ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම මම නැවතත් කරගෙන ගියා. අවිතක්ක අවිචාර සමාධිය හොඳින් පවතින විට class සහ instant, bell shaped curve එක සමඟ සම්බන්ධ කර බැලුවා. අපි දන්නවා ඔය bell shaped curve එකේ අපි අර A, B, C කියලා ලියාගත්තා. ඒකේ ඉස්සරහට යනකොට, B වල ඉඳන් C දක්වා යනකොට, forward wave එක, ඒක තමයි class එක. විචාර කියන්නෙත් class එක. සුඛ වන රූප සොයන සංස්කාර නිසා සෝකය දක්වා හැමදා ම පැමිණේ. අන්න class එක. මේක පුරුද්දක් බවට පැමිණිලා තියෙනවා.
ඊළඟට අනිත් පැත්ත, backward wave එක. ඒ කියන්නේ අපිට පේනවා A වල ඉඳන් B, ඒ පැත්ත A, B පැත්ත. ඒක instant එක. එතකොට ඒක පේනවා කියන්නේ, B වල ඉඳන් A වලට නේ යන්නේ විතක්කය, instant එක. මව නැති පුද්ගලයා මව සොයනවා. එනම් ස්පර්ශය නැති වූ පුද්ගලයා ම ස්පර්ශය සොයනවා. තිබුණේ නැත්නම් හොයන්නේ නෑ නේ. කුමකින් සොයයි ද? සළායතනය මගින්. ඉතින් මෙතෙන්දි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කියන එක ඇති වෙනවා.
ඉතින් දැන් ඕක කල්පනා කරලා බලන්න පුළුවන්, මතක ද අපි ඉගෙන ගත්තා, “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා,” අර මෝහය ඉඳන් පරිදේවයට එන එක. එතකොට අන්න ඒක class එක. ඊළඟට, “සංස්කාර පච්චයා විඤ්ඤාණං,” පරිදේවය ඉඳන් පරාමාසයට. එතකොට එතන දී instant එක. උදාහරණයක් වශයෙන් දැකපු ගමන් සුභයි. බල්ලා මස් කට්ට දාපු ගමන් ගත්තා. ඊළඟට පරාමාසයේ ඉඳන් භය අගතියට යනවා, “විඤ්ඤාණ පච්චයා නාමරූපං.” නාමරූපය එතන ඒක class එක. ආපහු භය අගතියේ ඉඳන් සෝකයට යනවා. ඒකට ඒ කියන්නේ “නාමරූප පච්චයා සළායතනං” එතනත් class. ඒ දෙක class. “සළායතන පච්චයා ඵස්සො.” අන්න instant.
ඉතින් ඕක අර, “විවේකදස්සී ඵස්සෙසූ” ගාථාවත් එක්ක සම්බන්ධ කර බලනවා නම් තමන්ට පේනවා, අපි මේ භාවනාවේ තියෙන්නේ, අර විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියන ඒවා තියෙනවා. ඒවායේ චිත්තයේ ආස්වාදය, ඒක අභිනන්දනා කරන්නේ නෑ කියන එක නේ, ඔය චින්තාමය ප්‍රඥාවත් එක්ක.
එතකොට අර, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගෙනුත් එතකොට අපිට පේනවා, අර diamond එක වගේ යන්නා වූ එක, ඒකෙ අඳිනවා නම්, වේදනාවේ ඉඳන් අපි අඳිනවා නම්, චේතනා දක්වා රේඛාවක්, එතන තියෙන්නේ instant එක. ඊළඟට ආපහු ඒකෙන් අපිට එනවා ඔය සංස්කාර ඉඳන් අපි එනවා නේ භය අගතියට, දුස්සීලභාවයත් එක්ක, සංස්කාරවල. එතකොට එතනත් අපිට instant එක. ඊළඟට ආපහු අපිට පේනවා උඩ diamond එකේ චේතනාවේ ඉඳන් නාමරූප කියන්නේ, ථීනමිද්ධ තියෙන තැන හිතන්නකො නාමරූපය. ථීනමිද්ධ කියන්නේ චිත්ත චෛතසිකවල ස්වභාවය නේ. එතනදි නාමරූප තිබිච්ච ඒවා එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කතාවෙදිත් ආපහු පේනවා class එක. අර දිට්ඨියක් එහෙම ගන්නේ නෑ නේ අපි. ඊළඟට ආපහු අපිට පේනවා, පල්ලෙහා, ඒ කියන්නේ භය අගතිය ඉඳන් එන්නා වූ රේඛාව තියෙනවා නේ වේදනාව දක්වා, අන්න එතනත් ඒ විමුක්තීන් නතර කරන්නේ class එක.
එතකොට අනත්තා කියන්නේත් class එක. මේ පැත්තේ විමුක්තීන් පැත්තෙනුත් class එක. එතකොට අන්න ඒ විදිහටයි ඒක සම්බන්ධ වෙලා පේනවා. ඉතින් ඒ භාවනාව කළාට පස්සේ, තමන්ට එක එක දේවල් පේනවා. ඒක පෙනුණා කියලා මාන්නයක් නෑ.
ආන්න ඒක තමයි මං කරපු භාවනාව.