ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට ගත්තේ, අලෝභ පාරේ කාරණා තුනයි, අදෝෂ පාරේ කාරණා දෙකයි, අමෝහ පාරේ පළවෙනි කාරණාවයි.
එතකොට පළවෙනියට තියෙනවා අලෝභ පාරේ සුතමය ප්‍රඥාව, සවිතක්ක සවිචාර සමාධිය, අධිචිත්ත ශික්ෂාව. එතකොට අපි දන්නවා, සුතමය ප්‍රඥාව කියලා කියන්නේ ඒ දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව, ඒ තථාගතයන් වහන්සේගෙන් හරි ශ්‍රාවකයන්ගෙන් හරි අහලා දැනගන්නවා කියන එක. එතකොට මේකේ අස්තංගමය ඇතුළත්.
එතකොට මේකේ තේරුම් ගන්නවා අපිට ඇති වෙන්නේ දුක්ඛය ම යි කියලා. එතනින් අපි එනවා සවිතක්ක සවිචාර සමාධියට. ඒකේ අපි දන්නවා දිබ්බ විහාරය, ඊළඟට බ්‍රහ්ම විහාරය, අරිය විහාරය, ආනෙඤ්ජ විහාරය කියන සතර විහාරය.
එතකොට එතන අපිට පේනවා දිබ්බ විහාරය තුළ තියෙනවා කායානුපස්සනාව. ඒකේ තියෙනවා පටිච්චසමුප්පාදයේ පුරුකක අවබෝධය ඇති ධ්‍යාන. බ්‍රහ්ම විහාරය ගත්තහම විපරිණාමය නිසා ඇති වුණ දුක්ඛය මෙත්තාව මගින් ඉවත් කරලා ලෝභ, දෝෂ, මෝහ ඉවත් කිරීමට අඩිතාලම සැකසෙනවා. අරිය විහාරය ඇති වෙනකොට අපි දුක බව දැනගන්නවා, ඒ දැනගන්නේ අපි දැන් කීව කාරණා දෙකෙන්.
පළමු වෙනියට කීවේ කායානුපස්සනාව කරලා තියෙන එකයි බ්‍රහ්ම විහාරයයි. ඒ භාවනාව මගින් දැනගන්නවා. දැනගෙන කිසිවක් මගේ යැයි නොගනී.
එතනින් එනවා හතර වෙනි කාරණා ය ආනෙඤ්ජ විහාරය. සංස්කාර මගේයි කියලා ගන්නේ නැහැයි කියන එක. එතකොට එහෙම නම් අපි එනවා දැන් අධිචිත්ත ශික්ෂාවට.
අධිචිත්ත ශික්ෂාවේ අපි දන්නවා අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් ඉවතලනවා. දෙවෙනුව අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලනවා. තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලනවා. දැන් ඒක සම්බන්ධ කරන්න අපි ඉස්සෙල්ලා කිව්ව කාරණාවට. ඒකෙන් තමයි මේක සිද්ධ වෙන්නේ.
එතකොට දැන් මෙතන පෙන්නනවා, සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා කියලා. ඔය ප්‍රඥාව කියන්නේ සමුදය අස්තංගමය දැකලා දුක නැති කිරීමට පමා නොවීම. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිවූ කාරණා තුන පහ කිරීමට පමා නොවීම. සංස්කාර ඉවතලයි, ඊළඟට අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලයි, ඒ වගේ ම රූපයට නිත්‍යයි කියන එකතු කරන ලද සඤ්ඤා ඉවතලයි. ඒකට අපි පමා වෙන්නේ නෑ.
දැන් අපි ආවා කාරණා තුනක්. දැන් මෙතනින් අපි එනවා දෙවෙනි column එකට. චින්තාමය ප්‍රඥාවයි, අවිතක්ක විචාරමාත්‍ර සමාධියයි. දැන් බලන්න ඕක අතර සම්බන්ධතාවය.
ඒ සුතමය ප්‍රඥාවෙන් එනවා චින්තාමය ප්‍රඥාවට. චින්තාමය ප්‍රඥාවේ තියෙන්නේ මොකක් ද? ඒ සමුදය අස්තංගමය ගැන සිතීම. එතැනදි අස්තංගමය දැනගන්නවා මේ ධර්මයන් නාභිනන්දති, නාභිවදති, නජොසාය තිට්ඨති කියලා ගන්නවා. ඒකෙ පෙන්නනවා ඒ විදිහට මෙනෙහි කරන්නේ විඤ්ඤාණය ඒකේ බැස ගන්නවා. මොකේ ද බැසගන්නේ? අස්තංගමයේ විඤ්ඤාණය බැස ගන්නවා.
දැන් එතනින් එනවා පහළට. පහළට ආවා ම අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, භවයේ යන විතර්කය නැත. නිරෝධය හොයනවා. දැන් අපි හෙව්වේ අස්තංගමය නේ. එහෙම නම් මේ අස්තංගමය කොටස ඒකට සම්බන්ධ වෙනවා.
