බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම පහුගිය දවස්වල කරපු භාවනාව සත්ත ධාතු භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකෙදි සුභ කියන ධාතු, අපි දන්නවා, අර අසුභය ඉක්මුවා ම සුභයි කියන එක එනවා. එතකොට ඒ අසූචි වශයෙන් බලලා ඒක ඉවත් කිරීම කියන එක. මෙත්තාව භාවිතා කරලා ඉක්මවනවා.
ඉතින් ඒක නිසා ම, ඒක ඉක්ම වූවා ම සුභ කියන විමුක්තිය ඇති වුණා, ඒක නිසා ආලෝකය ඇති වුණා. ඉතින් ඒ ආලෝකයෙන් අපි මෙනෙහි කරන්න ගන්නවා, මේ පාණාතිපාතා වගේ ඒවා ඒක නිසා අපිට අඳුර කියන එක, ද්වේෂය ඇති වෙලා අඳුර ඇති වෙනවා කියන එක. ඒවා කරන්නෙ නැත්නම් ආලෝකය. හොඳ තැන්වල ඉපදීම වශයෙන්.
ඊළඟට අදත්තාදානය. ඔය කාරණා ටික මෙනෙහි කරනකොට මට එකපාරට ම, ථාමවා කියන එක සිතට ආවා. එතකොට අර දළපැරකුම්, ථාමවා, නොහළ ධූර ඒ ටික, ඒක මෙනෙහි කළා. පුදුමාකාර විදිහට ප්‍රභාස්වරව මනස පවතිනවා.
ඒකේ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අර අමෝහය කියන එක අර්ථ දැක්වීම කියන එක මෙනෙහි කළා ම අවබෝධය. ඒ කියන්නේ නොහළ ධූර අත හරින්නේ නෑ නේ නිර්වාණය දක්වා ම මේක ගෙනියනවා. අර නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං.
තමන්ගේ ඒ skill කියන ඒවා තමන්ගේ කුසලය කියන එක, උපද්දවලා තමයි මේක, ජානෙන පස්සනා, නිර්වාණය හොඳයි. ඉතින් ඒ විදිහට එයින් ප්‍රභාස්වරව සිත ඇති වුණා. බොහෝ වෙලාවක් හිටියා. එතනින් අනාශ්‍රව චිත්තයට ආවා. ඒක තමයි ඒකෙන් ගොඩාක් වෙලා හිටියා කියන එක තමයි තියෙන්නේ භාවනාවේ.
ඒක තමයි මං කරපු භාවනාව.