Date: 29/12/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ ආස්වාදය අපි ඊයේ විදිහට ම කළා. එතකොට ඒකේ අපි දැක්කා මේ රූපය, රූපය නිසා වෙන සොම්නස කියන එක. ඊළඟට අපි දන්නවා වේදනාව, ඒ ධ්‍යානයකට ගිහිල්ලා කාට හරි හානි කරන්න නොසිතීම. චිත්තයේ කියන එක පාරිසුද්ධිපධානියඞ්ගය, ඒ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. සංස්කාර කියලා කිව්වහම ඒ ධර්මයන්ගෙන් සිත මුදවාලන ඒ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගයේ නිරෝධය. ඊළඟට විඤ්ඤාණය. මෙය මගින් දැනගන්නා වූ දුක්ඛයේ නිරෝධය කියලා අපි ඉගෙන ගත්තා. එතනදි අපි සාකච්ඡා කළා සංස්කාරය, මොකක් ද අපි අභිනන්දනා කරන්නේ? ආස්වාදය, නිරෝධය නම් මොකක් ද අපි අභිනන්දනා කරන්නේ? ඒකේ අපි නොපවතිනවා කියන එක බැලුවා.

නිරෝධය කියන එක තලයක් නෙවෙයි, ඉපදීම කරන්න බෑ, නිරෝධය කියන එක පවත්වන්න බෑ, දවස් හතක් හිටියා, එච්චරයි. ඉතින් අපි එතනදි ඉගෙන ගත්තා එහෙම නම් කුමක් ආදීනවය දැක පහ කරන්නේ ද දුක්ඛ නිරෝධයෙදී? අභිනන්දනා කරන දෙය ම යි, ආස්වාදය අතහරිනවා. පළවෙනි එකට සොම්නස. අර රූපය නිසා ඇති වෙන සොම්නස. දෙක, වේදනාවේ ආස්වාදය. තුන, චිත්තයේ ආස්වාදය. හතර, සංස්කාර නිරෝධය. මේක නොපවතින බව දැනගෙන පහ කරනවා. පහ, විඤ්ඤාණය කිව්වහම දුක්ඛය. එසේ නම් පහ කරන්නේ දුක්ඛය ම යි කියලා අපිට ඒකෙදි වැටහුණා.

එතනදි අපි ඉගෙන ගත්තා යම් දහමක් නොපවතින්නේ ද, ඒ දහම නොසොයයි. යමක් පවතින්නේ ද එහි බැස ගනී. කුමක් පවතින්නේ ද? උතුම් නිර්වාණය ම පවතිනවා කියලා. ඉතින් සංස්කාර නොපවතින බැවින් එය අභිනන්දනා නොකළ යුතු බව අපි වටහා ගත්තා. එතකොට එහෙම නම් අපි ඔතන ඉගෙන ගත්තා ඔය නිරෝධ සත්‍යයත් නිරෝධගාමිනී පටිපදා සත්‍යයත් ආදීනවය දන්නේ පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවදිනවා. එහෙම නම් සංස්කාර නොපවතින බැවින් එය පහ කිරීමට සමවදිනවා කියලා. මේ විදිහට දුක්ඛ සහ දුක්ඛ සමුදය සත්‍යයේ ආස්වාදය සංසිඳී යෑම සිදුවීමෙන් නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා ඉගෙන ගත්තා.

එතකොට ඔය අද භාවනාවෙදි මම කළේ, ඔය මේ දක්වා කිව්වේ ඊයේ භාවනාව. අද භාවනාවෙදි මම කළේ, දැන් මේ විඤ්ඤාණය කියන කොටස ගැන මම මෙනෙහි කළා. එතනදි අපි කතා කළා නේ මේක පහ කරන්නේ මේ දුක්ඛය කියන එක නේ. එතකොට යම් ධර්මයක ආස්වාදයක් වෙයි ද එය තමා කර පවත්වනවා. යම් ධර්මයක ආදීනවයක් ඇත්ද, එය එසේ යැයි වැටහේ ද, එය තමා කර නොපවත්වයි. මෙසේ විඤ්ඤාණයත් එමගින් දැනගන්නා වූ දුක්ඛයත් තමා කර නොපවත්වයි. මෙපමණ කලක් තමා කර පවත්වා ඇත්තේ දුක්ඛය ම පමණක් වේ. මෙහි ඉතිරි නැතිව පහ කිරීමක් වේ ද, එතන නිර්වාණය ඇත.

අද භාවනාවෙදි විඤ්ඤාණයටයි focus එක තිබුණේ. ඒ කියන්නේ විඤ්ඤාණයේ ආදීනවය අනත්තා කියලා අපි පෙර සාකච්ඡා කළා නේ ද, මතක ද? ඒ 08/09/2016 නිබ්බාන භාවනාවෙදි. ඒකෙදි අපි පෙන්නුවා මේ ආදීනවය කතා කරනකොට රූපයේ ආදීනවය වෙනස් වීම, වේදනාව අනිත්‍යයි, චිත්තය පරියුට්ඨානය නිසා ඇති වෙන උවදුර, එතකොට ඊළඟට පෙන්නුවා සංස්කාර සහ විඤ්ඤාණ කියන ඒවා අනත්තා කියලා. එතකොට මේකේ හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඔය අනත්තා කියන කතාවේ.

දැන් ඔය දුක්ඛය කියන එක, අපි ඔය දුක්ඛයට කැමති වෙලයි තියෙන්නේ, තමා කියලා ගන්න.

උදාහරණයක් ගන්න මනුස්සයෙක් යනවා පිට රටකට. Snow වැටෙනවා. ඒ snow සුද්ද කරනවා. පිරිසිදු කරනවා නේ ද? දුකක් හරි විඳිනවා. හැබැයි ඕක කාට හරි කියනකොට අපි හිතමු ලංකාවේ මනුස්සයෙක් ගිහිල්ලා, එයාට මේක ගැන හැඟීමක් නෑ. කියනකොට කියන්නේ කොහොම ද? අඬ අඬා ද කියන්නේ හිනා වෙවී ද කියන්නේ? මෙන්න මෙහෙමයි මේ රටේ, මෙහෙම වැටෙනවා snow, අරයාට විස්තර කරලා කියනවා. එතකොට එයාගෙ තියෙන්නේ අර කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයා වගේ අහංකාරයක්. කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයා කුකුළෝ මරණවා කියලා නෙමේ, එයා කරන්නේ ඒකයි. නමුත් ඒක නිසා එයාගේ ජීවත් වීම කෙරෙහි එයාගෙ තියෙනවා අහංකාරය කියන එක. ඒ වගේ තමයි අර snow වැටෙන කතාවෙත්, කියන්නේ අහංකාරයෙන්. එතකොට දකින්නේ දුක, විඳින්නේ දුක, ඒක ම තමයි අත්තා කරගෙන තියෙන්නේ.

ඒ කියන්නේ මේ දක්වා කියපු කාරණාවලින් අර රූපයෙන්, වේදනාවෙන්, මේ චිත්තයෙන්, පරියුට්ඨානයෙන්, මැඩගැනීම, සංස්කාරයන් නිසා මේකෙන් ඇති වෙලා තියෙන ස්වභාවය. අර අහං මතක ද ඇති වුණේ සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ, I-making අපි බැලුවේ, අන්න ඒ කාරණා තුනෙන්, හරි පුදුමයි ඒක. ඒක තමයි මේ අත්තා කියලා, එතකොට ඒක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඉතිරි නැතිව පහ වෙනවා නම්, අන්න නිර්වාණය කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

MM_09_09_2016_D1.jpg