Date: 05/12/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම 18/11/2016 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවේ මතක ඇති සඤ්ඤාවෙන් චේතනාව, චේතනාවෙන් පරාමාසය හරහා භය අගතියට ඇවිල්ලා, භය අගතියෙන් අපි සෝකයට එන්නා වූ එක තියෙන්නෙ. ඒ රේඛාවේ අපි “නාමරූප පච්චයා සළායතනං” කියලා ලියාගත්තා, භය අගති ඉඳන් සෝකයට රේඛාව. ඊට පස්සේ අපි දන්නවා අර මෝහය ඉඳන් පරිදේවයට එන එක, “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියලා, මරණය වුණා ම සෝකයට එනවා. එතනින් ඒ පරිදේවයෙන් භය අගතියට එනවා. එතකොට ඔය සඤ්ඤා අගයෝ භය අගතිය දක්වා ගිහිල්ලා සෝක වීමක් කියන කාරණා දෙක, මරණයේ ඉඳන් සෝකයට එන එකයි කියන එක blend වෙලා, සිත පෙළීම මෙහි දී සිදු වෙනවා කියලා අපි ඉගෙන ගත්තා.

ඉතින් ඔය භාවනාවෙදි අපි ඔය අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, නාමරූප පච්චයා සළායතනං, ඒ විදිහට දක්වලා බලලා ඒක bell shaped curve එකට සම්බන්ධ වුණා. ඒකේ ගාථාවට ආවා අර, “නිරාසත්ති අනාගතෙ, අතීතං නානුසොචති, විවෙක දස්සී ඵස්සෙසූ, දිට්ඨිසු ච න නීයති” කියලා.

ඉතින් ඒකේ සම්බන්ධතාවයන් අපි බැලුවා. අපි එතැන දී ඉගෙන ගත්තා අර bell shaped curve එකේ B වල ඉඳන් Cවලට යන එක අතීතං නානුසොචති කියලා සාකච්ඡා කළා. දිට්ඨිසු ච න නීයති කියන එක මෙයත් එක්ක සම්බන්ධ වෙනවා කියලා ඒ ධර්ම කාරණා දෙක, forward wave එකට සම්බන්ධ වෙන බවත් අපිට වැටහුණා.

එතකොට අද භාවනාවෙදි මට වැටහුණේ මේ දිට්ඨිසු ච න නීයති, දිට්ඨිය මගින් දිවීම කියන එක, ඒකේ අනිත් පැත්ත, මේ backward wave එකට සම්බන්ධ වෙනවා කියන එකයි. Forward wave එකට විතරක් නෙවෙයි. ඉතින් අපි දන්නවා අර නිරාසත්ති අනාගතෙ, මේක අයිති වෙන්නේ මේ backward wave එකට. එතකොට බිඳී ගියා වූ චිත්තය මගින් නිත්‍ය සහ අත්තා තම දරුවන්ට බෙදා දෙන අවස්ථාව වෙනවා කියලා අපි බැලුවා.

මව නැති වෙච්ච පුද්ගලයා තමයි මවව සොයන්නේ. එනම් ස්පර්ශය නැති වූ පුද්ගලයා ස්පර්ශය සොයා යයි. කුමකින් සොයයි ද? සළායතන මගින්. මව සිටි බවක් නොදන්නේ නම්, උදාහරණයක් වශයෙන් ගත්තොත් coma හැදී සිටි අයෙකු, මව නොසොයයි. එනම් දිට්ඨියක් පෙර නොවූයේ නම් සෙවීම නැත. හොයන්නේ නැත්නම් නාභිනන්දති. එතකොට backward wave එක නැහැයි කියන එකයි. එතකොට විවෙක දස්සී ඵස්සෙසූ කිව්වා ම අපි සාකච්ඡා කළා නැති වුණා වූ ආයතන මගින් දෝමනස්සය පෙර යම් සේ ඇති වන්නේ ද අනාගතයේත් මෙසේ වන බව දැක backward wave එක හදන්නේ නෑ, නිවිලා පවතිනවා කියලා. ඉතින් මේ භාවනාව කළහම අපිට එනවා හොඳ ලස්සන ධර්මයක් පේනවා.

ඒක පොඩ්ඩක් අපි ලකුණු කරගන්නවා නම් පොඩ්ඩක් පාටත් එක්ක තමයි ඕක ලකුණු කරගන්න තියෙන්නේ.

