ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඔයගොල්ලන්ට මතකයි අර පථ දෙකක් අපි සාකච්ඡා කළා. අවිද්‍යා පච්චයෙන් සඞ්‌ඛාරා වෙලා සඞ්‌ඛාර පච්චයෙන් විඤ්ඤාණ කිව්වහම පරිදේවයේ ඉඳන් පරාමාසයට, පරාමාසයෙන් භය අගතියට භය අගතියෙන් සෝකයට. එතකොට ඉතින් අපි දන්නවා භය අගතියෙන් සෝකයට එනවා කියන එක නාමරූප පච්චයා සළායතනං කියලා. ඊට පස්සේ අපි කොල පථය සාකච්ඡා කළා. පරිදේවය ඉඳන් භය අගතිය, භය අගතියෙන් පරාමාසය චේතනා, එතනින් නාමරූපවලට එනවා. එතනදි කිව්වා සළායතන පච්චයා ස්පර්ශය කියලා.
ඉතින් ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ කහ පථය ඔස්සේ සෝකයට පැමිණීම forward path එක, ඉතාමත් ඉක්මනින් සිද්ධ වෙනවා, backward path එක ඒක හිමින් සිද්ධ වෙනවයි කියලා. එතකොට ඒකෙ අපි අර curves දෙකක් බැලුවා. ඒකෙ forward curve එකේ දොමනස්සය කියන එක අර bell shaped curve එකේ උඩ කෙළවරේ, ඒක පෙර. ඊට පස්සේ අර දොමනස්සය කියන එක කහ පාටින් ලියාගත්ත curve එකක්, දැන් සිද්ධ වෙන එක, එතන තියෙන්නේ දොමනස්සය. දැන් ඉතින් අපි යන්නේ ඔය දෙක කැපෙන තැනට. ඒ කියන්නේ සෝකය කියන තැනටයි යන්නේ. ඉතින් එතනට ආවා නම් ඒ කියන්නේ අපි එතනට ඇවිල්ලා ඉවරයි, සෝකය තියෙන තැනට. ආවා නම් අපි ඉගෙන ගත්තා අර පෙරත් මෙසේ ම ය, දැනුත් මෙසේ ම ය කියලා අපිට වචන පිටවෙනවා. පරිදේවයට යනවා කියලා. සෝකයෙන් පරිදේවය අපි ඉගෙන ගත්තා. ඒ වගේ ම අපි ඉගෙන ගත්තා මේ විදිහට පරිදේව වුණා ම අපි ජාතිය සොයනවා, ඒක ම දුක වෙනවා කියලා. එතකොට එහෙම නම් සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස කියන එක, ඒක හරි.
ඒ පාර අද භාවනාවෙදි උපායාසය කියන එක මෙනෙහි කළා. දෝමනස්සයෙන් පසුව උපායාසය තථාගතයන් වහන්සේ පවසනවා. ඇයි උපායාසය? කිසිම සංස්කාරයකින් පවත්වන්න බෑ. මොන ආකාරයකට කළත් දෝමනස්සයේ සිට සෝකය දක්වා එනවා. පෙරත් එහෙමයි. දැනුත් එහෙමයි. අනාගතයේ ඒක ගත්තොත් එහි දීත් එහෙමයි. අර පලතුරු ගෙඩිය කාලාවත් ඉන්න බැහැයි කියලා අපි පෝතලිය සූත්‍රයෙන් අපි වටහා ගත්තා.
එතකොට දැන් මෙතන දී අපිට එනවා, දැන් අපි කිව්වා නාමරූප පච්චයා සළායතනං කිව්වා ම භය අගතියේ ඉඳන් සෝකයට එන එක. එතකොට ඒක අපිට පේනවා ඉතින් ඔය නාමරූප කියන එක චේතනාව කියන එක නාමරූපයට ගත්තොතින් චේතනා පරාමාසය එතනින් සෝකය. ඒ කියන්නේ මොකක් ද? ඇහැ, කණ, නාසය, දිව, ශරීරය, මනස ඔක්කෝම ජරාවට පත් වෙලා. ඒක නිසා අපේ සෝකය කියන එක තියෙනවා. එතකොට ඒ සළායතනවලින් යම්කිසි ස්පර්ශයක් ඇති වෙනවා නම් ඒකෙන් ඇති වෙන්නේ දොමනස්සය. ඒ කියන්නේ දැන් අපි එනවා අර චේතනාවේ ඉඳන් නාමරූපයට එන්නා වූ ඒ රේඛාව කියන එක. මේ විදිහට මේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට ම මේක සාධාරණයි. ඉතින් අපිට මතක් වෙනවා. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ “අනිච්චා භික්ඛවෙ කාමා, තුච්ඡා” ඉතින් මේ කාම සඤ්ඤාවෙන් ඇති වෙන්නේ දොමනස්සයයි.
ඉතින් ඕකෙ ඔය නාමරූප පච්චයා ඔය විදිහට ධර්මය තේරුම් අරගෙන නාමරූප පච්චයා සළායතනං කියන එක තමන්ට සිහි වෙනකොට ම මේ විමුක්තිය කියන එක ඇති වෙනවා. අර කූඹි කනවා වගේ දැනෙන එක. එකපාරට ම ඇති වෙනවා මේ නිකට හරියේ. මේක මේ විදිහට ටිකක් වෙලා ඉඳලා දැන් අපිට පේනවා ඉතින් එහෙනම් මේ උපායාසය බලන්නේ, මේ සංස්කාරයෙන් තමයි අපේ මේ දේ කරන්නේ. සංස්කාර පච්චයා විඤ්ඤාණං. එතකොට දැන් එහෙම නම් අපිට පේනවා කොයි ආකාරයකට කළත්, ඔතෙන්ට ම යි අපි එන්නේ. ඒ කියන්නේ සෝකයට ම යි. මොන ආකාරයකට කළත් අපි සෝකයට ම එන්නා වූ එක. ඉතින් අන්න ඒක තමන්ට හොඳට වැටහෙනවා. ඒ මොන සංස්කාරයෙන් ආවාහම සෝකයට එනවා කියන එක ටිකක් බලාගෙන හිටියහම එතනින් අපිට එනවා දැන් ඉතින් මේක නිසා අපිට ඇති වෙන්නේ මොකක් ද? බුදුහාමුදුරුවෝ දේශනා කළා “තණ්හාය ජායතී සොකො, තණ්හාය ජායතී භයං”
ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ ගැඹුරට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ සංස්කාරයෙන් එතන පරාමාසයට ඇවිල්ලා අපි එන්නෙම තනිකර ම ඔය කාරණා දෙකට. සෝකයටයි භය අගතියටයි. මේ yellow path එක බොහොම වැදගත්. හොඳට පේනවා බයයි සෝකයයි කියන එක තමයි මේකෙ ඇති වෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්