කරන්න හොඳ නෑ. අර ඊයේ වගේ ම ඉතින් අර භාවනාමය ප්‍රඥාවෙන් එක්කහු වෙන කෑලි, අර සුඛ වන රූප සොයන්නේ නෑ, එහෙනම් දිට්ඨි අනුසයෙන් ආපහු අතෙන්ට යන්නේ නෑ කියන එක. ඒක හොඳට එනවා. ඒකේ අර විමුක්තිය, නිරෝධය, අනාශ්‍රවය ඒ විදිහට ඒක ඇති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.