ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම 30/11/2016 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවේ අවිතක්ක අවිචාර සමාධිය ඒක හොඳින් පවතිනකොට ඒ අර class සහ instant bell shaped curve එකට සම්බන්ධ කරලා බැලුවා. එතකොට ඒකෙ අපි දන්නවා අර bell shaped curve එකේ A, B, C කියලා තුනක් අපි ලකුණු කරගත්තා. එතකොට ඒකෙ අර backward wave එක අපි දන්නවා ඒක instant එක කියලා. අන්න ඒ පැත්තට එන්නේ අර විතක්ක කියන එක. Forward wave එකට එන්නේ අර class එක. ඒක විචාර. එතකොට එතන අපි දන්නවා සුඛ වන රූප සොයන සංස්කාර නිසා සෝකය දක්වා හැමදා ම පැමිණේ. මේක අපි පුරුද්දක් බවට පත්වෙලා තියෙනවා.
එතකොට අපිට පේනවා එතනත් අපි ඒ සංස්කාරයන් කරලා අපි සොයනවා. සෙවීම තියෙනවා එතන. ඒ කියන්නේ අභිනන්දති. ඊළඟට ආපහු backward wave එකෙත් පේනවා මව නැති වූ පුද්ගලයා මව සොයනවා. ඒ කියන්නේ ස්පර්ශය නැති වූ පුද්ගලයම තමයි ස්පර්ශය සොයන්නේ. කුමකින් ද සොයන්නේ? සළායතන මගින්. එතකොට මෙතනත් තියෙනවා සෙවීම. එතකොට එහෙම නම් ඒ කියන්නේ අභිනන්දනා කරන තාක් අපිට සමුදය තියෙනවා. Forward එකයි backward එකයි දෙකේ ම wave එකේ තියන එක.
ඉතින් මේක තව බලන්න ඕන අපි, මතක ද අපි අර පෙන්නුවා සඤ්ඤාවෙන් චේතනා වෙලා එතනින් අර පරාමාස, භය අගති, සෝකය දක්වා එන්නා වූ ඒ class එක, නාමරූප පච්චයා සළායතනං කියලා භය අගතියේ ඉඳන් සෝකය දක්වා. ඊළඟට ආපහු අපි අර මරණය වෙලා සෝකයට එන අවස්ථාව, එතන මතකයි අපි බැලුවා පරිදේවයේ ඉඳන් ඒ භය අගතියට එන්නා වූ එතන පාර. එතකොට දැන් ඒක අපි සම්බන්ධ කරගත්තා මේ පහුගිය දවසක භාවනාවේ දී අර diamond එකත් එක්ක. වේදනා චේතනා ඊට පස්සේ චේතනාවෙන් ඉදංසච්චය, ඉදංසච්චයෙන් භය අගතියට එන්නා වූ එක. ඉතින් එතන අපි ලියාගත්තා ඒ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා රේඛාව. ඒ පැත්ත තමයි class එක වෙන්නෙ. එතැන දී අපි දන්නවා නාමරූප පච්චයා සළායතන.
එතකොට ඔය විදිහට ඕක ලියාගත්ත එක මතකයි නේ. ඒ උඩ තියෙන්නේ චේතනාවෙ ඉඳන් ඉදංසච්චයට එන එක විඤ්ඤාණ පච්චයා එතන නාමරූපං කියලා. එතන නාමරූපය ථීනමිද්ධය තියෙන තැන. ඉතින් දැන් අපි දන්නවා ඔය දෙපැත්තට එනවා instant දෙක. ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් භය අගතියට instant එක කියන එක එනවා. වේදනාවේ ඉඳන් චේතනාවටත් ආපහු instant එකක් එනවා. දැන් එහෙම නම් ඕකේ චිත්තයේ ආස්වාදය කියන එක ඇවිල්ලා ඒ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. ඉතින් චින්තාමය ප්‍රඥාවේ දී පෙන්නන්නේ නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. එහෙනම් දැන් ඉස්සෙල්ලා කිව්වා bell shaped curve එකේ forward එකයි backward එකයි. අපි කිව්ව නේ දෙකේ දී ම හොයනවා කියලා. ඒක හොයන්නේ නැත්නම්, එහෙනම් මෙතන bell shaped curve එක flat වෙලා යනවා.
දැන් ඕක සම්බන්ධ කරන්න ඊයේ භාවනාවට. ඊයේ භාවනාවේ දී lightning signs දෙකක් අපි බැලුව නේ නේ ද? ඒ lightning signs දෙකේ පෙන්නුවේ මොකක් ද? එකක් තමයි අර පරිදේව වෙච්ච ඒ සංස්කාරයන්, එතනින් අපි එනවා පරාමාසයට, පරාමාසයෙන් භය අගතියට, භය අගතියෙන් සෝකයට එනවා. අපි කහ පාටින් ලකුණු කරගත්තා ඒක. ඒක තමයි ඉක්මනින් සිද්ධ වන්නේ. Lightning sign එක ඒක කොටයි. ඕක අර නිත්‍යයි කියලා අරගෙන පෙර වූ නිත්‍යයි කියන කතාවත් එක්ක නේ ඕක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් නිත්‍ය හදාගෙන යන එක green පාටින් අපි ලකුණු කර ගත්තෙ. එතනින් අර line 5 එකෙන් ඇවිල්ලා, එතනින් ඒ කෙළින් ම භය අගතියට ඇවිල්ලා, භය අගතියෙන් උඩ චේතනාවට ගිහිල්ලා චේතනාවෙන් නාමරූප තියෙන තැනට එනවා.
එතකොට ඉතින් පේනවා නේ ද අපි flat කරගෙන යනකොට, දැන් අපේ නිතර ම වෙන්නේ, අපි එකපාරට ම එනවා එක පැත්තකින් ඔය lightning sign එකේ කෙටි එකෙන් කහ පාට එකෙන් අපි කිව්ව එකෙන් සෝකය දක්වා. අනිත් පැත්තෙන් ගත්තහම අපි දෝමනස්සයට යනවා. ඉතින් කොහොම ගියත් දුකයි නේ. එහෙනම් මොකට ද අභිනන්දනා කරන්නේ. ඕක තමයි තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව. මේ ස්ථානය බොහොම හොඳයි. බුදුවරු හත් නමක් වැඩලා තියෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්