Date: 07/12/2016 Name: Nibbana

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඒකේ අපි ඉගෙන ගත්තා අර bell shaped curve එක, අර forward wave එක class එක, එතෙන්දි අපි සෙවීම කියන එක තියෙනවා කියලා. අර සුඛ වන සංස්කාර. එතකොට අපි කිව්වා ඒක සෝකය දක්වා හැමදා ම පැමිණීම පුරුද්දක් බවට පැමිණිලා තියෙනවා කියලා. අනිත් පැත්තට ආපහු කිව්වා මව නැති වුණු පුද්ගලයා මව සොයනවා. ස්පර්ශය නැති වූ පුද්ගලයා ම තමයි ස්පර්ශය සොයන්නේ. මොකකින් ද හොයන්නේ? සළායතන මගින්. එතනත් සෙවීම තියෙනවා. එතකොට මේක අභිනන්දනා කරන තාක් ඉතින් අපිට සමුදය තියෙනවා.

ඊට පස්සේ දැන් අපි ඕක ඊයේ සාකච්ඡා කළා. ඒ ඊයේ භාවනාවෙදි අපි බැලුවා අර චිත්තයේ ආස්වාදය, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. ඒ චින්තාමය ප්‍රඥාව, නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියලා. ඊට පස්සේ අපි ඕක බැලුවා අර මේ lightning sign දෙකක්, ඊට ඉස්සෙල්ලා භාවනාවෙදි බැලුවා. ඒකෙදි පෙන්නුවේ මොකද්ද? එක පැත්තකින් එනවා පරිදේව පරාමාස භය අගති, එතනින් අපි එනවා සෝකයට. අපි කිව්වා ඒක fast කියලා. ඊළඟට ආපහු අපි කල්පනා කළා ඒ පරිදේවයේ ඉඳන් භය අගතියට, භය අගතියේ ඉඳන් උඩ අතට අර අත්තා කියලා ගන්නේ, චේතනාව දක්වා යන එක. චේතනාවේ ඉඳන් අපි ආපහු එනවා අර නාමරූප කියන තැනට. එතකොට එතන දෝමනස්සයටයි අපි එන්නේ. එතකොට උඩ දෝමනස්ස, යට සෝකය කියන තත්වය අපි ආවා.

එතකොට දැන් අපි ඔතනදි තේරුම් ගත්තා ඒ lightning sign දෙකේ කහ පථය, කොල පථයට වඩා ඉක්මන් කියලා, නේ ද? ඒක පථ දෙක නේ ඔය කිව්වේ දැන්. එතකොට ඒ backward wave එකේ ඒ පථය, ඒක හෙමින් තමයි සිද්ධ වෙන්නේ, කොල පාට පථයේ එන එක. දෝමනස්සයට පැමිණෙනවා. ඒ වුණාට සෝක වීමෙන් අනතුරුව තමයි අපිට දෝමනස්සය වන බව අපිට වැටහෙන්නෙ. ඒ කියන්නේ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. එමනිසා තමයි තථාගතයන් වහන්සේ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයයි කියලා තථාගතයන් වහන්සේ පවසන්නේ.

එතකොට ඇයි සෝක පරිදේව? ඉතින් මේකට අපි ලකුණු කරගන්න ඕනෙ curves දෙකක්. අපි හිතමු blue පාටින් අපි curve එකක් ලකුණු කරගන්නවා කියලා, ඒ curve එකේ අපි දන්නවා අර forward කෑල්ල තියෙනවා නේ, දොමනස්සය ඉඳන් සෝකයට එන කෑල්ල. අන්න ඒක අපි blue curve එකේ ලකුණු කරගන්නවා. අන්න ඒකත් එක්ක ම තව wave එකක් අපි ලකුණු කරගන්නවා, අපි හිතමු කහ පාටින් ලකුණු කරගත්තා කියලා wave එකක්. ඒ wave එක ඇවිල්ලා දැන් ඔය දැන් අපි කතා කරපු ඔය සෝකය point එක හරහා තමයි යන්නේ.

දැන් අපිට පේනවා සෝකය අයිති වුණේ blue wave එකට. දැන් අපි yellow wave එකකුත් කතා කරනවා. ඒක තමයි, ඒකේ තියෙනවා නේ backward එක. Yellow wave එකේ backward එක. ඒක, ඒ කෑල්ලට අපි ලකුණු කරගන්නවා අර පරිදේවයේ ඉඳන් අපි දෝමනස්සය දක්වා පැමිණීම කියන එක තියෙන්නේ. එතකොට ඒක, ඒ දෝමනස්සය කියන එක ඒ yellow wave එකේ උඩ top එකේ තමයි දෝමනස්සය. එතකොට දැන් ඒක, ඒ කියන්නේ කබලිංකාර ආහාර පැත්තටයි ඒ wave එක එනවා වාගේ අපිට ඒක පේන්නේ, backward wave එක.

එතකොට දැන් එහෙම නම් අපි දෝමනස්සය තැනට අපි ආවා නම් අපිට පේනවා, දැන් අපි meet වෙන්නේ අර forward wave එකේ සෝකයත් එක්ක. දැන් එහෙම නම් අපිට පේනවා, කෙනෙකුට ලියාගන්න පුළුවන් ඔය blue wave එකේ top එකේ දෝමනස්සය, ඒක පෙර. එතකොට backward wave එකේ දෝමනස්සය, ඒකත් top එක, ඒක ඇවිල්ලා දැන්, present. සළායතන පච්චයා ඵස්සො. එහෙම නම් දැන් මෙතෙන්ට ආවාට පස්සේ එයා දැන් කියනවා, පෙරත් මෙසේ ම යි දැනුත් මෙසේ ම යි කියලා වචන පිටවෙනවා. ඇයි ඉතින් දැන් යන්නේ සෝකය කියන එකට නේ එන්නේ. Meet වෙන්නේ සෝකයේ දී. අන්න එහෙම නම් හඬා වැලපීම. අන්න එහෙම නම් පරිදේවය.

එහෙම නම් දැන් අපිට පේනවා සෝකයෙන් පරිදේවය වුණා කියන එක. දැන් ඊළඟට ආපහු ගත්තහම, මේ විදිහට පරිදේව වුණායින් පස්සේ ඒ පුද්ගලයා නැවතත් ජාතිය හොයනවා. ඒක ම දුක වෙනවා. ඇයි ජාතිය දුකයි නේ. ජාතිපි දුක්ඛා. එතකොට එහෙම නම් දැන් අපිට පේනවා, ජාති වේදනා චේතනා රේඛාව. එතකොට ජාතිය තියෙන තැන දුක, ඉතින් නාමරූප තියෙන තැන, එතන නැවතත් දෝමනස්සය. එහෙනම් ඉතින් අපිට පේනවා දුක්ඛ දෝමනස්ස. ඉතින් ඔය විදිහට තමයි සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන එක වැටහෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_MYEX_05_12_2016.jpg