ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම කලින් කරපු භාවනාව තමයි කරගෙන ගියේ. එතකොට ඕගොල්ලන්ට මතකයි අපි අර පථ දෙකක් බැලුවා. අර අවිද්‍යා පච්චයෙන් සඞ්‌ඛාර ඇති වෙලා, සංඛාරයකින් චේතනාවෙන් වේදනාවට එනවා. එතන සළායතන පච්චයා ඵස්සො කියලා බැලුවා. දැන් yellow path එක තමයි සංස්කාර පච්චයා විඤ්ඤාණං. ඒක පරාමාසයට එනවා. පරාමාසයෙන් භය අගතිය, භය අගතියෙන් සෝකය දක්වා එන පාර. ඊට පස්සේ අපි බැලුවා green path එකක්. ඒ line 5 එකෙන් එන්නා වූ එක. ඒ පරිදේවයෙන් භය අගතිය, භය අගතියෙන් පරාමාසය, පරාමාසයෙන් චේතනාව, චේතනාවෙන් අර නාමරූප දක්වා එන්නා වූ එක සළායතන පච්චයා ඵස්සො කියලා. එතකොට දැන් මේ දෙක බලලා ඕගොල්ලන්ට මතක ඇති අපි බැලුවා අර bell shaped curves දෙකක්. ඒ දෙක එකට සම්බන්ධ වෙනවා, forward එකයි backward එකයි.
ඒකෙ forward එකේ අර සෝකය කියන තැනට අපි ලකුණු කරගත්තා අර peaks දෙකට ආවේ දොමනස්සය කියන එක. ඉතින් අපිට පේනවා පෙරත් අපිට තිබුණේ දොමනස්සය. ඒ වගේ ම දැනුත් තියෙන්නේ දොමනස්සය. දැන් තියෙන දොමනස්සයෙන් යන්නෙත් සෝකයටයි කියන එක අපි බැලුවා. එතකොට මේ විදිහට පෙරත් මෙහෙමයි, පසුත් මෙහෙමයි කියලා අපි අඬා වැලපෙනවා, පරිදේවයට පත් වෙනවා කියලත් ඉගෙන ගත්තා. දැන් පරිදේවයට පත් වෙච්ච පුද්ගලයා ජාතිය කියන එක හොයනවා. එතකොට ඒක ම දුකක් වෙනවා.
එතකොට එහෙම නම් ජාති වේදනා නාමරූප. ඒ රේඛාව ගත්තහම අපිට එන්නේ දොමනස්සය කියන එක. එහෙම නම් අපිට පේනවා සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්සය කියන එක. ඊට පස්සේ මම සිහි කළා උපායාසය. අපි මේවා බැලුවා කලින් මේ භාවනාව.
එතකොට කිසිම සංස්කාරයකින් පවත්වන්න බෑ, කොහොම කළත් දොමනස්සය සිට සෝකය දක්වා එනවා. පෙරත් එහෙමයි, දැනුත් එහෙමයි අනාගතයේ ගත්තත් ඒත් එහෙමයි කියලා අපි කල්පනා කළා. පලතුරු ගෙඩිය කාලාවත් ඉන්න බැහැයි කියන එක අර පෝතලිය සූත්‍රයේ අර්ථය.
එතකොට ඒ වගේ ම මේ නාමරූප පච්චයෙන් ඒ සළායතනය. ඒක සෝක කරනවා කියනවා කියන එක, එතනදි අපි බැලිය යුතු දෙයක් තමයි ඔය නාමරූප කිව්වා ම අපි ගනිමු චේතනාව කියන එක. එහෙම නම්, චේතනා පරාමාස, පරාමාසයෙන් සෝකය. එතකොට එතනදි අපි සෝක කරනවා කියන එක වෙනවා. නාමරූප කියන්නේ චේතනාව නම්, අපි චේතනාවෙන් එන්නේ සෝකයක්. හැම චේතනාවකින් ම අපිට සිද්ධ වෙන්නේ ඔන්න ඔය දේ තමයි.
ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ඒ සළායතනයෙන් යම්කිසි ස්පර්ශයක් ඇති වෙනවා නම්, ඒක ඇති වෙන්නේ දොමනස්සයයි කියලා. මේක අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයට ම සාධාරණයි කියලා බැලුවා.
