උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණවල, ආස්වාදය සහ ආදීනවය මෙනෙහි කළා. රූපයේ ආස්වාදය, රූපය නිසා ඇති වන සොම්නස. එම රූපය ජරාවට පත්වීම සිහි කරන්නේ, ආදීනවය වැටහෙනවා. මෙසේ සිතන්නේ ප්‍රථමධ්‍යානය වුණා.
වේදනාවේ ආස්වාදය, ධ්‍යානයට ගොස් කාටවත් හානි නොකිරීම. මෙහි දී පළවෙනි ධ්‍යානය සිට හතර වෙනි ධ්‍යානය දක්වා ම සිත නංවාලීම කියන එක කළා. ඒ, එක එක ධ්‍යානයේ, මිනිත්තු එකක් හෝ දෙකක් හෝ වාසය කළා.
වේදනාවේ ආදීනවය, එය අනිත්‍යයි. මෙසේ බලන්නේ, විමසන්නේ ආකාසානඤ්චායතනය වුණා. කුමක් නිසා ද? වේදනාවේ ආදීනවය විමසන විට, යම් රූපයක් නිසා ඇති වන සොම්නස ද, අනිත්‍ය බව වැටහෙන්නේ, රූප ලෝකයෙන් ඉවත් වීම කියන එක සිදු වෙනවා.
ආකාසානඤ්චායතන සඤ්ඤාවේ සමුදය අස්තංගමය විමසන්නේ, හය වෙනි ධ්‍යානය වුණා. මෙම ධ්‍යානයේ ඇති ආලෝක ස්වභාවය මගින් ද, දැනගන්නේ දුක බව ඊයේ භාවනා අර්ථයෙන් ම සිහි වුණා. මෙහි දී ආකිඤ්චඤ්ඤායතනය වුණා.
මෙම අවස්ථාවේ දී පාරිසුද්ධිපධානියඞ්ගයන්ගේ භාවිතා කළා. සිත ශාන්ත වුණා. ආකිඤ්චඤ්ඤායතනය සඤ්ඤා වේ සමුදය අස්තංගමය මෙනෙහි කළා. ව්‍යාධියේ ඉඳන් මරණයට ගියා වූ සත්වයා නැවතත් ව්‍යාධියට යෑම මෙනෙහි කළා. එනම් හත් වෙනි ධ්‍යානයේ ඇති ව්‍යාධි ස්වභාවයේ සිට, නැවතත් එම ව්‍යාධියට ම යයි. මෙසේ දුක්ඛය ප්‍රතිලෝම වශයෙන් බලන්නේ, කූඤ්ඤය දක්වා එකවර ම පැමිණියා.
කුමක් නිසා ද? ඊයේ භාවනා අර්ථයෙන්, ඉවතන ලද රූප වේදනා සඤ්ඤාවෙන්, විඤ්ඤාණ අනත්ත වූ පසු, නැවත දරුවන්ට ධනය බෙදා දෙන පියෙකු මෙන් නොසිතන්නේ නම්, රූප වේදනා සඤ්ඤා අනිත්‍ය බව වැටහීම නිසා ය. මෙයින් අනතුරුව නිරෝධ වූ බව දනිමි.
මේක තමයි මං කරපු භාවනාව.