ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
සුභ ධාතු ආලෝක ධාතු සිහි කළා. අසුභය, අසූචි, මළ, මුත්‍රා මෙසේ දැන මෙත්තාව භාවිතා කර ඒක ඉක්මවනවා. මෙත්තාව රූපය නිසා ඇති වන හානිය නැති කිරීමට, එමගින් ඇති වන ව්‍යාපාද ස්වභාවය ඉවත් වන්නේ නම්, නාම කොටසේ බලපෑම ඉවත් වන නිසා රූපය ඉවත් වීම කළ හැක. කුමක් සඳහා මෙත්තාව අවශ්‍ය වේ ද?
අසූචි අල්ලාගෙන සිටීමෙන් විඤ්ඤාණය දැනට බැසගෙන සිටින්නා වූ රූපය ජරා වී ඇත්තේ ජරා නොවූ රූප සොයයි, විභන්ත චිත්තා, strained mind, උදාහරණයක් වශයෙන් සීයා අබ, සූදුරු, කහ මගින් හොඳ රූප ඇති යැයි සිතයි.
සෑම සත්වයකු ම දුකේ සිටින බව මෙත්තාව තුලින් දන්නේ, දක්නේ ඉන්නට තැනක් නැත, යන්නට තැනක් ද නැත. මේ නිසා අසුභය මුළු ලෝක විෂයයෙහි ම දැක එය ඉක්මවීම කරයි. සුභ විමුක්තිය ඇති වෙයි. මෙසේ කරුණා විමුක්තිය සිහි කරයි.
දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා වේදනානුපස්සනාව කරන්නේ දුක බව දනී. දුක ඇති වන්නේ දුක වේදනා නැති ලොවක් සොයයි, විභන්ත චිත්තා. මෙහි දී විශේෂය වේදනාවයි. නාම කොටසයි.
එනමුදු රූපයකින් තොරව වේදනාවේ දැනගැනීමක් නැත. නෙවසඤ්ඤානාසඤ්ඤා ලාභියාත් 50%ක් රූපය ස්පර්ශ කරයි. වේදනාව සඳහා විවිධ සංස්කාරයන් කරයි. මේ සියල්ල සුඛ වන රූප සොයන සංස්කාරයෝ ය.
පාණාතිපාතය, අදත්තාදානය, මුසාවාද අතීත සංස්කාරයෝ ය. එමගින් සුඛ වන රූප නොලැබුණු බව ආලෝකයෙන් දන්නේ, දක්නේ එය අත්හරියි. පිසුණා වාච දැන් සුඛ වන රූප සෙවීමයි. දැනුදු එවැනි දෙයක් නොලැබෙන බව දන්නේ, දක්නේ එය අත්හරියි. Begging the feeling - but not receiving it.
ගිද්ධිලෝභ, නින්දාරොස, කොධූපායාසො, අනාගත සංස්කාර පිබිදීයේ කිසිවක් නොදකී. සිහිනයක් මෙන් දැක අත්හරියි. නින්දාරොස, මාන වූවාට වැඩක් නැත. රූපය දිරන්නේ නම් පුහු ආටෝප කළාට ඒ මගින් ඇති වන්නා වූ වේදනාව ඒ ආටෝප ගැල්වීමෙන් අනුන්ගෙන් ඉල්ලා ගත් දේ ඉවත් කළ විට පහව යන්නේ නම් එවැනි වේදනාවක් සෙවීමෙන් පලක් නැත. එය අත්හරියි.
කොධූපායාසො, අතීතයෙත් පලතුරු කා ඉන්නට බැරි විය. දැනුත් ඉන්නට බැරි ය. ව්‍යාධිය ඇත. අනාගතයෙත් එසේ ම ය. එසේ නම් සුඛ වන රූප සෙවීම තුන් කාලයට ම අත්හරියි. පලතුරු ගෙඩියක් ඉල්ලා ගන්නට ම සිදු වන්නේ ය.
ගස නොපවතී නම්, ජලය නොපවතී නම්, පෘථිවිය නොපවතී නම්, මෙය නොපවතී යැයි දැන අත්හරියි. තුන් කාලයට ම අත්හරින්නේ වේදනාව නිපදවන සියලු සංස්කාරයන් අත්හරියි. මෙසේ චාගාධිට්ඨාන වන්නේ මෙතන වේදනාව අත්හරියි. ඒ කියන්නේ දැන් වේදනාව. මෙතන අත්හරින්නේ පිටත වේදනාව අත්හරියි. එසේ නම් ඉන්නට තැනක් නැත. යන්නට තැනක් නැත.
මෙසේ වේදනා විෂයයෙහි දක්ෂ වන්නේ කරුණා චෙතො විමුක්තිය ඇති වෙනවා. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා සිහි කරන්නේ චිත්තානුපස්සනාව සිහි කරන්නේ චිත්තයේ ආස්වාදය සිහි කරයි. විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග තමයි ආස්වාදය ආදීනවය තමයි සිත මැඩගැනීම.
ධ්‍යානයන් නිසා හෝ සිත මැඩගෙන සිටී ද අනාශ්‍රව නිසා හෝ සිතීමට බැරිව සිත මැඩගෙන සිටී ද මෙම දෙයාකාර ධර්මයන්ගේ නිරෝධය උතුම් බව දුක්ඛ නිරෝධ සත්‍යයෙන් වැටහෙන්නේ පඤ්ඤාධිට්ඨානය මගින් නිර්වාණය හා සසඳා බලා සියලු සඤ්ඤා ඉවතලන්නේ උතුම් වූ ආර්ය ත්‍යාගය චාගාධිට්ඨානය නොසෙල්වී පවතිනවා.
මෙසේ වේදනාව නිසා වන්නා වූ සියලු සඤ්ඤා ඉවතලයි. එසේ ඇති වන්නා වූ සඤ්ඤා සඳහා හෝ ප්‍රතිචාර නොදක්වන්නේ මුදිතා චෙතො විමුක්තිය ඇති විය. කුමක් නිසා ද?
සියලු තණ්හාවෝ දුක නිසා ඇති වන බව දැන තණ්හා නිරෝධය ම අගයන බැවිනි. මෙසේ ද, ඉන්නට තැනක් නැත. යන්නට තැනක් නැත යැයි දන්නේ, දක්නේ නිර්වාණය ම සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.