ඊළඟට බලන්න ඊළඟ කාරණය තමයි විචාරය. විචාරය කියන්නේ නිර්වාණය ම සොයනවා. ඒක සම්බන්ධ වෙනවා අධිචිත්ත ශික්ෂාවේ තිබෙන්නා වූ අර කාරණා 3ට. ඒ අධිචිත්ත ශික්ෂාවෙන් අපි කියනවා සංස්කාරයන් ඉවතලනවා. අරූප ධ්‍යානයන් ඉවතලනවා. රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලනවා. එතකොට එහෙම නම් අපි මේවා අයින් කරලා, හොඳ ම ඒවා ඔක්කෝම අයින් කරලා නිර්වාණය තමයි හොයන්නේ.
එතකොට ඒ අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ කාරණා දෙක දෙපැත්තකින් සම්බන්ධ වෙනවා. උඩින් ආවා චින්තාමය ප්‍රඥාවෙන්, භවයේ යන විතක්කය නෑ කියන කොටස. නිර්වාණය හොයනවා කියන එක අධිචිත්ත ශික්ෂාවෙන් එනවා.
දැන් ඊළඟට ආපහු arrow එකක් ලකුණු කරගන්නවා චින්තාමය ප්‍රඥාවෙන් භාවනාමය ප්‍රඥාවට. ආපහු පහළින් අවිතක්ක විචාරමාත්‍ර සමාධියෙන් arrow එකක් එනවා භාවනාමය ප්‍රඥාවට. කාරණා තුනයි, දෙකයි, එකයි. Triangle එක සම්බන්ධ වෙනවා.
එතකොට මේක feed වෙන හැටි පේනවා ලස්සනට. භාවනාමය ප්‍රඥාවේ තියෙනවා කුසලයාගේ දියුණු කිරීම. ඒක දෙයාකාරයි කියලා අපි ඉගෙන ගත්තා. පාණාතිපාතා වැනි අකුසලයන්ගෙන් වෙන් වීම එකක්. ඊළඟට පෙන්නනවා නූපන් කුසලයාගෙ ඉපදීමට උපන් කුසලයාගෙ වැඩිදියුණු වීමක් ඇත්ද ඒක තව එකක් කියලා.
එතකොට පළවෙනි කාරණය. පාණාතිපාතා වැනි අකුසලයන්ගෙන් වෙන් වීම කියන, එක එන්නේ අර චින්තාමය ප්‍රඥාවෙන්. එතන පෙන්නනවා නේ අස්තංගමයේ බැස ගන්නවා. එහෙනම් ඒ පාණාතිපාතයේ නිරෝධය, නැති වීම තමයි එතන බලන්නේ. දෙවෙනි කාරණය නූපන් කුසලයාගෙ ඉපදීමත් උපන් කුසලයාගෙ වැඩිදියුණු වීමත්.
ඒකට සම්බන්ධ වෙන්නේ අර අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ දෙවෙනි කාරණය, නිර්වාණය ම යි හොයන්නේ. එතකොට ඔතන අපි පෙන්නනවා නේ අමෝහය අර්ථ දැක්වීම එක්කත් සසඳලා බලන්න කියලා. නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං, ඒ කියන්නේ නිර්වාණය කියන එක අතුලයි, unmeasurable.
ඒක දැනගෙන අර කාරණා තුන අපි නැති කරනවා. මොන කාරණා තුන ද? අතන පෙන්නනවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාර, අරූප ධ්‍යාන සඤ්ඤා, ඒ වගේ ම රූපය නිත්‍ය ය කියන සඤ්ඤා.
ඒක හරි ලස්සනට දෙක දෙක කාරණා පැත්තෙන් feed වෙලා හැදෙන හැටි පේනවා. දැන් ඕක ඔහොම වුණා ම දැන් අපිට පේනවා triangle එකක්. Triangle දෙකක් ම තියෙනවා. පොඩි triangle එකට එනවා. චින්තාමය ප්‍රඥාව, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, ඒකෙන් උඩට භාවනාමය ප්‍රඥාව කියන එක.
දැන් ඒක feed වෙනවා නේ ද? ඒක වටේට යනවා. භාවනාමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය ආපහු භාවනාමය ප්‍රඥාව. ඒ කියන්නේ repeatedly අයින් කරනවා කියන එක තියෙනවා.
මතක ද අපි ඉගෙන ගත්තා අර මෙත්තා චෙතො විමුක්තියට යනකොට දැන් අධිචිත්ත ශික්ෂාව තියෙනකොට මෙත්තා අප්‍රමාණය ගිහිල්ලා තියෙනවා, අපි තවමත් මොනවා ද අපිට ඉතුරු වෙලා තියෙන්නේ අයින් කරන්න කියලා ඒ පාර දිගේ යනකොට?
එතන පෙන්නුවා නේ මේ මෝහය නිසා ඇති වෙන්නා වූ ඒ වෙන් කිරීම කියන එක නේ ද? ඉතින් වෙන් කිරීමක් මේකෙ වෙන්නේ නෑ. මොකද අමෝහ පාරේ අපි යනවා. ඒක නිසා මේ චින්තාමය ප්‍රඥාව මගින් මෙතන ඇති වෙන කොටස තියෙනවා. අපි මොකක් හරි එකක් හදනවා නම් තමයි වෙන් කිරීමක් තියෙන්නේ. හදන්නේ නැත්නම්. ඒ කියන්නේ අස්තංගමය නම් බැසගන්නේ මොකක් ද වෙන් කරන්න තියෙන්නේ? නැති වීම නේ තියෙන්නේ. බොහොම හොඳ භාවනාවක්.
ඒක තමයි මං කරපු භාවනාව.