ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාව නැවතත් මතක් කරනවා නම්, අර චතුරාර්ය සත්‍ය ධර්මය කොටස් දෙකකට බෙදෙනවා කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. ඒ දුක්ඛයයි, දුක්ඛ සමුදාර්ය සත්‍යයයි එක කොටසක් වෙනවා. දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී පටිපදාවයි කියන එක තව කොටසක් වෙනවා. එතකොට දුක්ඛයයි, දුක්ඛ සමුදය සත්‍යයෙයි ආස්වාදය කියන එක තියෙනවා. දුක්ඛ නිරෝධයෙයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙයි ආදීනවය තියෙනවා.
එතකොට දුක්ඛයයි, දුක්ඛ සමුදාර්ය සත්‍යයෙයි ආස්වාදය කුමක් ද? ධ්‍යානයක් හරි අපි අභිනන්දනා කරනවා නම් ඒ නිසා ඉපදීම තියෙනවා. පාරිසුද්ධිපධානියඞ්ගයන් පවා අපි අභිනන්දනා කිරීම. ඒක දුකෙහි ඇතුළත් වෙනවා. දුක්ඛ නිරෝධයෙයි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙයි ආදීනවය කුමක් ද? යම් දහමක් වැඩිය යුතු ද, භාවිතා කළ යුතු ද එම දහම නොවැඩීම නිසා, කුසලයේ ඉපදීම නැති නිසා, ආදීනවය තියෙනවා. එතකොට ඒකත් දුක්ඛයේ ඇතුළත් කියලා අපි බැලුවා. එතකොට තථාගතයන් වහන්සේ පැවසුවේ මේ කාරණා දෙක යම් පුද්ගලයෙක් තේරුම් ගන්නවා නම් ඔහුට නිර්වාණය තියෙනවා කියලා.
ඉතින් අපි ඕක සාකච්ඡා කළා, ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි සංස්කාරයෝ ද අනිත්‍ය බව වැටහෙනවා නම් ඒක අභිනන්දනා කරන්නේ නෑ කියන එක. තණ්හා නිරෝධය ම දුක්ඛ නිරෝධය බව වැටහෙනවා නම් කිසියම් දුක්ඛයක් පහ කළ යුතු ද ඒ සඳහා පමා නොවෙනවා කියන එක.
එතකොට දැන් මේ භාවනාවෙදි අපි තේරුම් ගත්තා ඒ ආස්වාදය කිව්වහම රූපය නිසා ඇති වෙන්නා වූ සොම්නස. වේදනාවේ ආස්වාදය, ධ්‍යානයකට ගිහිල්ලා හානි කිරීමට නොසිතීම. චිත්තයේ ගත්තහම අර පාරිසුද්ධිපධානියඞ්ග. විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. සංස්කාරයන් කියන එක ගත්තහම ඒ ධර්මයන්ගෙන් සිත මුදවනවාලන විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගයේ නිරෝධය. විඤ්ඤාණයේදි අපිට පේනවා ඒ විඤ්ඤාණයෙන් අපි දැනගන්නේ දුක්ඛයක්. ඒ දුක්ඛයේ නිරෝධය කියන එක.
එතකොට සංස්කාරයේ අපි සාකච්ඡා කළා මොකක් ද අපි අභිනන්දනා කරන්නේ කියලා. ඒකේ ආස්වාදය, නිරෝධය නම් ඒක නොපවතිනවා. එතකොට කාරණා දෙකකින් පේනවා. නිරෝධය කියන එක තලයක් නෙවෙයි. කෙනෙකුට ගිහිල්ලා ඉපදෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. දෙවෙනියට අපිට පේනවා නිරෝධය පවත්වන්න බෑ. ඒ දවස් හතක් හිටියොත් එච්චරයි. එහෙම නම් කුමක් ආදීනව දැක පහ කරයි ද?
දුක්ඛ නිරෝධයේ අභිනන්දනා කරන දේ ම තමයි අපි, පහ කිරීම කියන එක, ආස්වාදය කියන එක අපි ඒකේ අතහරිනවා. පළවෙනි එකට සොම්නස, රූපය නිසා ඇති වෙන්නා වූ ඒ සොම්නසක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගන්නවා නම්, පොඩි වඩේ එකක් කන එක්කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, මට ලොකු වඩේ එකක් හම්බවෙනවා නම් කියලා නේ ද? එතකොට ඒකේ ආස්වාදය. එතකොට ඒ වගේ ම වේදනාවේ ආස්වාදය, චිත්තයේ ආස්වාදය, ඊළඟට ඒ සංස්කාර නිරෝධය.
දැන් අපිට පේනවා වේදනාවේ ආස්වාදය කිව්වහම ධ්‍යානයන් කියන එක නේ අපිට ආවේ. කාටවත් හානි කරන්නේ නෑ කියලා. එතකොට අපිට පේනවා එතන සැකසීමක් තියෙන්නේ. සකසන්නා වූ දෙයක්. එතකොට ඒකේ ආස්වාදය. චිත්තයේ ආස්වාදය ගත්තත්, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය, ඒකත් අපි හදන දෙයක්. එතකොට ඒකේ පැවතීමක් නෑ. එතකොට ඒ ආස්වාදය. සංස්කාරයේ නිරෝධය. එතෙන්දි ඒකත් නොපවතින බව දැනගෙන අපි පහ කරනවා. විඤ්ඤාණයේදි ඉතින් දුක්ඛය කියන එක. එතකොට එහෙම නම් පහ කරන්නේ දුක්ඛය ම යි. එතකොට එතනදි මනස ප්‍රභාස්වර වෙනවා කිව්වා.
එතකොට එහෙම නම් අපිට දැන් පේනවා, අද භාවනාවේ අලුතෙන් තියෙන්නේ යම් දහමක් නොපවතින්නේ ද එම දහම නොසොයයි. යමක් පවතින්නේ ද එහි බැස ගනී. කුමක් පවතින්නේ ද? උතුම් නිර්වාණය ම පවතියි.
සංස්කාරයන් නොපවතින බැවින් එය අභිනන්දනා නොකළ යුතු බව වටහා ගත්තා. දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය ඇති ආදීනවය දන්නේ පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවදිනවා. එසේ නම් සංස්කාරයන් නොපවතින බැවින් ඒ පහ කිරීමට සමවදිනවා. ඒ කියන්නේ අර රූපයන් කියන පොඩි වඩේ එක නෙමේ ලොකු වඩේ එක. ඒක පවතින්නේ නැහැයි කියන තමන්ගේ මනසින් හදන්නා වූ දෙයක්. එතකොට තමන් ඒක පහ කරනවා. චතුත්ථධ්‍යානය වේවා වේදනාව ගත්තහම ආස්වාදය, මේක පවතින්නේ නෑ. පවතින්නේ නැති නිසා ඒක පහ කරනවා. ඒ විදිහට ම අනිත් කාරණා ටිකත් බලාගෙන යන්න, චිත්තයේ ආදි වශයෙන්. මේ විදිහට අපිට පේනවා මේ දුක්ඛය සහ දුක්ඛ සමුදය සත්‍යයන්ගේ ආස්වාදය සංසිඳීම, සංසිඳී යෑම සිදුවීමෙන් නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.