ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අපි ඒකෙදි සාකච්ඡා කළා විඤ්ඤාණයෙන් දැනගන්නේ දුකක් කියලා. නමුත් අපි එයට අහංකාර වෙලා තියෙනවා කියලා. අර snow අස් කරන example එක එහෙම අපි බැලුවා. එතකොට මේ, ඒ වාගේ ම අපි ඊයේ ඉගෙන ගත්තා විඤ්ඤාණයෙන් දැනගන්නේ දුක බව වටහා ගන්නේ, දන්නේ දක්නේ, සංස්කාරවල ආදීනවය මෙනෙහි කළා. යම් සංස්කාරයක් උපදවන්නේ, එහි ආදීනවය අනත්තා යැයි අපි පෙර ඉගෙන ගත්තා. එහෙම නම් එම සංස්කාරය මගින් සකස් කරන විඤ්ඤාණය දුක නම්, සකස් කරන සත්වයා හට සංස්කාර දුක්ඛතාවය ඇත. දුක්ඛයට ම අහංකාර වූයේ නම් සංස්කාර දුක්ඛතාවය නොවැටහේ කියලා අපි සාකච්ඡා කළා. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරනවා නම් සංස්කාර දුක්ඛතාවයෙන් අත්මිදීමට අඩිතාලම සකස් වේ. ඒක පෙරහුරුව වෙනවා කියලා, ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ කරනවා කියලා. ඒක තමයි අපි ඊයේ භාවනාවේ අවසානෙට කිව්ව කොටස.
එතකොට ඉතින් සකස් කරන්නා වූ සංස්කාරයන් දුක වන අතර, එම සංස්කාර නිසා උපදවන විඤ්ඤාණය අනත්තා යනු, අහංකාර වූ දුක්ඛයේ සෑදෙන සෑම ධර්මයක් ම අනත්තා යැයි ගත යුතුයි. දැන් මේකේ බලන්නේ සාමාන්‍යයෙන් රූපය අනත්තා, වේදනා අනත්තා කියලා බලාගෙන ගිහිල්ලා නෙමෙයි. දැන් විඤ්ඤාණය අනත්තා කියලා බලලා, විඤ්ඤාණය හැදෙන්නා වූ components ටික අනත්තා කියන එකයි මේ බලන්නේ. ඉතින් ඕක අපි මතකයි ඔය මේ මැයි මාසේ 5, ඒ ප්‍රඥා ස්කන්ධය 2 භාවනාවෙදි ඒක බැලුවා. එතෙන්දි යම් දිට්ඨි උපාදානයක් වේ ද, එය පරාමාසගත වන්නේ කුමන ධර්මයෝ පරාමාසගත වන්නේ ද කියලා. එතෙන්දි බැලුවා ඒ දිට්ඨි උපාදානය අපි දන්නවා නේ අර A, B කියලා කොටස් දෙකක් ඒ චේතනාවෙන් පරාමාස, භය අගති, වේදනාව දක්වා එන්නා වූ එක. එතකොට ඔය වේදනාව චේතනාව රේඛාවේ නාමරූපය තියෙන්නේ.