S_MYEX_05_12_2016.jpg

අපි මෝහයේ ඉඳන් පරිදේවයට අපි දන්නවා අර අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා. එතකොට මෙතන මේ නිත්‍යයි කියලා අරගෙන තියෙනවා. ඔතනට ආවට පස්සේ, අපිට පේනවා මේ පාරවල් දෙකක් යනවා. එකක් තමයි අපි දැන් ටිකකට ඉස්සල්ලා සාකච්ඡා කරපු විදිහට ඒ සංස්කාරවලින් පරාමාසයට යනවා සංස්කාර පච්චයා විඤ්ඤාණං, පරාමාසයේ ඉඳන් පහළට එනවා භය අගතියට. අපි සංස්කාරයේ ඉඳන් පරාමාසයට යන එක yellow line එකකින් arrow එකකින් ලකුණු කරගත්තොත්, පරාමාසයේ ඉඳන් භය අගතියට එන එක ආපහු yellow arrow එකකින් ලකුණු කළොත්, භය අගති ඉඳන් සෝකයට කියන එක අපි yellow line එකකින් ලකුණු කරමු. එතකොට භය අගති ඉඳන් සෝකයට යනකොට නාමරූප පච්චයා සළායතනං කියන එක. එතකොට ඔය yellow එක තමයි forward. ඔතන පේනවා අපිට lightning sign එකක් තියෙනවා කියලා. “සංස්කාර පරාමාස භය අගති සෝක.” Lightning sign එක වාගෙ ඒක එනවා.

ඊළඟට අපිට තවත් එකක් පේනවා. දැන් අපි කොළ පාටින් ලකුණු කරගත්තොත් පරිදේවය ඉඳන් භය අගතියට, භය අගතියේ ඉඳන් කොළ පාට රේඛාවක් පරාමාසයට, පරාමාසයේ ඉඳන් චේතනාවටත් කොළ පාට රේඛාවක්. අන්න ඒ රේඛාව උඩ අපි ලියාගන්නවා විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා. ඊළඟට චේතනාවේ ඉඳන් නාමරූපය දක්වා අපි ලකුණු කරගන්නවා රේඛාවක්. ඒ රේඛාව කොළ පාටින් ලකුණු කරනවා. එතන අපි ලියනවා සළායතන පච්චයෙන් ස්පර්ශය කියලා. එහෙම නම් ඔතන තවත් green arrow එකක් පේනවා. ඒක අයිති වෙන්නේ backward wave එකට. එතකොට ඒකෙ තියෙන්නේ පරිදේව භය අගති පරාමාසය චේතනා ඇතුළත්ව චේතනාවේ ඉඳන් නාමරූපය දක්වා එන්නා වූ එක. අර වේදනාවට යන පාර. ධම්මමච්ඡරිය පාර. එතකොට එතනත් එහෙනම් lightning sign එකක් පේනවා. Green එකෙන් backward යන wave එකට අයිති වන lightning sign එක කියන එක පේනවා.

එතකොට එහෙම නම් දැන් අපිට පේනවා මේ සංස්කාර නිසා තමයි, එක පැත්තකට අර yellow path එකක් පේනවා, තව පැත්තකට green path එකක් පේනවා. එකක් භය අගතියට යනවා, එකක් පරාමාසයට යනවා කියන එක. සංස්කාර නිසා තමයි මේ සියල්ල සිදු වන්නේ කියලා. එතකොට එතන “සංඛතං අභිසඞ්ඛරොති” කියලා තමන්ට සිහි වෙනවා. සංස්කාරය නිසා arrow එක, “green yellow” දෙපැත්තට අදින්නේ ඇයි? දෙපැත්තට ම අපි දැන් ඇඳලා පෙන්නුවා නේ. එකක් නිත්‍යභාවය සකස් වීමයි. අනික නිත්‍යයි ගත් පසුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අර yellow line එකින් පෙන්නන්නේ, පරාමාසගත වීම අර නිත්‍යයි ගත්තට පසුව. Green එක කියන එකේ තියෙන්නේ නිත්‍ය යන්න සකස් වීම. අන්න ඒකයි පේන්නෙ. ඒකෙ පේනවා මේ green එක එන්නේ නිකන් නෙමේ. Line 5 එකෙන් එන්නා වූ එක. ඉදංසච්චයේ ඉඳන් එන රේඛාව. ඒක තමයි නිත්‍ය කියන එක සකස් කිරීම. එතකොට ඕක නේ “ සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරොධනා” කියලා අන්න ඒ විදිහට කෙනෙකුට භාවනා කරන්න පුළුවන් ඒ අවස්ථාව.

ඒක තමයි මං කරපු භාවනාව.