ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර රහතන් වහන්සේ කිව්වා සනිදාන සූත්‍රය, ඒක පොඩ්ඩක් බලන්න කියලා. ඒක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඕක තියෙන්නේ සංයුත්ත නිකායේ, දෙවෙනි පොතේ පිටුව 236.
ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා, මේ කාම ධාතුවෙන් කාම සඤ්ඤා, කාම සඤ්ඤාවෙන් කාම සංකප්ප, ඒකෙන් කාමච්ඡන්දය. කාමච්ඡන්දයෙන් කාම පරිලාහය, කාම පරිලාහයෙන් කාම පරියෙසනා, ඒකෙන් මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියලා.
ඒ කාම ධාතුව සිතෙහි හටගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් බඩුවක් order කරපු කෙනෙක්, එය අද ඒවි යැයි සිතීම, දැනගැනීම ගත හැකියි. කාම සඤ්ඤා, යම් වාහනයක ශබ්දයක් ඇහෙන්නේ, ඒ එන්නේ parcel එක ගේන කෙනා යැයි සඤ්ඤා ඇති වීම ගත හැකියි. කාම සංකප්ප, plan, එම භාණ්ඩය නිසා යම් සුඛයක් සොම්නසක් පෙර වුව ද, මෙය ඉදිරියට ගෙන යාම ගත හැකියි. කාමච්ඡන්දය, එම භාණ්ඩය මගින් යමක් කරන්නේ යැයි සිතනවා. උදාහරණයක් වශයෙන් මේසයක් හදනවා කියලා හිතමු.
කාම පරිලාහ, එම සංස්කාරයෝ නිත්‍ය යැයි විඤ්ඤාණගත වෙනවා, passion. කාම පර්යේෂණ, තව තවත් සොයනවා, තව වැඩියෙන් බලනවා. මෙහි දී පරියුට්ඨානය කියන එක ඇති වෙනවා, obsession.
මේකෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිච්ඡා ප්‍රතිපත්තිය කයින්, වචනයෙන් වරදවා පිළිපදියි කියලා. මෙහි දී මෙම සංස්කාර මගින් ඇති වන්නේ අඳුර බව සිහි වුණා. ආලෝකය මගින් මෙය දැනගන්නේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වන විට දැනගත් අයුරින් සිතන්නේ නම්, එනම් පාණාතිපාත නිසා අපාය, අඳුර. පාණාතිපාත නොකිරීම සුගතිය, ආලෝකය. එසේ නම් රූපයට සුභ යැයි පවරන සංස්කාරයෝ නොකරයි. මිච්ඡා ප්‍රතිපත්ති අතහරියි. ඉතින් ඔතන අර වත්ථූපම සූත්‍රයේ වගේ මිච්ඡා දිට්ඨියෙන් මිච්ඡා දිට්ඨියට ම යනවා කියන එක, ඒවා එහෙම සිහි වෙනවා.
එමගින් අසුභය ඉක්මවනවා, සුභ විමුක්තිය කියන එක ඇති වෙනවා. එතකොට මේ විදිහට සුභ ධාතු, ආලෝක ධාතු. මේක තියෙනවා සප්ත ධාතු සූත්‍රයේ, සංයුත්ත නිකායේ සනිදාන සූත්‍රයට ඉස්සෙල්ලා තියෙන්නේ ඒක. ඒක නම් පිටුව 235. මේ දෙක මගින්, සුභ ධාතු, ආලෝක ධාතු දෙක මගින් පවත්වන්නා වූ ධර්මයෝ, එක් ධාතුවක් වෙනස් වූ විට වැටෙන බව සඤ්ඤාවෙන් දැනගන්නේ ආකිඤ්චන ධාතු වෙනවා. මෙම සඤ්ඤාවේ අනිත්‍යභාවය මෙනෙහි වූයේ, මෙම සඤ්ඤාවේ නිරෝධය සිහි කළා.
එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො, සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො, තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. මෙතන කූඤ්ඤය කියන එක හොඳට තමන්ට දැනෙනවා, ආලෝකය හිටන් විහිදෙනවා,
ඒක තමයි මං කරපු භාවනාව.