ඊළඟට අපි උපායාසයෙන් පස්සේ අප්‍රියේහි සම්පයොගය කියන එක සිහි කළා. තුන් කාලයේ දී ම සළායතනවලින් ස්පර්ශයෙන් ඇති වෙන්නේ දොමනස්සයක් නම් එය ම අප්‍රියේහි සම්පයොගය වෙනවා. කිසිවක් ප්‍රිය නැත. ප්‍රිය වීමට ඉඩක් ද නැත. කුමක් නිසා ද? සෝකය විසින් ම සෑම ආයතනයක ඇති ජරා ස්වභාවය පුනපුනා ඉස්මතු කර පෙන්වීම සිදු කරන්නේ නම් කුමක් ප්‍රිය වන්නේ ද කියන එක. ඊට පස්සේ ප්‍රියේහි විප්පයොගය සිහි කළා. ප්‍රිය වූ යම් ආයතනයක් වේ ද එහි යම් වෙනස්කමක් වේ ද එය ම ප්‍රියේහි විප්පයොගයට තුඩු දෙනවා. අත්නොහරින ලද යම් ආයතනයක් වේ ද එය මගින් ප්‍රියේහි විප්පයොගය වෙනවා. මේ විදිහට මේ ස්පර්ශ පච්චයෙන් වන වේදනාව වටහා ගන්න ඕනෑයි කියලා අපි සාකච්ඡා කළා. ඒ ප්‍රියේහි විප්පයොගය කියන එක ටිකක් ගැඹුරට බලන්න ඕනෑ.
දැන් බලන්න ජාතියේ ඉඳන් ජරාවට ගියා නම් අප්‍රියේහි සම්පයොගය තියෙනවා. අප්‍රියේහි සම්පයොගය තියෙනවා නම් අපිට ප්‍රියේහි විප්පයොගය ඇති වෙනවා. ඊළඟට ආපහු ගත්තහම, ජාති ජරා ව්‍යාධි මරණ. මරණය, ඒ කියන්නේ මනෝමය කායකින් ඉන්නවා කාලා නෑ වගේ දුකයි කියන එක තියෙනවා. එතකොට ආපහු අපි දන්නවා, ජාති දුක්ඛ ස්පර්ශ වෙමින් ප්‍රියේහි විප්පයොගය. එතකොට එහෙම නම් පොඩ්ඩක් වෙනස්කමක් ඇති වුණත් මේ රූපයේ අන්න අපිට ඒක නිසාත් අප්‍රියේහි සම්පයොගය. ආයතන ඔක්කොම ටික ගියත් අපිට එතනත් ආපහු තියෙනවා ප්‍රියේහි විප්පයොගය කියන එක. ගැඹුරට ම බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා.
ඉතින් අද භාවනාවේදි මම සිහි කළේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. ව්‍යාධිය, දුක්ඛය බව දන්නා පුද්ගලයකු “අනේ අපි ව්‍යාධියට පත් නොවෙනවා නම්” කියලා හිතනවා. නමුත් දැන් අපි මෙච්චර වෙලා සාකච්ඡා කළ ඒ කාරණා සියල්ල නිසා ම අපි ව්‍යාධියට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් ඵස්ස පච්චයෙන් වන යම් වේදනාවක් වේ ද, එම සෑම වේදනාවක් ම දුක්ඛයේ ඇතුළත් වන බැවින්, දුක්ඛයෙන් තොර වූ යම් වේදනාවක් පතන අයකුට එය නොලැබේ නම් එය ම ව්‍යාධියට හේතු වන්නේ ය, ප්‍රත්‍ය වන්නේ ය. යම් වෙනසක් රූපයක ඇති වන්නේ ද එම ජරා ස්වභාවය ම ව්‍යාධියට හේතු ප්‍රත්‍ය වන්නේ ය. එතකොට ඒ ජරාවේ ඉඳන් යම්කිසි දුරකට අපි ආවා ද දුක්ඛය දක්වා, අපි පෙන්නුවා අපිට පියෙහි විප්පයොගය. එතකොට ඒ හැම කාරණාවක් ම ව්‍යාධියට එනවා. එතකොට මේ සෑම සත්වයෙක් ම ලෙඩයි, ව්‍යාධිය.
“ආරොග්‍යා පරමා ලාභා.” එහෙම නැති කෙනෙකුට ඉන්නේ කවුද? ඒ පිරිනිවන් පාපු කෙනෙක් විතරයි. අනිත් අයට හැමෝට ම කායික හරි, රහතන් වහන්සේට වුණත් මානසිකව නැති වුණාට, කායිකව හරි ඒ ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. එතකොට පරම ලාභය වන්නේ උතුම් නිර්වාණය තමයි.
ඒක තමයි මං කරපු භාවනාව.
ගෞතම බුදුහාමුදුරුවෝ මෙතනත් බණ කියලා තියෙනවා, මේ ස්ථානයේ ආදිත්ත පරියාය සූත්‍රය. සුජාතා හෝටලය, බෝධි ගයා, ඉන්දියාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්