ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ අර lightning sign දෙකෙන් අපි දන්නවා අර නාමරූප පච්චයා සළායතනං කියලා සෝකයට එන එක. ඒ වගේ ම අර කොල පාට පථය. සළායතන පච්චයෙන් ස්පර්ශය. නාමරූප තැනට අර චේතනාවේ ඉඳන් එන එක. ඉතින් මේක අර waves දෙක බලාගෙන ගිහිල්ලා, දැන් අපි බැලුවා නේ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඊට පස්සේ අපි උපායාසය කියන එක සිහි කළා. එතකොට ඒ උපායාසයේ තිබුණේ අපිට කිසිම සංස්කාරයකින් පවත්වන්න බැහැ කියලා. කොහොම කළත් දෝමනස්සයේ ඉඳන් සෝකය දක්වා එනවා කියලා. ඉතින් අපි එතන තේරුම් ගත්තා ඒ විදිහට ඒ පෙරත් එසේ ම ය, දැනුත් එසේ ම ය, අනාගතේ ගත්තොත් එහෙමයි කියලා අර පෝතලිය සූත්රය වාගේ ඒ භාවනාව කළා.
ඒ උපායාසයෙන් පස්සේ අප්රියේහි සම්ප්රයෝගය සිහි කළා. තුන් කාලයේ දී ම සළායතන ස්පර්ශයෙන් ඇති වෙන්නේ දෝමනස්සයක් නම් එය ම අප්රියේහි සම්ප්රයෝගය වන්නේ ය. කිසිවක් ප්රිය නැත. ප්රිය වීමට ඉඩක් ද නැත. කුමක් නිසා ද? සෝකය විසින් ම සෑම ආයතනයක ඇති ජරා ස්වභාවය පුනපුනා ඉස්මතු කර පෙන්වීම සිදු කරන්නේ නම් කුමක් ප්රිය වන්නේ ද? ප්රියේහි විප්පයොගය සිහි කළා, ප්රිය වූ යම් ආයතනයක් වේ ද, එහි යම් වෙනස්කමක් වී ද එය ම ප්රියේහි විප්පයොගයට තුඩු දෙනවා. අත්නොහරින ලද යම් ආයතනයක් වේ ද එය මගින් ප්රියේහි විප්පයොගය සිද්ධ වෙනවා. මෙසේ ස්පර්ශ පච්චයෙන් වන වේදනා වටහා ගත යුතු ය. ඉතින් ඒක, ඒ ස්පර්ශ පච්චයා වේදනා කියන එක අපි කලින් බලලා තියෙනවා නේ. ඒ බලපු වෙලාවේ අපි දැක්කා නේ අර රේඛාවක්. ජරා 5.3, ඊට පස්සේ දෝමනස්සය තියෙන තැන, එතන 5.4, ඊළඟට අප්රියේහි සම්ප්රයෝගය 4.6 කියලා. ඒක දික් කළහම කෙළින් ම යන්නේ චේතනාවට. දැන් ඉතින් ඒ මුළු picture එක ම පේනවා. අප්රියේහි සම්ප්රයෝගයෙන් ආවා නම් ඒ වෙන්නා වූ දේ. ඒ ධර්මය ම තමයි මේ ආපහු මේ විදිහට බැලුවහම පේන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්