ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව මේ දෙවිවරුන්ට පින් දෙනකොට රහතන් වහන්සේලා මෙනෙහි කරනකොට ම සිත නතර වෙලා තිබුණේ. එකින් එකට කියා ගන්නවත් බැරි වෙන විදිහට. ඒක තමයි ඊයේ භාවනාව කරලා මේ ධර්මය බැලුවා ම, ඒ කියන්නේ ඊයේ භාවනාවෙදි අපි බැලුවා අර විඤ්ඤාණයෙන් දැනගන්නේ දුකයි කියලා. ඒකේ ආදීනවය අනත්තා කියන එක අපි බැලුවා. නමුත් අපි දුකට කැමති වෙනවා කියන එක අපි සාකච්ඡා කළා. අර snow කතාවෙන් එහෙම අපි ඉගෙන ගත්තා නේ ද? එතකොට අර කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයගේ කතාව, එයා මාන වෙලා ඉන්නේ, අහංකාර වෙලා ඉන්නවා කියලා. දුක්ඛයට ම තමයි අහංකාර වෙලා තියෙන්නේ.
එතකොට එහෙම නම් මේ විඤ්ඤාණයෙන් දැනගන්නේ දුක බව වටහා ගන්නේ දන්නේ, දක්නේ, සංස්කාරවල ආදීනවය මෙනෙහි කළා. යම් සංස්කාරයක් උපදවන්නේ ද එහි ආදීනවය අනත්තා කියලා අපි කලින් ඉගෙන ගත්තා. එහෙම නම් එම සංස්කාරයෝ මගින් සකස් කරන විඤ්ඤාණය දුක නම්, සකස් කරන සත්වයා හට සංස්කාර දුක්ඛතාවය කියන එක තියෙනවා. දුක්ඛයට ම අහංකාර වුණේ නම් සංස්කාර දුක්ඛතාවය වැටහෙන්නේ නෑ.
බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරන්නේ නම් සංස්කාර දුක්ඛතාවයෙන් අත්මිදීමට අඩිතාලම සකස් වෙනවා. ඒක පෙරහුරු වෙනවා, පුබ්බංගමා කියන එක. මේ විදිහට ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ කරනවා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති අර ප්‍රඥා ස්කන්ධය තුළ කුමන දහමක් ඇතුළත් ද? කාරණා හතරක්, නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව. ආශ්‍රව නැසීමේ ඥානය, ආශ්‍රවක්ෂය ඥානය. ජාතිය ක්ෂය වූවා කියන ඥානය. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය, කියන එක.
දැන් අපි තේරුම් ගත්තා මේ විඤ්ඤාණයේ අර අහංකාර ස්වභාවය. දුක්ඛයට තමයි අහංකාර වෙලා තියෙන්නේ. එතකොට මතක ද මේ ප්‍රඥා ස්කන්ධ භාවනා 2, අපි මැයි මාසේ කළා. ඒකෙදි පෙන්නුවා අර සක්කාය දිට්ඨි column එක. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට දැන් එහෙම නම් අපිට පේනවා මේ භාවනාවෙදි කළේ අර රූපයේ ආස්වාදය ආදීනවය, වේදනාවේ ආස්වාදය ආදීනවය, චිත්තයේ ආස්වාදය ආදීනවය, සංස්කාරවල ආස්වාදය ආදීනවය, විඤ්ඤාණයේ ආස්වාදය ආදීනවය. එතකොට එහෙම නම් අර column ටික ඔක්කොම යනවා නේ. සක්කාය දිට්ඨි දුක්ඛ table එකේ හැදෙන මේවා ටික ඔක්කොම කියන එක ගැලවිලා යනවා. එහෙම නම් ඉතින්, ඉපදෙන්න ඕනෙ ද කියන කතාව, ඒක නැති වෙනව නේ, දුක නම්. එතකොට මේක බලලා ඉවර වෙලා භාවනාව කරන්න ගත්තහම එහෙම ම සිත නතර වෙනවා. ඒක නැවත නැවතත් ඒ අනාශ්‍රවය පාවිච්චි කරන්න පුළුවන්. නසන ලද ආශ්‍රවයන්ගේ පිහිට හොයන්න යන්නේ නෑ, බ්‍රහ්මචරියෙසනාව.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්