ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
සුභ ධාතු, ආලෝක ධාතු මෙනෙහි කළා. අසුභය අසූචි, මළ, මුත්‍රා, මෙසේ දැන මෙත්තාව භාවිතා කර මෙය ඉක්මවනවා. මෙත්තාව රූපය නිසා ඇති වන හානිය නැති කිරීමට. එමගින් ඇති වන ව්‍යාපාද ස්වභාවය ඉවත් වන්නේ නම්, නාම කොටසේ බලපෑම ඉවත් වන නිසා, රූපය ඉවත් වීම කළ හැක.
ඊයේ අව්‍යාපාදූපවිචාර, ඒ කියන්නේ approach with non-ill will, අදෝෂ slide එක හදන විට, වැටහුණා වූ දේ භාවිතා කළා. අඤ්ඤින්ද්‍රිය මගින් යමෙක් දුක බව, දුක්ඛ සමුදය බව, දුක්ඛ නිරෝධය බව, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා බව දන්නේ, දක්නේ නම් තරහා නොවෙයි. යමෙක් තරහා වූයේ නම් සිත හොඳ දේ ම සොයයි. සියලුම දේ දුක නම් නොසොයයි.
උදාහරණයක් වශයෙන් ගත්තොත් අසූචි ගොඩක් දකින පුද්ගලයා එතනින් ඉවත් වීමට, හොඳ මල් වැනි තැනකට යාමට අධික වූ උත්සාහයක් ඇත. මෙය මල් දැකීමට වඩා ප්‍රබල ය. මල මගින් ඇති වන්නේ දුක බව දන්නේ, දක්නේ හොඳ දේ සෙවීම නතර වෙයි.
ඉන්නට තැනක් නැත, ඒ නිසා ම යන්නට තැනක් ද නැත. මෙසේ සියලු ධාතු එක් වීම සිදු විය. සිත ප්‍රභාස්වර විය. “Excellent” කියලා ඇහුණා.
ආලෝක ධාතුව සිහි කළා. පාණාතිපාතා අඳුරු බව ආලෝකය මගින් දැනගන්නවා. අදත්තාදාන අඳුරයි. සිල් පද හත මෙසේ සිහි කළා. පාණාතිපාත නොකිරීම ආලෝකය.
මෙසේ සිල් පද හත සිහි කළා. එනමුදු ඊයේ භාවනාවේ වටහා ගත් අයුරින් සෑම සංස්කාරයක් ම නිර්වාණයට සාපේක්ෂකව බලන්නේ අඳුර වශයෙන් වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.