ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට ගත්තේ, අලෝභ පාරේ සමථ නිමිත්ත, නෙක්ඛම්ම විතක්කය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය.
එතකොට අපි දන්නවා සමථ නිමිත්ත කියලා කිව්වහම සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාවට කාවැදිලා, ඒ යම් ධර්මයක් පහ කළ යුතු ද ඒකට සමවදිනවා කියලා. ඒකයි සමථ නිමිත්ත කියන්නේ. අපි ලෝභ, දෝෂ, මෝහ පහ කිරීම කියන එකට සමවදිනවා.
එතනින් අපි එනවා නෙක්ඛම්ම විතක්කයට. එතකොට නෙක්ඛම්ම විතක්කය මගින් අපි දන්නවා අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. එතකොට ඒකේ කෙළවර නිර්වාණය කියලත් අපි ඉගෙන ගත්තා.
දැන් මෙතනදි අපි කරන්නේ අර මෝහය නිසා ඇති වෙන්නා වූ ලෝභ ධර්මයන් ඉවත් කරනවා. අපි ඕක කලින් සාකච්ඡා කළා මෙත්තා චෙතො විමුක්තියට යනකොට, මොනවා ද ඉතිරි වෙලා තියෙන්නේ කියලා. මෙත්තා අප්‍රමාණය තිබුණා නේ.
එතකොට එතනදි අපි පෙන්නුවා පිසුණා වාචා නිසා මෝහය. වෙන් කිරීම හොඳ යැයි කියලා අපි හිතනවා. දැන් වෙන් කිරීම හොඳ යැයි කියලා අපි හිතන්නේ ඒක පවතින නිසා. නැත්නම් අපි වෙන් කිරීම හොඳ යැයි හිතන්නේ නෑ. ඒ කියන්නේ එක ධ්‍යානයකට වඩා ධ්‍යාන සමාපත්තිය හොඳ යැයි කියලා හිතනවා. ධ්‍යානයකට වඩා ධ්‍යාන සමාපත්තිය හොඳ යැයි හිතනවා. සමාපත්තිය පවතිනවා.
එතනින් අපි යනවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියට. එතකොට ඒකෙත් කාරණා 3ක් තියෙනවා නේ. ඒ කියන්නේ නූපන් අකුසල් නූපදනවා, උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරිය උපද්දවනවා, නූපන් කුසල් ඉපදවීම සඳහා විරිය උපද්දවනවා.
දැන් එතන ඒක සම්බන්ධ වෙනවා ඉස්සෙල්ලා කිව්ව ධර්මයට. අර සමාපත්තිය හොඳයි කියලා නේ හිතන්නේ. දැන් මෙයා හතර වෙනි ධ්‍යානයේ සිට අට වෙනි ධ්‍යානය දක්වා සමාපත්ති ධර්මයන් නිසා ඇති වෙන ස්වභාවය ඒක පහ කරන්නයි එයා උත්සාහ කරන්නේ. සමාපත්ති ධර්මයන්. වෙන් කළා ම හොඳයි කියලා හිතනවා. දැන් කියනවා ඒක මම අයින් කරනවා කියලා. එතකොට දැන් මේ කාරණා තුනක් අපි බැලුවා අලෝභ පාරේ.
ඊළඟට අදෝෂ පාරේ කාරණා දෙකක් අපි බලමු. එතකොට නෙක්ඛම්ම විතක්කය ළඟින් අපි ලියාගන්නවා අව්‍යාපාද විතක්කය. ඒකට පහළින් ලියාගන්නවා අඤ්ඤින්ද්‍රිය. එතකොට දැන් ඔය රේඛාවකින් අපිට ලකුණු කරගත්ත හැකි සමථ නිමිත්තේ ඉඳන් අව්‍යාපාද විතක්කයට එන එක. එතකොට එතන අපි ඒ රේඛාවේ ලකුණු කරගන්නවා arrow එකකින් ලෝභය නිසා ඇති වූ ද්වේෂය පහ කරනවා කියලා.
