Date: 14/01/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම 12 ජනවාරි 2017 භාවනාව නැවතත් කරගෙන ගියා. එතෙන්දි අපි බැලුවේ සුභ ධාතු, ආලෝක ධාතු, ඔය විදිහට ධාතු හත, සත්ත ධාතු සූත්‍රයේ හැටියට.

ඉතින් ඕකේ අපි සාකච්ඡා කළා ඔය ජරා වන රූපය දැකලා ජරාව ඉක්මවීම නොකරන්නේ, අලුත් රූප සොයන්නේ, නාමකායේ ඇති අධික වූ බලපෑම නිසා කියලා. අතීතයේ එවැනි රූප සෙවූයේ දැනට වඩා හොඳ යමක් ලැබුණා යැයි මනස පෙන්නා දෙනවා. මේක ඉදංසච්චගත වුණා. එමගින් දුක්ඛ යන සත්‍ය මැඩපවත්වා සුඛ යන අදහස සුභයට පවරනවා කියලා අපි ඉගෙන ගත්තා.

ඒ කියන්නේ මොකක් ද? රූපයේ ඉක්මවීම නොකරන්නේ, රූපය නිසා ඇති වූ වේදනා කොටස ඉක්මවීම නොකරන නිසායි. එනම් මෙම වේදනාවේ යම් නිත්‍යභාවයක් ඇති යැයි සිතනවා. නමුත් මලකඩ කාපු යකඩ ඇනය නිසා වන සුඛය, කිසිම යකඩ ඇනයක් නොපවතින බව දන්නා පුද්ගලයාට ඉක්මවිය හැකි ය.

අනිත්‍ය බව දන්නේ, අපි දන්නවා මෙත්තාවෙදි පෙන්නුවා නේ අර බල්ලෙක් ඉන්නවා, මනුස්සයෙක් ඉන්නවා, ඒ කාට ද අපි සලකන්නේ කියලා සාකච්ඡා කළේ. අර නිත්‍යභාවය. ඉතින් ඒක දන්නවා නම් රූපය ඉක්මවනවා. රූපය නිසා වූ වේදනාව ද ඉක්මවනවා. එතකොට ඒක තමයි ඒ රූප කොටස සම්බන්ධයෙන්. එතකොට සුභ ධාතු.

ඊළඟට කරුණා චෙතො විමුක්තියේ ස්වභාවය සිහි කළා. ඒකෙදි අපි පෝතලිය සූත්‍රය වගේ සාකච්ඡා කළා. ඉතින් අපි තේරුම් ගත්තා මේ වේදනාව නොඉක්මවන්නේ, දිට්ඨි ආශ්‍රව මගින් ඇති වූ බලපෑම නිසා ය කියලා. එතනදි අපි ඉගෙන ගත්තා මේ සුඛය නොඉක්මවන්නේ නිත්‍ය යන සඤ්ඤාව සෑම වේදනාවක් කෙරෙහි පවරන නිසා ය කියලා. ඒ කියන්නේ මොකක් ද?

වේදනාව ඉක්මවීම නොවන්නේ වේදනාව නිසා වූ සඤ්ඤාවේ බලපෑම නිසා ය. නිත්‍ය යන සඤ්ඤාව නිසා දිට්ඨි ආශ්‍රව ඇති වෙනවා. සියලු වේදනාවන් දුකෙහි ඇතුළත් වන බව දන්නේ, දක්නේ, තව ද වේදනාව නිසා වන තණ්හාව නිසා දුක්ඛ සමුදය දන්නේ, දක්නේ, දුක්ඛය යන සඤ්ඤාව නිසා, ඒ කියන්නේ අත්තා ඉඳන් නිත්‍යයට යනකොට. ඒක නොවෙනවා නම් වේදනාව නිසා වූ නිත්‍ය සඤ්ඤා ස්වභාවය ගිලිහී යයි. එතනින් කරුණා චෙතො විමුක්තිය ඇති වෙනවා.

ඉතින් මෙතනදි කල්පනා කරන්න ඕනෑ අර වේදනාව අපි දන්නවා සුඛයි කියලා පරාමාසගත වෙනවා. පරාමාසයේ ඉඳන් අත්තා කියලා භය අගතියට යනවා. මේක නිසා අපි ලකුණු කරගත්තා ඔය ගිද්ධිලෝභය සිට වේදනාව දක්වා ලාභමච්ඡරිය. අර අත්තා කියලා ගත්තහම අපි අර ලාභයි කියලා ගැනීම කියන එක.

