ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
27/11/2016 නිබ්බාන භාවනාව, නැවතත් කරගෙන ගියා. චින්තාමය ප්‍රඥාව සිහි කරන්නේ, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය අභිනන්දනා නොකිරීම කියන එක සිහි කළා. සවිතක්ක සවිචාර සමාධිය, ඒකෙන් අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, ඒකෙන් අවිතක්ක අවිචාර සමාධිය කියලා හරහට බැලුවා. කාම විතක්කයක් නෑ. විචාරයක් නෑ. අමෝහ වීම සිදු වෙන බව හොඳින් වැටහෙනවා. ඉද්ධිපාදයන් තියෙනවා. මේ ධර්මයට අර දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව භාවනාව එකතු වුණා. සුඛ වන රූප සොයන සංස්කාර ඉවතලන්නේ නම්, වේදනාවේ ආස්වාදය අභිනන්දනා කිරීමට යමක් ඉතුරු නොවන්නේ, නිර්වාණය ම රතනයක් බව දන්නා දක්නා පුද්ගලයෙකුට බව පැහැදිලි වෙනවා.
භාවනාමය ප්‍රඥාව, අමෝහ පාර, කුසලයාගේ දියුණු කිරීම දෙයාකාරයි කියලා අපි බලලා තියෙනවා. පාණාතිපාත වැනි අකුසලයන්ගෙන් වෙන් වීම එකක්. නූපන් කුසලයාගේ ඉපදීමත්, උපන් කුසලයාගේ වැඩිදියුණු වීමත් ඇත්ද, ඒක තව එකක් කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒ භාවනාව කළහම, ඒකෙන් අපිට පේනවා ඒ ධර්ම කාරණාවල භාවනාමය ප්‍රඥාවෙන් වම් පැත්තට එනවා චින්තාමය ප්‍රඥාවට. භාවනාමය ප්‍රඥාවෙන් පල්ලෙහාට යනවා අවිතක්ක අවිචාර සමාධියට. එතකොට ඒ අවිතක්ක අවිචාර සමාධියට යන්නේ නිකන් නෙවෙයි, අර සුඛ වන රූප නොසොයවමිනුයි. ඒක නිසා භවයේ යන්න විචාරය එතන නැති වෙනවා. ඊළඟට චින්තාමය ප්‍රඥාවෙන්, එතනින් විමංසාව තියෙනවා, එතනින් එනවා අවිතර්ක විචාරමාත්‍ර සමාධියට. ඔය විදිහට සම්බන්ධතාවයක් පේනවා අපිට.
එතකොට ඒක මෙනෙහි කළායින් පස්සේ, අපිට පේනවා එහෙම නම්, අපි දන්නවා නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. අවිහිංසාවෙන් තමයි අව්‍යාපාදය. අව්‍යාපාදයෙන් තමයි නෙක්ඛම්මය. එතකොට දෙපැත්තට ම යනවා ඕක. එතකොට අවිචාරය කියන එක මේ වෙලාවෙදි හොඳින් වැටහුණා. සුඛ වන රූප සොයන සංස්කාර ඉවතලන්නේ නම්, විචාරය නවතිනවා. මලකට බඹරෙක් එනවා, අන්න ඒක විතක්කය. මේක instant එක විදිහට සිතන්න ඕනෙ. බඹරා මල වටේ කැරකවෙනවා. මේක විචාරය. මේක class එක විදිහට හිතන්න ඕනෙ. සුඛ වන රූප සෙවීම අත්හරින්නේ නම් පමණක්, විචාරය බැස යනවා. එය සම්පූර්ණයෙන් ම නැවතීම විමුක්තිය මගින් ම සිදු වෙනවා. කාමයෙහි වරදවා හැසිරෙන්නෝ කාන්තා රූප, පුරුෂ රූප සොයන්නේ යම් සේ ද, පරුෂා වාච සඳහා පරුෂා වාචය කරන පුද්ගලයෙක් අන් පුද්ගලයන්ගේ වැරදි සොයන්නේ යම් සේ ද, මෙසේ කාම විචාර, ව්‍යාපාද විචාර, විහිංසා විචාර කියන ඒවා අපි මෙනෙහි කරන්න ඕනෙ. ඉතින් මේක බොහෝ ම හොඳ භාවනාවක්. මේකේ නිරෝධයට එහෙම ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.