ඉතින් ඒක අපිට තේරෙනවා නේ අර සීයාගේ කතාවෙදි එහෙම. සීයා ආහාරයට රස අල්ල ගත් ලෝභ වීම නිසා තමයි එයාට තරහා යන්නේ, නේ ද? එතකොට ලෝභය නිසා ඇති වූ ද්වේෂය පහ කිරීම තමයි ඒ arrow එකේ තියෙන්නේ.
ඊළඟට අඤ්ඤින්ද්‍රිය කියන එකට එනවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියෙන් අර සමාපත්ති ධර්මයන් පහ කිරීම කියන arrow එක. Arrow එකක් ලියාගත්තහම ඒක තමයි අපි පහ කරන්නේ.
එතකොට බලන්න දැන් මේ අඤ්ඤින්ද්‍රියේ තියෙනවා, අර දුක්ඛ ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා.
දැන් බලන්න දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා කියන කොටස, තුන් වෙනි එක. දැන් අපි සමාපත්ති ධර්මයන් අයින් කළා. එතකොට එහෙම නම් මේ තණ්හාව කියන එකයි ඉවත් කරන්නේ. තණ්හා නිරෝධය. මේක වෙන් කරලා හොඳයි කියලා හිතුවා. ඊට පස්සේ ඒක අයින් කළා, අයින් කරලා, එහෙම නම් ඒක arrow එකක් හැටියට යනවා අඤ්ඤින්ද්‍රියේ ඉඳන් අවිහිංසූපවිචාරයට, එතකොට ඒ තණ්හාව ඉවත් කිරීම කියන arrow එක.
ඊළඟට ආපහු අව්‍යාපාද විතක්කයේ ඉඳන් arrow එක එනවා අවිහිංසූපවිචාරයට. දැන් එතන අපි කල්පනා කරන්න ඕනෑ, ඔය අව්‍යාපාද විතක්කයේ තියෙන අර්ථය මොකක් ද? මතක ද අපි කීවා ඒකේ ද්වේෂය බැස යනවා කියලා. ඒ කියන්නේ අර උපෙක්ඛා නිමිත්තට එළඹිලා අර ද්වේෂය බැස යනවා කියලා.
එහෙම නම් “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසාරණං අයං අදොසො.” එතකොට එතනින් එහෙම නම් අපිට පේනවා අදෝෂය නිසා අමෝහය. මම මෙහෙම ඉන්නවා කියලා හිතන්න යන්නේ නෑ. එමගින් දුක්ඛ නිරෝධය.
තේරුණා ද ඒක. තණ්හාව ඉවත් කිරීමට ඒක තුඩු දෙනවා. දැන් එහෙම නම් අපි ආවා අවිහිංසූපවිචාරයට. ඒකේ පෙන්නනවා මේ කුසලයාගේ ඉපදීමක් ඇත්ද එයයි. කුසලයාගේ ඉපදීම කියලා කියන්නේ මොකක් ද? තණ්හා නිරෝධය කුසලය වෙයි. “කුසලොති ජහාති පාපකං,” මේවා මගේ නොවේ කියලා අයින් කළා. තණ්හාව නැති කිරීම තමයි කුසලය.
එතකොට ඔය විදිහට ඕක බැලුවාහම තමන් නිරෝධයට යනවා. මේක bending point එක terminating point එක. ඔක්කොම මෙතන තියෙනවා. කැමති නම් නිරෝධය, කැමති නම් අනාශ්‍රව චිත්තය, තමන් කැමති විදිහට, කැමති නම් ඵල චිත්තය. ඕනෑ එකක් ගන්න පුළුවන්, ඒ point එකේ දී. හරි ම ශාන්තයි. බොහොම ප්‍රබල භාවනාවක්.
ඒක තමයි මං කරපු භාවනාව.