ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
14/01/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ සුභ ධාතු, ආලෝක ධාතු, සත්ත ධාතු මෙනෙහි කළා. එතකොට ඒ සුභ ධාතු මෙනෙහි කිරීමෙදි, අර මෙත්තා සූත්‍රයේ තියෙනවා නේ කුලෙසු අනනුගිද්ධො කියලා. දැන් අපි පෙන්වූයේ, ඇයි අපි මේ ඉක්මවන්නේ නැත්තේ කියන එකයි? ඒකේ මෙත්තා සූත්‍රයේ අපි භාවිතා කරනවා කුලෙසු අනනුගිද්ධො කියලා. අන්න ඒක කිරීම මගින්, අර වේදනාව ඉවත් කිරීම මගින් රූපය ඉක්මවා මෙත්තා අප්‍රමාණය වීම සිද්ධ වෙනවා කියලා ඒකෙදි වැටහුණා.
එතකොට ඒකේ ඉතුරු ටික මෙත්තා චෙතො විමුක්තියට යන්නා වූ කාරණා ඉතින් අපි බලන්න ඕනෑ. එතකොට මේ චෙතො විමුක්තියට ගියහම ආලෝකය ඇති වුණා ම, දැන් මෙතන ආලෝක ධාතුව සමඟ වේදනානුපස්සනාව සිදු වන්නේ, වේදනාවේ සමුදය, අස්තංගමය දැකීම නිසා, අනිත්‍යභාවය සඤ්ඤාව තුළට කාවැදීම නිසා, සඤ්ඤාව මගින් කරන බලපෑම ඉවත් වීම කියන එක වැටහෙනවා. අර නිත්‍යභාවය නැති වෙලා ගිහිල්ලා.
ඊළඟට සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා සිහි කරන භාවනාව, ඉතින් ඒක අපි දීර්ඝ වශයෙන් පෙන්නුවා අර අවිද්‍යා ආශ්‍රවය පසු සඤ්ඤාව හැටියට එහෙම තියෙන හැටි.
එතකොට ඒ දැන් නිත්‍යයි කියලා present moment එකේ ගන්න එක. ඉතින් එතනදි සඤ්ඤාව ඉක්මවීම නොවන්නේ අත්ත ස්වභාවය සිත මැඩගෙන සිටින නිසා බව වැටහුණා.
මේක පරියුට්ඨානය නිසා සිත මැඩගෙන සිටී. එතකොට චිත්තයේ ආදීනවය කියන එක. එතකොට එතනදි අපි තේරුම් ගත්තා මේ අත්තා යන සංකල්පය නිසා තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. අත්තා යන සංකල්පය ඉක්මවනවා නම් චිත්තයේ මැඩලීම ඉක්මවලා ඒ මුදිතා චෙතො විමුක්තිය කියන එක ඇති වෙනවා කියලා.
එතකොට ඕකේ චිත්තානුපස්සනාව කරන්නේ, දැන් අපි සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවට නේ එන්නේ. ඒකේ චිත්තානුපස්සනාව කරනවා නම්, ඒකේ පෙන්නනවා “සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති” කියලා. ඒ රාග සහිත සිතයි ඒ අපි පෙන්නන්නේ. ඊළඟට පෙන්නනවා “වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති” කියලා.
ඉතින් ඔය විදිහට බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නලා දීල තියෙන්නේ මොකක් ද? මේ අපේ සිත මැඩගෙන ඉන්නා වූ අවස්ථාවන් තමයි බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නලා දීල තියෙන්නේ.
අන්න ඒවා ඉක්මවීම කියන එක අපි කරගෙන යන්න ඕනෑ. එතකොට රාගයෙන් මැඩගෙන ඉන්නවා, ද්වේෂයෙන් මැඩගෙන ඉන්නවා, මෝහයෙන් මැඩගෙන ඉන්නවා. එතකොට රාග, ද්වේෂ, මෝහ නැතිව අපි අලෝභ, අදෝෂ, අමෝහ වුණා කියන්නේ, ඒවායෙනුත් කෙනෙකුගේ යම් ආකාරයකට සිත මැඩගෙන ඉන්නවා.
උදාහරණයක් වශයෙන් තමන් විමුක්තියට ගියා වුණත්, ඒ සිත මැඩගෙන ඉන්නවා කියන අවස්ථාවන් තියෙනවා. තමන්ට සිතන්නට බැරිව අනාශ්‍රව වෙලා ඉන්නවා කියන එක.
එතකොට ඒ කාරණා ටික තමයි මම හොඳට බලාගෙන ගියේ. රාග සහිත සිතින් සිත මැඩගෙන තියෙනවා. වීතරාගං වා චිත්තං. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඊට පස්සේ, සංඛිත්තං වා චිත්තං, අර ඇකිලිච්ච සිත කියන එක. ඊළඟට අර වික්ඛිත්තං වා චිත්තං, අර විසිරෙන උද්ධච්චය නිසා. අර ඇකිලීම කියන එක ථීනමිද්ධය එහෙම නිසා.
ඊට පස්සේ එහෙම නැත්නම් මහග්ගතං චිත්තං, මහග්ගත චිත්තයක් ඇති වෙනවා. ඊළඟට පෙන්නනවා සඋත්තරං චිත්තං, කියලා. ඊළඟට අනුත්තරං චිත්තං කියලා. ඒ අනුත්තරං චිත්තං කියලා කීවේ, අනුත්තර කියලා කීවේ ඉහළ ම වූ ප්‍රඥාවක්. එතකොට unsurpassed, excellent කියලා කියනවා. ප්‍රඥාව හොඳට අධිකව තියෙන්නා වූ එකක්. අනිත් චෛතසිකයන් ඔක්කොම ඉක්මවලා.
ඉතින් ඕක ඉහළ ම වූ ප්‍රඥාව කියලා රහතන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ අවස්ථාවේ දීත් අපේ සිත මැඩගැනීමක් කියන එක තියෙනවා. ඒක මානය ඇති අයකුට ප්‍රඥාව සිත මැඩගෙන සිටිනවා. මානය නැති අයකුට එහෙම වෙන්නේ නෑ.
එතකොට ඊළඟට මේකෙ පෙන්නනවා සමාහිත චිත්තය, අසමාහිත චිත්තය, විමුක්ති චිත්තය. එතකොට මේ චිත්තය, බුදුහාමුදුරුවෝ මෙතන ඔක්කොම පෙන්නලා තියෙන්නේ මේවායින් සිත මැඩගෙන සිටින්නා වූ තියෙන අවස්ථාවන්.
එතකොට මේ ධර්මයන් නිසා සිතේ ඇති වන ස්වභාවය. එතකොට ඒකෙ සමුදය, අස්තංගමය දැකීම මගින් අර ආදීනවය බැහැලා ගිහිල්ලා අත්තා සඤ්ඤාව ගිලිහී ගිහිල්ලා ආකිඤ්චන විමුක්තිය කියන එක ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.