ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ දී භාවනා කළ අයුරින් භාවනාව වැඩුවා. ඉතින් ඒකේ අපි කාරණාවන් ඊයේ පෙන්වා දුන්නා. එතනදි, ඒ පස් වෙනියට පෙන්නුවා අර උපධීන් සිහි කිරීම ගැන. එතනදි පෙන්නුවේ ඒ තණ්හාව ඇති වීම. රූප, වේදනා, සඤ්ඤා, සෙවීමක් ඇති ද එමගින් අලුත් සංස්කාරයන් උපදවනවා. ඊළඟට ඒකේ අනිත් පැත්තටත්, දෙපැත්තට ම අපි බැලුවා. සංස්කාරයන් මගින් රූප, වේදනා, සඤ්ඤා, සොයනවා කියන එක බැලුවා.
ඉතින් මේ අවස්ථාවෙදි සිත ඉතා ම ප්‍රභාස්වරයි. ආලෝකය විහිදෙන ස්වභාවයක් තියෙනවා කියන එක සාකච්ඡා කළා. මේ විදිහට ප්‍රභාස්වර වූ චිත්ත ස්වභාවය හටගත්තට පස්සේ එම ආලෝකය තුලින් දක්නා යම් දහමක් වේ ද, එම සියලු ධර්මයෝ දුකෙහි ම ඇතුළත් වන බව තථාගතයන් වහන්සේට වැටහෙනවා.
“විජ්ජා උදපාදි” අවස්ථාවෙදි වටහා ගත්තේ මෙන්න මේ ධර්මයයි. මෙහි දී දෙයාකාර වූ ධර්මයෝ පෙනෙන්නාහු ය. එනම් සමුදය ධර්මය දෙයාකාරව පේනවා. අස්තංගමය ධර්මය දෙයාකාරව පේනවා.
සමුදය ධර්මය කෙසේ දෙයාකාර ද? පළවෙනියට රූප, වේදනා, සඤ්ඤා, සෙවීම් සංස්කාර මගින් ඇති වෙනවා. දෙවෙනි කාරණය සොයන ලද ලබා ගන්නා ලද රූප, වේදනා, සඤ්ඤා, මගින් අලුත් සංස්කාරයන් උපදවනු ලබනවා. අස්තංගමය ධර්මය කෙසේ දෙයාකාර වේ ද? එතකොට අපිට කියන්න පුළුවන් තුන් වෙනි කාරණය හැටියට රූප, වේදනා, සඤ්ඤා, නිරෝධ වන්නේ සංස්කාර නිරෝධයෙනි. හතර වෙනි කාරණයට කියන්න පුළුවන් සංස්කාර නිරෝධ වන්නේ රූප, වේදනා, සඤ්ඤා යන තුන් ධර්මයන්ගේ නිරෝධයෙනි.
මෙහි පළමුවට සඳහන් කළ ධර්මයෝ අවිද්‍යාව නිසා හටගන්නා බවත්, දෙවෙනුවට සඳහන් කළ ධර්මයෝ තණ්හාව නිසා හටගන්නා බවත් වැටහෙනවා. පළවෙනියට සඳහන් කළේ රූප, වේදනා, සඤ්ඤා, සෙවීම සංස්කාරයන් මගින් ඇති වෙනවා කියන එක. දෙවෙනුවට සඳහන් කළේ සොයන ලද, ලබා ගන්නා ලද රූප, වේදනා, සඤ්ඤා, මගින් අලුත් සංස්කාරයන් උපදවනු ලබයි.
ඉතින් පළවෙනි කාරණය අපිට පේනවා, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය. ඒ කියන්නේ දිට්ඨි පපඤ්චය. දෙවෙනි කාරණයට පෙන්නනවා තණ්හා පපඤ්චය. ඉතින් මෙතෙන්දි අපිට පේනවා රූපයක් තිබුණට ඒක ස්පර්ශ වුණේ නැත්නම් අපිට මොකක්වත් ඇති වෙන්නේ නෑ. එහෙම නම් රූප, ඊළඟට ස්පර්ශ වේදනා, ඊළඟට සඤ්ඤා. ඔන්න ඔය රූප, වේදනා, සඤ්ඤා ධර්මයන්ගෙන් අර මමංකාරය කියන එක ඇති වෙනවා. එහෙම නම් චේතනාවයි පරාමාසයයි අතරට මමං. ඊළඟට දකුණු පැත්තේ පහළ සංස්කාර පරිදේව වන තැන ලියන එක. සංස්කාර ඉඳන් අපි වම් පැත්තට එනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට, එහෙනම් එතන අහං.
එතකොට මෙතන වැටහීමක් ඇති වෙනවා, මේ තණ්හාවත් තණ්හාවේ සමුදයත් වටහා ගැනීම කියන එක සිද්ධ වෙනවා. ඒ අවිද්‍යාව මේ පැත්තේ තිබෙන්නා වූ, අපි ඉගෙන ගත්තා නේ මෙතන අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එනවා කියන එක. එතකොට තණ්හාවත් තණ්හාවේ සමුදයත් අවිද්‍යා නිසා කියන එක වටහා ගැනීම සිදු වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.