උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා ය කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම 10/01/2017 පෙරේදා නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එකේ සුභ ධාතු ආලෝක ධාතු මෙනෙහි කළා, අර අසුභය අසූචි මල මුත්‍රා.
එතකොට අපි දන්නවා මෙත්තාව භාවිතා කරලා තමයි මේක ඉක්මවන්නේ කියලා. එතකොට දැන් ඒ භාවනාවේ අපි දන්නවා අසූචි අල්ලගෙන ඉන්නේ අර විඤ්ඤාණය දැනට බැසගෙන ඉන්න රූපය ජරා වෙලා තියෙනවා. ජරා නොවූ රූප සොයනවා, විභන්ත චිත්තා. උදාහරණයක් වශයෙන් සීයා අබ සූදුරු කහ මගින් හොඳ රූප ඇති යැයි කියලා සිතනවා.
එතකොට මේ ජරා වන රූපය දැකලා, ජරාව ඉක්මවීම නොකරන්නේ, අලුත් රූප සොයන්නේ නාමකායේ ඇති අධික වූ බලපෑම නිසා බව වැටහුණා.
අතීතයේ එවැනි රූප සෙවූයේ දැනට වඩා හොඳ යමක් ලැබුණා යැයි මනස පෙන්වා දෙනවා. මෙය ඉදංසච්චගත වූයේ එමගින් දුක යන සත්‍ය මැඩ පවත්වා සුඛ යන අදහස අසුභයට පවරනවා, මෙන්න මේ නිසා ය. ඉතින් අපි දන්නවා අර මෙත්තාව භාවිතා කරලා මේක ඉක්මවන්නට පුළුවන් හැම සත්වයා ම දුකයි කියලා දන්නවා නම්.
ඒ විදිහට කරුණා චෙතො විමුක්ති කොටසත් සිහි කළා, ඒ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙ වේදනානුපස්සනාව කරන්නේ දුක බව දැනගන්නවා. දුක ඇති වන්නේ දුක් වේදනා නැති ලොවක් සොයනවා. විභන්ත චිත්තා, strained mind. එතකොට මෙතන වෙනස වේදනාවයි නාම කොටසයි කියලා අපි කීවා.
ඉතින් ඒ භාවනාවේ අර පෝතලිය සූත්‍රය කාරණාවන් එක්ක සම්බන්ධ කරලා පෙන්නුවා අපි එකින් එකට කරන දෙය, පාණාතිපාත අදත්තාදාන ආදී වශයෙන්.
එතකොට මෙතන වේදනාව නොඉක්මවන්නේ කුමක් නිසා ද? දිට්ඨි ආශ්‍රවය මගින් ඇති වූ බල පෑම නිසයි. එතන අපිට පේනවා වේදනා, පරාමාස, ඉදංසච්ච, ඉදංසච්චයෙන් භය අගතිය, භය අගතියෙන් වේදනාව. දිට්ඨි ආශ්‍රවය පරාමාසයයි භය අගතියයි අතර තියෙනවා.
පෙර ධර්මය නිසා ඇති වූ නිත්‍යභාවය මනසේ රැඳී පවතිනවා. Persist වෙනවා. ඉදංසච්චය හරහා භය අගතියටත් එමගින් වේදනාවටත් පැමිණෙනවා. මෙසේ වේදනා විෂයේ සිතේ මැඩලීම සිදු වෙයි.
සුඛය නොඉක්මවන්නේ, නිත්‍ය යන සඤ්ඤාව සෑම වේදනාවක් කෙරෙහි පවරන නිසා ය.
ඊළඟට සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාව සිහි කළා. මේ වන විට කාරණා දෙකක් අපි පැහැදිලි කරලා තියෙනවා. රූප සම්බන්ධයෙන් කරපු කාරණාවයි. ඒ වගේ ම වේදනාව සම්බන්ධයෙන් කරපු කාරණාවයි.
ඊළඟට සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාව චිත්තානුපස්සනාව සිහි කරනව. චිත්තයේ ආස්වාදය. විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. ඊළඟට ආදීනවය, සිත මැඩ ගැනීම. ධ්‍යානයක් නිසා හරි සිත මැඩගෙන ඉන්නවා කියන එක. ඉතින් එතන දී අපි පෙන්නුවා දුක්ඛ නිරෝධ සත්‍යයෙන් කෙනෙකුට වැටහෙනවා නම්, දුක්ඛ නිරෝධය කියන එක උතුම් කියලා පඤ්ඤාධිට්ඨානය මගින් නිර්වාණයත් එක්ක සසඳලා සියලු සඤ්ඤා ඉවතලනවා කියලා.
එතකොට කුමක් නිසා සඤ්ඤා නොඉක්මවයි ද කියන එකයි බැලුවේ. සඤ්ඤාවේ සියුම් බව නොදන්නා නිසා ය. රූපය රළු ය. එහි වෙනස නිසා සඤ්ඤා ඉක්මවීම. අපි ඉස්සෙල්ලා සඳහන් කරපු කාරණා දෙක තියෙනවා නේ, රූපයයි, වේදනාවයි. ඒ දෙක වටහා ගත් පුද්ගලයාට පහසුයි.
එනමුදු ආකිඤ්චඤ්ඤායතන වැනි බ්‍රහ්ම තලයක සිටින්නේ බොහෝ කල් ජීවත් වන්නේ සඤ්ඤාවේ වෙනස සොයා ගැනීමට බැරි තරමට එහි නිත්‍ය බව මනසේ ගැබ් ගෙන ඇත. මේ නිසා ඇති වූ අවිද්‍යා ආශ්‍රව තුළ තමා කරගත්තා. ඒ කියන්නේ අත්තා ඒකේ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රවයයි. සහ එසේ බොහෝ කලක් ගත කිරීම සුඛ යන මතය, ඒ කියන්නේ අත්තා ඉඳලා නිත්‍යයට යන එක, විපල්ලාසයේ තියෙනවා අත්තා ඉඳලා නිත්‍ය කියන විපල්ලාසය.
මෙම පසු සඤ්ඤා, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රව කතාව පසු සඤ්ඤාවක් හැටියට. නිත්‍යයි ගන්න එක දැන්. එතකොට දැන් present moment එකේ, අන්න ඒ සඤ්ඤා දෙක මගින් සඤ්ඤාව නොඉක්මවනවා.
අන්න ඒක තමයි මං කරපු භාවනාව.