එතකොට මේක උඩ තමයි අර අත්තා ඉඳන් නිත්‍යයට කියන කතාව ඇති වෙන්නේ. ඉතින් අන්න එක නොවෙනවා නම් තමයි අපිට ඒ කරුණා චෙතො විමුක්තිය ඇති වෙන්නේ.

ඊළඟට අපි සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා සිහි කළා. ඒකෙදි කල්පනා කළා මේ කුමක් නිසා සඤ්ඤාව නොඉක්මවයි ද? ඒකෙදි අපි ඉගෙන ගත්තා පසු සඤ්ඤාව, අර අත්තා ඉඳලා අවිද්‍යා ආශ්‍රව වෙනවා, බොහෝ කාලයක් හිටියයි කියලා. ඒක නිසා සුඛ යන මතය. ඒ වගේ ම අත්තා ඉඳන් නිත්‍ය විපල්ලාසය තියෙනවා, එතකොට මේකේ පසු සඤ්ඤාව, අර අවිද්‍යා ආශ්‍රවය සහ නිත්‍යයි ගන්නා දැන් present සඤ්ඤා දෙක මගින්, සඤ්ඤාව නොඉක්මවා කියන එක.

එතකොට එහෙම නම් අපිට පේනවා මේ සඤ්ඤාව ඉක්මවීම නොවන්නේ, සඤ්ඤාව නිසා වූ අත්ත ස්වභාවය සිත මැඩගෙන සිටින නිසා බව වැටහෙනවා. මේ පරියුට්ඨානය නිසා සිත මැඩගෙන සිටීම. චිත්තයේ ආදීනවය. මේක කෙසේ වැටහෙනවා ද?

දැන් ඔතන අපිට පේනවා, diagram එකක් හැටියට ඇඳගත්තොත් උඩ චේතනාව තියෙනවා, පහළින් අත්තා, අත්තා ඉඳන් නිත්‍යයට යනවා. ඒ නිත්‍යයේ සිට අපිට එනවා දිට්ඨි ආශ්‍රවයට. අපි අර රතු පාට රේඛාවකින් ලකුණු කරගත්තොත් නිත්‍යයේ පසු සඤ්ඤාව. එතකොට දිට්ඨි ආශ්‍රවය යටින් පසු සඤ්ඤාව කියලා ලියා ගත හැකියි.

ඊළඟට අත්තා, එයින් ඇති වෙනවා අවිද්‍යා ආශ්‍රව. එතකොට අවිද්‍යා ආශ්‍රවය යටින් ලියා ගත හැකියි අත්තා නිසා වූ පසු සඤ්ඤාව කියලා. එහෙම නම් රතු පාට arrows දෙකක් අපිට එනවා එකක් අත්තා නිසා අවිද්‍යා ආශ්‍රවයට, අනෙක් නිත්‍යයේ සිට දිට්ඨි ආශ්‍රවයට.

මේ පළවෙනි කාරණයට අපිට පේනවා, පෙර වේදනාව නිසා වූ අත්තා ස්වභාවය අවිද්‍යා ආශ්‍රවගත විය. මෙය අත්තා නිසා වූ සඤ්ඤාව නිසා වූ පසු සඤ්ඤාව විය.

දෙවෙනි කාරණයට අපිට පේනවා දැන් වේදනාව නිසා වූ නිත්‍ය ස්වභාවය, දිට්ඨි ආශ්‍රවයට බලපානවා. මේ නිත්‍ය නිසා වූ පසු සඤ්ඤාව විය. අත්තා යන සංකල්පය ඉක්මවන්නේ චිත්තයේ මැඩලීම ඉක්මවා මුදිතා චෙතො විමුක්තිය කියන එක සිද්ධ වෙනවා. මෙහි දී ව්‍යාපාදයක් නැහැ. ව්‍යාපාදය නිසා වූ අත්ත ස්වභාවයත් නෑ.

අපිට පේනවා, රූප වේදනා, සඤ්ඤා කිසිවකින් තමා පැවතිය හැකියයි නොසිතයි. මෙන්න මේ අනුව තමයි අර මුදිතාව. මුදිතාවට ගිය පුද්ගලයකුට තව පුද්ගලයකු කෙරෙහි කිසිම ව්‍යාපාදයක් ඇතුළේ තියෙනවා කියලා හැඟීමක් නැහැ කියලා කියන්නේ. මේක හොඳට පැහැදිලි වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.