Date: 27/01/2017 Name: Nandi

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවේ, මතක ඇති, අපි slides ටික බලාගෙන ආවා දුක්ඛ table එකේ. අර ඒකේ අවසානයට අපි පෙන්නුවේ අර slide 5 නටන පුද්ගලයා ඒ ගැළපෙන සිංදුව හොයනවා. එතනින් අපි පෙන්නුවා අර සක්කාය දිට්ඨි තුළ ගැබ් වෙලා තියෙනවා අහංකාරය නිසා ඇති වුණු අතිමාන ස්වභාවය.

එතනදි අපි පෙන්නුවා අර දිට්ඨි අගය අඩු වුණත් නන්දිය මගින් හරි පැවතුණා කියලා මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියලා. එතනදි අපි සාකච්ඡා කළා මමංකාරයට මිච්ඡා දිට්ඨිය එකතු කරලා අහංකාරය වෙනවා. ඉතින් රූප සොයන්නේ, ඒවා ලැබෙන්නේ, පෙර අත්තා ලැබුණා කියලා සතුටු වෙලා මාන වෙනවා කියලා.

අද භාවනාවේ දී, මම මුල ඉඳල ම භාවනාව කරගෙන ආවා පිළිවෙළට. Slide 6 එක මෙනෙහි කළා. ඒකේ තියෙනවා අර සක්කාය දිට්ඨි තුළ ගැබ්ව ඇත්තේ රූපයට සුඛය යන මතය පැවරීමත් එම අගයන්ට රාග වීමත් ය. ඔන්න ඔය කෑල්ල මම ටිකක් සිහි කළා. මේක කෙසේ සිදු වෙන්නේ ද කියලා විමසුවා.

එතකොට අපි දන්නවා slide 5 වල දී අර සීලබ්බත පරාමාසය තුළ නන්දිය තියෙනවා කියලා. මෙම නන්දිය, භය අගති සෝක කාම ආශ්‍රව, ඒක හරහා පැමිණිලා කාම ආශ්‍රව, රාග සල්ල, රූප යන ආකාරයට සුඛ යන මතයට රාග වීම කියන එක සිද්ධ වෙනවා.

දැන් ඉතින් ගොඩක් පැහැදිලි වෙනවා අර වම්මික සූත්‍රයේ පංචකාම ගුණයන් කියන එක. ඒ ගුණයන්වලට තමයි අපි මේ යන්නේ ආපහු.

ඉතින් ඔය විදිහට කළහම නිරෝධය වෙනවා. අනාශ්‍රව වෙනවා. ඔය විදිහට ඒක තියෙනවා. ටිකක් වෙලා ඉඳලා, ඊට පස්සේ මම කල්පනා කළා ඇයි අපේ මේ භය අගති වෙන්නේ මෙතන? දැන් නන්දියක් නේ ඇවිල්ලා තියෙන්නේ, ඇයි භය අගතිය?

මෙතැන භය අගති වෙන්නේ සංස්කාර නිසා රූපයට හානියක් වෙයි කියලා. අපි දන්නවා භය අගතිය කීවා ම පැහැදිලි කරගන්නවා අර හදන්නා වූ සංස්කාර බිඳෙයි කියලා. දැන් මේකේ අනිත් පැත්ත. සංස්කාර නිසා රූපයට හානි වෙන්න පුළුවන්.

ඉතින් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොතින් වඩු බාස් උන්නැහේ කෙනෙක් ගත්තහම වඩු කර්මාන්තය. හැබැයි ගෙනහිල්ලා තියෙන වටිනා වූ ලී ටික හානි වෙන්න පුළුවන් එයා කරන්න ගිහිල්ලා. ගෙයක් හදන මනුස්සයෙක් ඒකෙ බඩු ගෙනැල්ලා තියෙනවා, සිමෙන්තියි අරවායි මේවායි. ඉතින් ඕකෙ කොන්ක්‍රීට් එක හරි, හරියට දාගන්න හම්බවුණේ නැත්නම්, කඩාගෙන වැටෙන්න පුළුවන්.

එතකොට සංස්කාර නිසා රූපයට හානි වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි අපි අර නන්දිය පවත්වා ගන්න ඕනෑ. ඒ අගයට අපි කැමතියි. එතකොට දැන් බයයි මේ සංස්කාරය නිසා රූපයට හානි වීමක් වුණොත්හෙම මගේ නන්දියට බලපානවා කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-05.jpg