Date: 26/01/2017 Name: මිච්ඡාදිට්ඨි

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවට ගත්තේ දුක්ඛ table එක. ඒ දුක්ඛ table එකේ slides වගයක් අපි දාල තියෙනවා. ඒකේ පළමු වෙනි slide එක මෙනෙහි කළා.

ඒක පටන් ගන්නේ ඔය තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටසක් මහා නිදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ වේදනාව ප්‍රත්‍ය කොට තණ්හාව ඇති වෙනවා. තණ්හාව ප්‍රත්‍ය කොට රූපාදිය අරමුණු සෙවීම, පර්යේෂණය කියන එක ඇති වෙනවා. ඒ පර්යේෂණය ඇති වුණා ම ඒ රූප ලැබෙනවා. ඒ රූපාදිය අරමුණු ලැබුණහම හොඳ නරක විනිශ්චය කරනවා. ඒ විනිශ්චය ඇති කල්හි ඡන්දරාගය ඇති වෙනවා. ඒ ඡන්දරාගය ඇති කල්හි මම ය මාගේ ය කියන අදහස උපදිනවා.

එතකොට එහෙම නම් අපිට පේනවා අපි හොයන්නේ මොකක් ද? පර්යේෂණය කරන්නේ මොකක් ද? මේ අත්තා කියන එක තමයි හොයන්නේ අපි.

එතකොට ඒ diagram බැලුවා ම අපිට පේනවා අර වේදනාව සුඛය වශයෙන් පරාමාසගත වෙලා පරාමාසයෙන් භය අගතිය, එතන අත්තා කියලා ලකුණු කරනවා. ඒ භය අගතියෙන් ඒ දිට්ඨි අනුසය රේඛාවේ වේදනාව දක්වා ගමන් කිරීම කියන එක.

එතකොට අපිට තේරෙනවා මේ තමා කියන දිට්ඨිය අපි හොයනවා. අත්තා ලැබුණයි කියලා සිතූ පමණින්, මගේ භාවනාවෙදි ඒ අනාශ්‍රව වෙලා සිතත් නතර වුණා.

එතකොට ඒ වෙනකොට මම භාවනාවට ඉස්සෙල්ලා slide 4 දක්වා බලලා තිබුණේ. එතකොට ඒක විඤ්ඤාණ ධාරාව ඒක ඔස්සේ ගමන් කරලා තමයි මේක නතර වීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නතර වෙච්ච වෙලාවේ දී ටිකක් ඒ විදිහට හිටියා. ඒ slide 3 වලදි අපි පෙන්නනවා සීලබ්බත පරාමාසය තුළ වෙච්ච කාරණා. ඒ කියන්නේ සුඛය කියන එක තමයි සීලබ්බත පරාමාසයට ගිහින් තියෙන්නේ. එතකොට මේක වේදනා ධර්මයක්.

slide 4 වන විට නන්දිය පරාමාසගත වීම. මේ වන විට අර සක්කාය දිට්ඨි තුළ slide 3 වල නිත්‍යභාවයට වඩා තුනී වූ නිත්‍යභාවයක් තියෙන්නේ කුමක් නිසා ද කියලා මෙනෙහි කළා.

5.3 වෙන විට අපි දන්නවා සඤ්ඤාව ජරා වුණා කියලා. අපි දන්නවා මේ ධර්මය යන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ 4.2, ඒ විදිහට පහළින් ගිහිල්ලා උඩ අපි දන්නවා විඤ්ඤාණය එතනින් චේතනාව, චේතනාවන් සඤ්ඤාව, සඤ්ඤාවෙන් රූපය දක්වා ගමන් කරනවා කියන එක.

එතකොට අපිට පේනවා 5.3 වුණා ම සඤ්ඤාවේ ජරාව. ඒක වුණා නම්, එහෙම නම් චිත්තය තුළ ඒ සඤ්ඤා අගය නිසා වූ ව්‍යාධි ස්වභාවය කියන එක හටගන්නවා. මේ නිසා තුනී වූ නිත්‍යභාවයක් ඇති බව අපිට වැටහෙනවා. ඒක නිසා අර ඉස්සෙල්ලා අපිට තිබුණා වූ නිත්‍යභාවය දන්නවා නේ අපි, පෙන්නනවා slide 3 වල එහෙම එනකොට අර දෙපැත්තෙන් ම ඇවිල්ලා සම්බන්ධ වෙලා අර දිට්ඨිය කියන එක ඇති වුණා.

දැන් ඊට පස්සේ අපිට පේනවා මේ slide 4 වන විට ඊට වඩා තුනී වූ නිත්‍යභාවයක් තමයි අපිට තියෙන්නේ.

ඒ වෙලා තියෙන්නේ අර සඤ්ඤාවේ ජරාව ස්වභාවය කියන එක චිත්තයට ගිහින් තියෙනවා. එතකොට මේ වේලාවේදි එහෙම නම් අපිට පේනවා සීලබ්බත පරාමාසය තුළ දිට්ඨිය මගින් ඇති වන්නා වූ බලපෑම අඩු වන අවස්ථාවක්. දැන් දිට්ඨියේ නිත්‍ය ගතිය අඩු වෙලා තියෙන්නේ, නන්දිය මගින් චිත්ත ධාරාව පවත්වනවා. ඒක හොඳින් වැටහෙනවා.

ඉතින් අන්න ඒ වේලාවේ තමන්ට අර කූඤ්ඤය දක්වා ම දැනීම කියන එක තියෙනවා. ඉතින් ඒ කියන්නේ එකක් බිඳුණාට, අපි දිට්ඨිය කියන එක අඩු වුණාට, අපි අතහරින්නේ නෑ, අපේ නන්දිය. ඒ කියන්නේ දැන් ඔය වෙනකොට අපි ව්‍යාධියට ඇවිල්ලා නේ තියෙන්නේ.

දැන් හරි උදාහරණයක් ගන්නවා නම් ලෙඩෙක් ලෙඩ වෙලා ඉන්නවා. එයාට කෑම කන්න බෑ. අනිත් කට්ටිය එයා කන්න කැමති කෑම කනවා. එතකොට දැන් මට කන්න බැහැයි කියලා මෙයාගේ අතහැරීමක් නෙමෙයි නේ තියෙන්නේ. මම කොහොම හරි හොඳ වෙලා, ඔය වගේ double කන්නම් වගේ අදහසක් තියෙන්නේ. නන්දිය නිසා එයාගේ පැවැත්වීම කියන එක එතන තියෙනවා. දිට්ඨිය එපා වුණාට නන්දිය වැඩ කරනවා. එතකොට ඒක තමයි ඒ කූඤ්ඤය දක්වා ම ඇති වීම කියන එක.

slide 5 එකට ආවා ම අපි දන්නවා අර අහංකාරය නිසා අර වේදනා සඤ්ඤා අපි ඒක හොයන්න යනවා. පෙර අත්තා. මතක ද අපි පැහැදිලි කළා ඕක අර නටන පුද්ගලයා නටන්න සිංදුවක් හොයනවා. දැන් සිංදුව නතර වෙලා. නට නටා නේ හිටියේ. ඒකට ඒ අහංකාරය කියන එකට සිංදුවක් හොයනවා කියන එක “අත්තනි වා රූපං” කියලා බැලුවා.

එතකොට ඔය අවස්ථාවෙදි දන්නවා මේ සක්කාය දිට්ඨි තුළ ගැබ් වෙලා තියෙනවා අහංකාරය නිසා ඇති වුණු අතිමාන ස්වභාවය. එතකොට ඒ වගේ ම මේ තුළ අපි ඉගෙන ගත්තා සුඛ, අත්ත, නිත්‍යයට අමතරව මානය කියන එක පවතිනවා කියලා.

සීලබ්බත පරාමාසය තුළ නන්දිය, 5.5 දී අත්ත, සුලු වූ, සුඛුම වූ නිත්‍ය අගයෝ නාමරූප ලෙස තැන්පත් වෙලා කියලා ඉගෙන ගත්තා. එතකොට මෙතනදි දිට්ඨි අගය අඩු වුණත් නන්දිය මගින් පැවතුණා කියලා මිච්ඡා දිට්ඨියක් ඇති වෙනවා.

දැන් දිට්ඨිය අගය බැහැලා ගියා, නමුත් දැන් නන්දියෙන් වැඩය කළා නේ ඊට ඉස්සෙල්ලා slide එකේදි. දැන් ඒක නිසා එයාට මිච්ඡා දිට්ඨියක්. ඒ කියන්නේ මාව නැති වෙන්නේ නෑ. කොහොම හරි මාව පවතිනවා. අර මම හොයාපු අත්තා නේ ද? එතකොට එහෙනම් අපි දන්නවා ඔය සබ්බාසවේ එකේ ඉගෙන ගත්තා මමංකාරය, ඒකට මිච්ඡා දිට්ඨිය එකතු කළා ම අහංකාරය කියන එක ඇති වෙනවා.

දැන් එහෙම නම් ඒ තමන්ට හම්බවෙන්නා වූ අත්තාට මිච්ඡා දිට්ඨියයි එකතු වුණේ, මේක පැවතුණා කියලා. දැන් එතකොට අහංකාරය. එතකොට ඒ රූප සොයන්නේ, ඒවා ලැබෙන්නේ, පෙර අත්තා ලැබුණා. කලින් නැති වෙලා ගිය පෙර අත්තා ලැබුණා කියලා සතුටු වෙලා මාන වෙනවා. මේක කළහම නිරෝධය කියන එක ඇති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-02.jpg


DukkaChakraya/DukkaChakraya-03.jpg


DukkaChakraya/DukkaChakraya-04.jpg


DukkaChakraya/DukkaChakraya-05.jpg